මමත් නුඹ මෙන් ම
මේ වසත් කල
උදා වන තෙක්
බලා උන් වග ඇත්ත
එහෙත් නුඹ විඳින
ඒ වසන්තෙ ම
සුවඳ දෙන අතර
පර ව යන මල්
මම දුටිමි
ගී ගයන උන් අතර
ගොළු ව ඉකි බිඳින
විහඟුන්ට
කන් දුනිමි
ඉතින් නුඹ විඳින
වසන්තය වුව දිනක
නිමා වන බව
දැන ගතිමි
දැන් මම
වසන්තයට ගත වන්න
ඉඩ දෙමි
නිමාවක් ම සොයා
No comments:
Post a Comment