සැළමුතු දෙනෙතක් දැකගනු රිසියෙන්
ජීවන මාවත සක්මන් කරනෙමි මම
දහසක් නෙත්සර මඟහැර වසන්තයේ
වනමල් කැකුළක් සිපගනු රිසියෙන්
හද කුටියේ දොරගුළු හරිනෙමි මම
බිඳිමින් බඹසර සංවර වසන්තයේ
හදවත් දෙතැනක් එක්වනු රිසියෙන්
ප්‍රිය ළඳුනේ තුරුළට ගන්නෙමි මම
නිවමින් ළැමහස සරතැස වසන්තයේ
No comments:
Post a Comment