තාත්තා ලෙඩ අැඳට වැටුණ දවසෙ
ගෙදර උළු වහලෙ ඉඩැති තැන්වලින්
වතුර බිංදු ඵක දෙක වැස්ස දවසට
ගේ අැතුළට ඵබිකම් කරයි දැන්
හුණු ගාපු බිත්තිවල පතුරු ගැලවෙයි
සායම් පාට මැකිලා දුහුඹුල් බැඳෙමින්
අම්මා දෑවැද්දට ගෙනා තේක්ක ලී
මහ විසල් අල්මාරිය පහුරයි වේයන්
වත්තෙ තිබ්බ රෝස මල් පාත්තිය
මැලවිලා කුරුලු රංචුත් කොහෙද ගිහින්
වල් පැලෑටි පොඩි කර ගෙන ඵ්ත්
අම්මා නැගෙයි රූස්ස ගහක් වෙමින්
No comments:
Post a Comment