කලකට ඉහත
විසල් ගසක් ව
නුඹ
හිඳින්නට ඇත
සුවඳැති
මල් පිරිවරා
රස ඇති
ඵලවැල දරා
නෙතට
හරිත පැහැ
අඳුනක් ව
ලොවට
සෙවන දෙන
නිවසක් ව
අතු ඉති
බිඳී ගොස්
කොළ පත්
හැළී ගොස්
අක් මුල්
සිඳී ගොස් ය
අද
කලකට ඉහත
විසල් ගසක් ව
නුඹ
හිඳින්නට ඇත
අරුමයක් නොව
ReplyDeleteමෙයයි සත්‍යය,
නමුදු
තවත් එක් ගසක්
හෙට දින
ගනී නුඹේ තැන
සහතික ව ම කැස්පර්
ReplyDelete