අහස උස යන්න උස යන්න
සිහින අපෙන් අෑතට යනවා
ජීවිතය එවිට දැනෙන්නෙම
මිරිඟුවක් යැයි මොහොතක
හදවත පමණක් සෑහෙන්න
විමසුමක් අැත එ් තුළ එයට
හංගන්න බැහැ කාටවත් ම
අැනෙනවා අැත්ත රිදුමක්ව
කිත් පැසසුම් කොපමණක
මල් පැළඳුම් අවැසි නෑ මට
හෙමින් යා යුුතු ය එම මග
ඉතින් කලබලයක් කුමටද
Wednesday, February 28, 2018
මිතුරු බිතු සිතුවම්
යන්න පෙර බොහෝ ගමන්
උඹ නැති නිසා ඉස්සර වගේ
හිත අදිමදි කළා මචං ඊයෙත්
මතකය අයිති
අතීතයට නොවන බව
මේ මොහොතෙ උඹ නැති අඩුව
දැනුණු ගොඩක් උන්
එතැන හිටියා
මිතුරු බිතු සිතුවම්
මතක පිටු පෙරළමින්
අඩියක් ගහමු අායෙත්
උඹ නැති නිසා ඉස්සර වගේ
හිත අදිමදි කළා මචං ඊයෙත්
මතකය අයිති
අතීතයට නොවන බව
මේ මොහොතෙ උඹ නැති අඩුව
දැනුණු ගොඩක් උන්
එතැන හිටියා
මිතුරු බිතු සිතුවම්
මතක පිටු පෙරළමින්
අඩියක් ගහමු අායෙත්
කෙටි පරතරය
බොහෝ වෙහෙසකර ය මේ මග
එකිනෙකා නොරුස්සුනා තරමට
කෙටි පරතරයක් අැත හොඳට ම
මහා මේඝයක් වී හැම වනසන්න
තරගයෙ දී මා හැම විට ම පරාද ය
කිසිවකු හෝ එහි පරාජිත විය යුතු විට
වෙතොත් යම් දිනුමක් සැමට එක ලෙස
එවන් තැනකට කැඳවන්න මා සිත
කාලය අවනඩුවක් ය බොහෝ විට
නොදී පිළිතුරු පැන යයි රහසින් ම
ඉතිරි වී අැති ටික කාලය සෑහෙන්න
ජීවිතය නැවත කියවිය යුතු නොවෙ ද
එකිනෙකා නොරුස්සුනා තරමට
කෙටි පරතරයක් අැත හොඳට ම
මහා මේඝයක් වී හැම වනසන්න
තරගයෙ දී මා හැම විට ම පරාද ය
කිසිවකු හෝ එහි පරාජිත විය යුතු විට
වෙතොත් යම් දිනුමක් සැමට එක ලෙස
එවන් තැනකට කැඳවන්න මා සිත
කාලය අවනඩුවක් ය බොහෝ විට
නොදී පිළිතුරු පැන යයි රහසින් ම
ඉතිරි වී අැති ටික කාලය සෑහෙන්න
ජීවිතය නැවත කියවිය යුතු නොවෙ ද
සුහුඹුල් අතැඟිලි
කුඩා බිළිඳියක ළඟ
ඉසියුම් බස් දොඩන එක
මොන තරම් අපූරු ද
විඩා පිරි දිවිය එවිට
සුහුඹුල් අැගේ අතැඟිලි අතර
ගෙවී යයි නොදැනි ම
උපේක්ෂාවේ නෙත්සරය
සිනහවකින් එබෙන කල
සිහිකරයි මා මනස එකවර
ඉන් එපිට මහ මග
අපමණ තරගයකි හැම විට
හෙට දවස අැය ද අා යුතු
ඉසියුම් බස් දොඩන එක
මොන තරම් අපූරු ද
විඩා පිරි දිවිය එවිට
සුහුඹුල් අැගේ අතැඟිලි අතර
ගෙවී යයි නොදැනි ම
උපේක්ෂාවේ නෙත්සරය
සිනහවකින් එබෙන කල
සිහිකරයි මා මනස එකවර
ඉන් එපිට මහ මග
අපමණ තරගයකි හැම විට
හෙට දවස අැය ද අා යුතු
අෑ සිනාසෙන විට
අෑ සිනාසෙන විට
මා දෙතොල මතුරයි
ඉමිහිරිතම සෙත්කවිය
අාදරය යැයි නම් කරන
විටෙක මා තුළ
වැඩෙයි සර්පයෙකු
බොහෝ ළෙන්ගතු
අැය හා සමීප ව
ප්‍රේමයෙන් අැළෙන
තව විටක පෙන නගා
