දුරුතු මහෙ එක සැඳැවක් යට
හුදෙකලා දොළපාරක් අසබඩ
අපි ආදරය ගැන ඇන්ද සිතුවම
මතක ද නුඹට එහි පාට තව ම
ඈතට විහිදෙන විසල් කඳු වැටිය
එ මතින් නැඟ එන හිරු තැටිය
කහ පැහැය නො ව රත් පැහැය
විය යුතු බව පැවසුවෙ නුඹ ය
කාලෙකට පසු නුඹ ම සඳවත
ඉනික්බිති නැඟෙන හිරු වෙත
රත් පැහැය නො ව කහ පැහැය
අවැසි බව කීව ද දැන් ප්‍රමාදය
No comments:
Post a Comment