පුරුද්දට වගේ
තවමත් මම
මිදොරියට ගොඩ වෙනවා
බාග වෙලාවට
සකෙ උගුරක් දෙකක්
එක හුස්මට
බී ගෙන යනවා
එ වෙලාවට
නහර දිගේ
ගලා ගෙන යන්නේ
අමුතු සුවඳක්
හේමන්ත ඍතුව
නික්මෙන්න හැර
අපි ඇවිද ගියා
මතක ද අසකුසා වීදිවල
කළු වලාකුළුවලට යටින්
නියෝන් එළි
දැල්වෙමින් තිබුණා
එ හැම දවසක ම
අපි කොයි තරම්
සමීප ව උන්න ද
ඒත් අපි අතර තිබ්බ
සංවර කම
තොල්පතක උණුහුම
මනසින් වත්
නො විඳි වග
අපට සහතික යි
එ හැම රාත්‍රියක ම
සීත කාලෙක
එළියට ඇවිත්
සකුරා මල් පිපෙන හැටි
දැක ගන්න
කොයි තරම්
පෙරුම් පිරුව ද අපි
ඒත්...
අපි දුරස් වෙන්න
දුරස් වෙන්න
තව තවත්
සමීප වුණා
නො වෙ ද
නොරිකො
මේ...
නුඹට දැනෙනව ද
මළගිය ඇත්තන් අතරේ
අපි තවම හුස්ම ගන්නවා
ඉතින් වසන්තය වුණත්
ආයෙමත් ඒවි
සකේ කියන්නෙ මොන වගේ බීමක්ද කියලා අදහසක් නැහැ අරක්කු විස්කි බ්‍රැන්ඩි වගේ එකක්ද? නැත්තං බියර් වැනි එකක්ද?
ReplyDeleteපොතේ තියෙන්නෙ බත් වලින් සාද මධු වර්ගයක් කියල..
Deleteඔව් පොතෙන් තමයි මාත් එ අදහස ගත්තේ... සකේ කියන්නේ බත්වලින් හදන මධු පානයක්
Delete