වියරු වෙයි සිතුවිලි දරණ
අරණක් ය මේ ගැටුම
ජීවන තුඹස ගොඩනගන
අැතුළතින් දිනක
බිඳහෙළිය යුතු
එවිට වියෝගය නම්
සන්තාපය නැතැ යි
අැය ම කියනු අැත
නිරාමිස ලෙස සිනාසී
එවිට අෑ මා
වැළඳ ගනු අැත
සදහට
දැන දැන ම
මා නැති වග
මා දෙතොල මතුරයි
ඉමිහිරිතම සෙත්කවිය
අාදරය යැයි නම් කරන
විටෙක මා තුළ
වැඩෙයි සර්පයෙකු
බොහෝ ළෙන්ගතු
අැය හා සමීප ව
ප්‍රේමයෙන් අැළෙන
තව විටක පෙන නගා
වියරු වෙයි සිතුවිලි දරණ
අරණක් ය මේ ගැටුම
ජීවන තුඹස ගොඩනගන
අැතුළතින් දිනක
බිඳහෙළිය යුතු
එවිට වියෝගය නම්
සන්තාපය නැතැ යි
අැය ම කියනු අැත
නිරාමිස ලෙස සිනාසී
එවිට අෑ මා
වැළඳ ගනු අැත
සදහට
දැන දැන ම
මා නැති වග
මිනිසෙක් වූ සෝපාක
නෙක පැහැ විදුලි බුබුළු සවිකර
සැනකෙලි වෙස් ගත් මෙපුරවර
පුරසඳ සදිසි ව ගුවන පොබකර
එසඳ කොහෙද දුරැලු ව කලුවර
සැදැහැත් දන සාධු නද නංවා අැසි
තරගයට මෙනි උනුන් පරදන රිසි
පෙරමග ලකුණු වූ බුදුවරු අටවිසි
සෝපාක ළඟ අපුල ය කියනු නිසි
සංසාර බිය ගර්හාව නො ව
චණ්ඩාල වුව මිනිසෙක් ය
සුවඳ විලවුන් ගැල් වූ උවැසියන් අතර
දම් අැසුම අකැප සෝපාක පිටමං කර
එක තැනක දම් දෙසුමෙ මැද වී නතර
සංසාරය ම අපුල බව දෙසයි එහිමිවර
එක පැහැයකි විදුලි බුබුළු සියල්ල ම
දිවි සමය අවසන පිළිස්සී යයි නිවී ම
එ විට ගන අඳුර විනිවිද දකී නම් මම
ගනඅඳුර ද නොරැඳ යනු අැත නිවී ම
සංසාර බිය ප්‍රහීණ කළ
ගෞතම ව හැඳින ගත්තේ
මිනිසෙක් වූ සෝපාක ය
සැනකෙලි වෙස් ගත් මෙපුරවර
පුරසඳ සදිසි ව ගුවන පොබකර
එසඳ කොහෙද දුරැලු ව කලුවර
සැදැහැත් දන සාධු නද නංවා අැසි
තරගයට මෙනි උනුන් පරදන රිසි
පෙරමග ලකුණු වූ බුදුවරු අටවිසි
සෝපාක ළඟ අපුල ය කියනු නිසි
සංසාර බිය ගර්හාව නො ව
චණ්ඩාල වුව මිනිසෙක් ය
සුවඳ විලවුන් ගැල් වූ උවැසියන් අතර
දම් අැසුම අකැප සෝපාක පිටමං කර
එක තැනක දම් දෙසුමෙ මැද වී නතර
සංසාරය ම අපුල බව දෙසයි එහිමිවර
එක පැහැයකි විදුලි බුබුළු සියල්ල ම
දිවි සමය අවසන පිළිස්සී යයි නිවී ම
එ විට ගන අඳුර විනිවිද දකී නම් මම
ගනඅඳුර ද නොරැඳ යනු අැත නිවී ම
සංසාර බිය ප්‍රහීණ කළ
ගෞතම ව හැඳින ගත්තේ
මිනිසෙක් වූ සෝපාක ය
ගඟ ගුරු පාර වැව
ගඟත් ගුරු පාරත් බොහෝ දුර එක් ව අා බව දැන සිට, අතරමග ගඟ ගුරු පාර අතහැර වැවක් ළඟ නතර වූ බව දැන ගත් මීන රැළ ගඟ අමතා කී කවක්:
ගඟ ගලන්නේ හැමදාමත්
ගුරු පාරට සමාන්තර ව ය
නුඹ කියනවා දැඩි ලෙස
ඉස්සර අපි අහද්දිත්
ගඟට ගුරු පාර මගහැරෙන
ඉසව්වක් ගැන
පෙළක් විට මෙහෙම දෙයක්
ගුරු පාර එකවර හැරෙනවා
