නුවන් දහසක් අතර පටැලී
සරසවි මාවත් දිග සැඳෑවක
පියමන් කරන සඳ නුඹ
සවන් පත් අද්දරට ළං වී
ආදරෙන් කොඳුළ එ වදන
අදත් ම'වෙත මිහිරික් ගෙනේ
මිහිරිය
එ තැන් පටන්
ප්‍රේමයේ ස්නිග්ධ බව
දැන හැඳින ගතිමි මම
එහි හැඩය එහි පැහැය
හඳුනා ගතිමි මම
ඉසියුම් ම තැන්
ආදරෙන් වැළඳ ගතිමි
දිවි ඇති තුරා රැක ගනිමි
ඔව්! ප්‍රාණය හා සම ව
නුඹ රැක ගනිමි
මිහිරිය
No comments:
Post a Comment