යාල් දේවි දුම්රියේ
ඉදිරිපස අසුනකට වී
මම බලා සිටියෙමි
ඇය එන තෙක්
සාවිත්‍රි
මට මුණගැහුණේ
මීට කාලයකට ඉස්සර
උප්පැන්න රෙජිස්ටාර් කන්තෝරුවේ දී
කැඩි කැඩි වුණත්
හොඳින් සිංහල බස උසුරවපු
ඇගේ ලාලිත්‍යය
මගේ සිත ගත්තා
එ අපි දෙන්නගෙ
මුල් ම හමුවීම
දරුවගේ උප්පැන්නෙ වැඩවලට
රජයේ කන්තෝරුවට
ගාටන්න වුණත්
එ තෙහෙට්ටුව
සාවිත්‍රිගේ ඇස් ඇතුළෙ
මං දිය කර හැරියා
දවස් කිහිපයක් තිස්සේ
මතු වෙමින් තිබුණ
ආදර උල්පතේ සීතල
එක දවසක්
හදවතේ බිත්ති ඇතුළට
කාන්දු වෙමින්
සිරුරෙ ම උණුහුම නිව්වා
එ වෙද්දි
කොටුව ස්ටේෂම
පහු කර ගෙන
යාල් දේවිය
ඉදිරියට ඇදී තිබුණා
No comments:
Post a Comment