වෙන දිහාවක ගඟ තනිකර
මෙතැන එහෙම නෙවෙයි
ඉතින් ගුරු පාර වැරදි නැහැ
ගුරු පාර හා ගලා යන බව
වදන් දුන් ගඟක් නො නැවතී
වැවක් ළඟ නතර වන විට
එය නොවරදින බව හිතන එක
මං මුලාවක් මග හැරීමක්
ගඟ ගුරු පාර වැව
ඉතින් දුක්බර කථාවක්
ගඟ ගලන්නේ හැමදාමත්
ගුරු පාරට සමාන්තර ව ය
නුඹ කියනවා දැඩි ලෙස
ඉස්සර අපි අහද්දිත්
ගඟට ගුරු පාර මගහැරෙන
ඉසව්වක් ගැන
පෙළක් විට මෙහෙම දෙයක්
ගුරු පාර එකවර හැරෙනවා
වෙන දිහාවක ගඟ තනිකර
මෙතැන එහෙම නෙවෙයි
ඉතින් ගුරු පාර වැරදි නැහැ
ගුරු පාර හා ගලා යන බව
වදන් දුන් ගඟක් නො නැවතී
වැවක් ළඟ නතර වන විට
එය නොවරදින බව හිතන එක
මං මුලාවක් මග හැරීමක්
ගඟ ගුරු පාර වැව
ඉතින් දුක්බර කථාවක්
සොයුරුවැලිකැට
රළ අතර ගැටෙන සොයුරුවැලිකැට
හැර නොයති සයුරු තෙර කිසිදිනක
හිරු ගිලෙන සවසක තනියට තව ම
ඉකිබිඳින බෙලිකටුව පමණි රැඳුණෙ
නිහඬ නිසසල වටපිටාවකි මා අවට
සිතුවිලිපවන එහෙත් අද කලබල ය
දුර අැදෙන නෞකා දෙස දුක්මුසු ව
හෙළූ බැල්මය පහන්කන්දක මුදුන
ගල්පරය කිරි පෙණ අතර කිමිදෙන
කරදියට මිරිදිය එක් වන ඉසව්ව ය
සඳ එළිය මත්තෙ ම හැපෙන තරඟ
සොඳුරු හැඩරුවකි අැයට ම ඔබින
සඟවා ගෙන සයුර ඉපැරණි දෙබස්
ගැඹුරුතම තැනක දරා ගෙන රහස්
සිනාඅැස් පෑ මීන රැළටත් හොරෙන්
කඳුළු අහුරගෙන ඉන්න හැටි කියන්
හැර නොයති සයුරු තෙර කිසිදිනක
හිරු ගිලෙන සවසක තනියට තව ම
ඉකිබිඳින බෙලිකටුව පමණි රැඳුණෙ
නිහඬ නිසසල වටපිටාවකි මා අවට
සිතුවිලිපවන එහෙත් අද කලබල ය
දුර අැදෙන නෞකා දෙස දුක්මුසු ව
හෙළූ බැල්මය පහන්කන්දක මුදුන
ගල්පරය කිරි පෙණ අතර කිමිදෙන
කරදියට මිරිදිය එක් වන ඉසව්ව ය
සඳ එළිය මත්තෙ ම හැපෙන තරඟ
සොඳුරු හැඩරුවකි අැයට ම ඔබින
සඟවා ගෙන සයුර ඉපැරණි දෙබස්
ගැඹුරුතම තැනක දරා ගෙන රහස්
සිනාඅැස් පෑ මීන රැළටත් හොරෙන්
කඳුළු අහුරගෙන ඉන්න හැටි කියන්
අඳුර හා බැඳුණ රාත්‍රිය
අඳුර හා බැඳුණ රාත්‍රියක
සීතලට ගුලි වෙන හැටි තරම්
සොඳුරු සිතුවමක් තව
අැඳී නැති ව අැති
සිත්තරකු අතින් වෙන
අඳුර තුළ ගිලෙන තනිකම
අැසට අැති තරම් කඳුළු එන එක
දැනුණ තව අැසක් අැත් නම්
අඳුර මැද එය ය මේ ලොව
දීප්තිමත් ම තරු අැස
අඳුර ළඟ හෙමින් මුමුණන
නිහඬ සුසුමක හඬ ය මිහිරි ම
එවිට සිත එළි කදම්බයකි
කනාමැදිරියකුට පාර පෙන්නන
නොරැවටී යන්නට
අඳුර තරම් හිත පිරිමදින
වෙනත් පැහැයක් නැත මෙහි
එය ම පමණ ය එළිය අපමණ
හිතක් තව හිතක් ළඟ හෙමින්
නතර කළ හැකි
සීතලට ගුලි වෙන හැටි තරම්
සොඳුරු සිතුවමක් තව
අැඳී නැති ව අැති
