මහත්තයො
මෙච්චර කල්
මට දැනුනේ
මගේ ජීවිතය
කළුවර රාත්‍රියක් කියලා
ඒක කවදාවත් ම
ඉවර වෙන්නෙ නැති
අන්ධකාරය විතරක් ම
පුරව ගත්ත
අමාවක රාත්‍රියක් කියලා
ඒ රාත්‍රිය අහවර වෙලා
හිරු රැස් වැටේවි
මල්පෙති දිග හැරේවි කියලා
බලාපොරොත්තුවක්
මට තිබුනෙ නැහැ
මහත්තයො
මගේ තනියට උන්න
මේ යහන කියාවි
මේ රාත්‍රිය පුරාවට ම
මං මගේ යහන
කාත් එක්කවත් ම
බෙදා ගත්තෙ නැහැ කියලා
ඒත් අද
පළවෙනි වතාවට
හදවතේ නහරවලට
ලේ කාන්දු වෙන රිද්මය
මට ඇහුනා
මහත්තයා දැන් යන්න
එළිය වැටිලා හොඳට ම
තරහ වෙන්න එපා
මට සල්ලි එපා මහත්තයො
මට මගේ ශරීරයට
මිලක් නියම කරන්න පුළුවන්
ඒත්...