මධුවිත බඳුනක මිහිරට වහල් ව
මේ දිවි ගමන ම ගත වී යයි
දහසක් තැන්වල සක්මන් කළ’මුත්
සිත් සේ වසනට නවාතැනක් නැත
අන්ධකාරයෙන් පිය වී ගිය නෙත්
කණාමැදිරි එළි දහසක පැටලෙයි
මනසින් උමතු ව සඳකැන් විඳි’මුත්
නිහඬ ව කරු කැට සැඟ වී ඇත
ගිම්හානයෙන් පර වී ගිය මල්
දිය සිඳුණු තුරු පතරක මියැදෙයි
සිහිනෙන් අවදි ව විමසන’මුත්
වස්සාන පෙම අහිමි ව ඇත
No comments:
Post a Comment