වසන්තයේ එක් ඉමක
නුඹ මුණ ගැසෙනා තුරු ම
ආදරය ගැන අංශු මාත්‍රික
සංවේදනයක් වුව
නො දැනී තිබුණා පුදුම ය
හැකි නම් අදහන්න
හෘදයේ කුටීර වෙත
එ තෙක් රුහිරු පමණක් ය
ගලමින් තිබුණෙ
දැන් ආදරය ද උණුහුම් ව
ගලා යන හඬ ඇසේ
ඉන් ප්‍රාණවත් වන සියොළඟ
පැතිරේ වසන්තයේ මිහිරියාව
ඉතින් හුදෙකලාව අතහැර
නුඹෙන් ජීවන සුව විඳිමි
No comments:
Post a Comment