වින්ධ්‍යා කඳු මත
රාමගිරි අසපුවට
නික්ම ආවෙමි
අලක පුරයෙන්
සන්ධ්‍යා වලා අත
ප්‍රියාදර සොඳුරියට
ලියා යැව්වෙමි
කඳුළ කවියෙන්
තවත් නැහැ පිළිතුරක් !
වැරදුණාවත් ද පාර
මතකයෙන් ගිලිහුණි ද
මං ලකුණු
හිමවතට මීදුම ද
කෛලාසයට ඝන වැසි ද
පවසන්න මා මිතුර
කොයි වෙද් ද මා සොඳුර
මගේ කුසුම
තනියෙන් ද
බිඟු සෙන්
ගැවසෙද් ද
වැළපෙමින්
සැතපෙද් ද
කුසගින්නේ
මියයද් ද
තවත් නොතකමි
කුවේර අණ
අද ම යමි
රාමගිරියෙන්
තවත් නොරැඳෙමි
සොඳුර ගෙන
පිටව යමි
අලක පුරයෙන්
සොයා යමි
පීඩිත අපට
කොහේ හෝ
ලොවක් ඇත
මොබයිල් ෆෝන් එකක් නැතෙයි....
ReplyDeleteදැන් කාලේ වගේ නම් අවුලක් නැහැ.
Delete