සරත් ඍතුවේ එක් ඉමක
නිශා යාමයේ වෙරළ මත
අපි ඇන්ද දහසකුත් කුරුටු
රළ ඇවිත් ගසා ගෙන යද්දි
ආදරේ උණුහුම විතරක් ම
වැලි කැට අතර රැඳෙන්නැති
දියඹ කෙළවර ක්ෂිතිජ ඉම
හිරු ගිලෙන කල අඳුරු කර
ජල තලය මත කිරණ හෙළු
සීතල ම සියොලඟ එතෙද්දි
නුඹේ උණුහුම විතරක් ම
ළයේ හිස්තැන් සොයා ඇදෙන්නැති
විසල් ලා කළු අහස යට
හුදෙකලා පෙම්වතුන් ලෙස
වදන් මුව අග අගුළු ලා
හිරිකඩින් ගත කිලි පොළද්දි
දෙතොල් උණුහුම විතරක් ම
වෙරළ මත හැපෙමින් දැනෙන්නැති
සොඳුරු නිර්මාණයක්
ReplyDeleteගොඩක් ස්තුතියි සදරු
Delete