කම්තුරු පහසෙන්
නිරුවත් කල්බඳ
රිද්මෙන් සැලෙනු පෙනේ
උඩුකුරු කළ වත
දාහෙන් පෙඟෙනු පෙනේ
නිසසුරු දෙතොලෙන්
පියොවුරු තිසරුන්
පින්නෙන් තෙමෙනු පෙනේ
අබිසරු අඟනුන්
රාගෙන් රඟනු පෙනේ
පිවිතුරු ලිහමින්
විසිතුරු රුසිරුන්
තැල්ලෙන් මිදෙනු පෙනේ
නිසයුරු රහසින්
අහසෙන් බසිනු පෙනේ
ලස්සනයි. සමාජයේ තවත් උප සංසකෘතියක්.
ReplyDelete- ප්‍රියා.
ස්තුතියි. ඔව් එක්තරා දුරකට උප සංස්කෘතියක් කියන්න පුළුවන්. හැබැයි අපි ජීවත් වෙන සංස්කෘතියට ම අයිති.
Deleteසුලභ මාතෘකාවක් වෙනස් ශෛලීයකින් ලියැවුනු අපූරු නිර්මාණයක් !
ReplyDeleteබොහො ම ස්තුතියි කමෙන්ටුවට. ඔව් පළවෙනි කවියේ රිද්මයට ම වචන පෙළගස්වන්න උත්සාහ කරපු නිසා වෙන්න ඇති අපූර්වත්වයක් එකතු වුනේ.
Delete///නිසසුරු දෙතොලෙන්
ReplyDeleteපියොවුරු තිසරුන්
පින්නෙන් තෙමෙනු පෙනේ
අබිසරු අඟනුන්
රාගෙන් රඟනු පෙනේ/////
මෙතන රාගෙන් "රඟනු" පෙනේ කියන එකේ "රඟනු" හොඳ අර්ථයක් ගේනවා ඔබේ නිර්මාණයට.
බොහොම ස්තුතියි අගය කිරීමට
Delete