මටත් අවශ්‍ය යි
නිදහස සොයා යන්න
සම්ප්‍රදාය බිඳ ගත්
නො හික්මුණු
හිපි රැලක් එක්ක
මධුවිතින්
සප්පායම් ව
සත්සරින්
කුල්මත් ව
රමණයෙන්
මුසපත් ව
ජීවිතය
ආස්වාදනය කරන්න
සංස්කෘතික සාගරයෙන්
සදාචාර බැම්මෙන්
එහා කොදෙව්වක
ගිමන් හැර එන්න
මටත් අවශ්‍ය යි
එහෙත්
ආදරයේ ගිම්හානය
මගෙන් ඈතයි
සදචර බමන
ReplyDeleteඑහ කදවක....grate mchn..
තෑන්ක් යූ සුමියා
Delete