නිරාමිෂ අරණක
දැහැන් වැද හුන්
බවුන් සිත
ගිමන් හැර
එමු යි කියා
අරන් දුර
නුඹ යි ගියේ
තුරු වදුලු මැද
විරාගී ව පියා උන්
දෙනෙත් මත
අඳුන් රස
නුඹ යි
තැවරුවේ
තරු පොකුරු යට
නිසංසල ව උන්
දෙතොල් මත
සඳුන් සුව
නුඹ යි
තැවරුවේ
කාමයට ප්‍රිය
ප්‍රාණියකු කොට
ප්‍රේමයේ ගන්ධබ්බ හිත
මරා දැම්මේ ද
නුඹ යි
සොඳුරිය
No comments:
Post a Comment