ඉරිදා පොළේ
මාළු ලෑල්ලේ
ගුණවතී
ආදරේට
කවුරුත් ඈට
කිව්වේ
මාළු අක්කා
වෙළඳාම
හින්ද ම
ගොරහැඩි වෙච්ච
කටහඬ යි
උන්දැගෙ
බුලත් කහට බැඳිච්ච
දත් පෙළ යි
ඉරිදා පොළට
යන එන
උදවියට
බොහො ම පුරුදු යි
දවස
තිස්සෙ ම
සාලයො
කෙලවල්ලො
කුන්ඩලාවො
එක්ක
පිලී ගඳ ගහන
මාළු අක්කගේ
ජීවිතයට
සුවඳ අරන්
ලොකු කෙලී
ශිෂ්‍යත්වෙන්
ඉහළ ම
ප්‍රතිඵල ගත්තා
ඒකි ව
සිදාදියේ
ඉස්කෝලෙකට
දාගන්ඩ ඕනැ
පොළට ගොඩ වන
කාත් එක්කත්
උන්දැට
තිබ්බෙ එක ම
කාරණාවක්
ඒකි
දවසක
මේ කරදිය වැල්ලෙන්
එතෙර කරයි බං
අපි ව
No comments:
Post a Comment