එදා මහ වැහි මැද
මල් දෙවැටට මැදි වෙච්ච
හතරැස් ගල් අල්ලපු
මාවත දිගේ කුඩේ යටින්
අපි අඩිය තිබ්බෙ එකට ම
කුඩේ ඈතට කරල
වැස්සට මාව තෙමද්දි
ඔයාගෙ කෝල කමට
සීතල කොහේ ගියා ද මන්දා
වැස්ස තුරල් වෙන්න කියල
කවුරුත් ම වගෙ පෙරුම් පුරද්දි
අපි වැස්සට ලෝබ කම් කළේ
එ වෙලාවට උණුහුම වැඩියෙන්
දැනෙන නිසා වෙන්න ඕන
හැමදාම වැස්සෙ නැතත්
ඉඳහිට මල් දෙවැට මැදින්
ඇවිද ගෙන යද්දි
එ උණුහුම අදටත් එ ලෙස
දැනේනෙ මට විතරක් ද මන්දා
No comments:
Post a Comment