එ දවස නුඹට මතක ද
බේරේ වැව පිස හමන සිසිලස
බේරේ වැව පිස හමන සිසිලස
ඉඳ හිට ඇහෙන
කාක් රෑන්වල කිචි බිචිය
එක එක සෙවනැලි ඇන්ද
කොට්ටං තුරු සෙවන
ග්‍රීෂ්මෙන් මිදෙන්න
වැව් පතුළෙ කිමිදෙන දියකාවුන්
ඈතට හරි අපූරුවට පෙනෙන
වැව් මැද්දෙ සීමා මාලකේ
සිමෙන්ති බංකුවක් උඩ
අත්වැල් පටල ගත්ත
පෙම් යුවළ
එ දවස නුඹට මතක ද
No comments:
Post a Comment