හිම කැට කෙමෙන් දිය වී
පෙණ පිරී ඉතිරෙන
බීර බඳුනක රස
තොල ගෑවෙමි
ඉනික්බිති
මත් ව ගිය මනසින්
යහනට වැදී
අඩ නින්දේ හිඳින විට දි ය
නුඹ අැවිත් නෙත් මත
අැන්දෙ ඵ සුන්දර චිත්‍රය
ඉතින් ඵ කෙසේ ද යත්
සොඳුරිය
පියාපත් විදා
නිසල දිය සසල කොට
දිය රැළිති නංවා
ඉගිලෙන්න සැරසෙන
රණහංස යුවළකි
මණිපත්‍ර ලිහා
සිනිඳු කෙමි විවර කර
මකරන්ද උතුරා
සුපිපෙන්න සැරසෙන
තාමරස කුසුමකි
කෙමෙන් මත් බව පහව යද්දී
ස්වප්නයක මා
අතරමං වුණ බව පසක් විණ
No comments:
Post a Comment