ඇගේ සුළැඟිල්ලක තනි මුදුවකි
සිරුරටම ඇළලී තිබුණ
දුහුල් ලාරතු කෙටි ගවුමකි
ඉස්තරම් සුරුට්ටුවකින්
දෙතොලතරින් මිදුණ
දුම් වලාවක් මැද නිතර
බරසාර කතාවක නිරත වන
ස්ත්‍රිවාදි
නිදහස්කාමි
ගැහැනිය
අනෙක් අය
ඇය ව
වටහා ගත්තේ
එලෙස ය
ඇයට ආදරය කළ අය
ඇය වටා ආදරය කළා
ඇය නුදුටු ආදරයක
ඇය නැති ව තනි වුණා
නුතනවාදය එතැනින් එහාට
අන්තවාදය කොතැනින් කොහාට
වාමාංශය ය සාරාංශය හැම විට
ඇය කතා කළේ ඒ දේවල් ය
උදෑසන ඇය කිසිදික දැක නැත
රාත්‍රිය බොහෝ දිග ය ඇයට
පොත්පත් කියවන එක
සිනමාපට නරඹන එක
විනෝදෙකි ඇයට
එහෙත් එවන් බොහෝ කලාකෘති
දුරවබෝධ ය බොහෝ දෙනකුට
සංවාද විසංවාද මැද
ඇතැම් විට රැය පහන් වීම ම
සිහිනයකි
ඇය වටා ඇතැම් අය විවාහක වූ අය
නැතිනම් ප්‍රේමයක ඇළලුණ අය
ප්‍රේමයක් විමසන අය
ඒ අතර තවත් අය
ඇයට ප්‍රේම කළ අය
නැතිනම්
ඇය සමග ප්‍රේමයක ඇළලුණ අය
එසේත් නැතිනම්
ඇයට
මගහැරෙන
මගහැරුණ
මගහළ
මගහැරෙන
මගහැරුණ
මගහළ
ඇය මගහරින
ප්‍රේමය
විමසන අය
No comments:
Post a Comment