සිත්තරකු අතින් වෙන
අඳුර තුළ ගිලෙන තනිකම
අැසට අැති තරම් කඳුළු එන එක
දැනුණ තව අැසක් අැත් නම්
අඳුර මැද එය ය මේ ලොව
දීප්තිමත් ම තරු අැස
අඳුර ළඟ හෙමින් මුමුණන
නිහඬ සුසුමක හඬ ය මිහිරි ම
එවිට සිත එළි කදම්බයකි
කනාමැදිරියකුට පාර පෙන්නන
නොරැවටී යන්නට
අඳුර තරම් හිත පිරිමදින
වෙනත් පැහැයක් නැත මෙහි
එය ම පමණ ය එළිය අපමණ
හිතක් තව හිතක් ළඟ හෙමින්
නතර කළ හැකි
කඳුළ කියා දෙන පාඩම
හැඬුම් දෙන අැසගින්
අැදහැළෙන විට
සිනහ කැන් දෙතොල් තල්
සිඹින විට
කඳුළ නුඹ අපට
කියා දෙන පාඩම
මොන තරම් අපූරු ද
අැදහැළෙන විට
සිනහ කැන් දෙතොල් තල්
සිඹින විට
කඳුළ නුඹ අපට
කියා දෙන පාඩම
මොන තරම් අපූරු ද
පරණ දියකඩිත්ත
මතක ද ඉස්සර දවස්
ඔය ඔතැන
ඉස්සරහ තිබුණ
පරණ දියකඩිත්ත
මතක ද
එක පේළියට සීරුවට
දිය බොන්න ඉගිල එන
සුදු කොක්කු රෑන
අනේ උන්
කොහේ යන්න අැද්ද
අැයි මාළුවෙක් ඩැහැගත්ත
තනි කොකෙක් මතක ද
උජාරුවෙන් පියාඹපු හැටි
උෟත් දැන් වයසට
ගිහිල්ල අැති මං වගෙ ම
ඉතින් ඔයා
කොහොම ද
ඔච්චර ම තරුණ තාම
තනියෙන් ම ඉඳල
නියඟයට වැස්සට පෙළෙන
මහලු ව රැළි වැටුණ
කොච්චර දියකඩිති අැද්ද
මේ පොළොවෙ
ඔයා වගෙ ම
ඉතින් එ්ක ද
අැත්තට
තරුණ වෙන රහස
ඔය ඔතැන
ඉස්සරහ තිබුණ
පරණ දියකඩිත්ත
මතක ද
එක පේළියට සීරුවට
දිය බොන්න ඉගිල එන
සුදු කොක්කු රෑන
අනේ උන්
කොහේ යන්න අැද්ද
අැයි මාළුවෙක් ඩැහැගත්ත
තනි කොකෙක් මතක ද
උජාරුවෙන් පියාඹපු හැටි
උෟත් දැන් වයසට
ගිහිල්ල අැති මං වගෙ ම
ඉතින් ඔයා
කොහොම ද
ඔච්චර ම තරුණ තාම
තනියෙන් ම ඉඳල
නියඟයට වැස්සට පෙළෙන
මහලු ව රැළි වැටුණ
කොච්චර දියකඩිති අැද්ද
මේ පොළොවෙ
ඔයා වගෙ ම
ඉතින් එ්ක ද
අැත්තට
තරුණ වෙන රහස
රාත්‍රිය
අලුයමට
බොහෝ සමීප ව
පියන් පත් හැර
කවුළුවෙන් එපිට
එබී බැලුවෙමි
රාත්‍රිය
නො දොඩා ම
නො පමා ව
නික්ම යන හැටි
බොහෝ සමීප ව
පියන් පත් හැර
කවුළුවෙන් එපිට
එබී බැලුවෙමි
රාත්‍රිය
නො දොඩා ම
නො පමා ව
නික්ම යන හැටි
මොහොතකට පසු
හමා එන මද සුළඟ මත
ඔබේ සුසුවඳ දඟකරන හැටි
සිපගනිමි තදින් දෙතොලත
සමීපයට ගෙන මනෝමය රුව
එවිට සිතුවිලි අැළෙයි සුසුමක
හැඳින ගෙන ඔබේ උණුහුම
මොහොතකට පසු...
හමා යන තද සුළඟ සැඩ
ඔබේ මතකය පැහැරයන හැටි
පියාගමි තදින් දෙනයන
රඳවගන්නට මැකී යන ඔබ රුව
එවිට සිතුවිලි ගැටෙයි කඳුළක
අහුර ගෙන ඔබේ සිහිලස
ඔබේ සුසුවඳ දඟකරන හැටි
සිපගනිමි තදින් දෙතොලත
සමීපයට ගෙන මනෝමය රුව
එවිට සිතුවිලි අැළෙයි සුසුමක
හැඳින ගෙන ඔබේ උණුහුම
මොහොතකට පසු...
හමා යන තද සුළඟ සැඩ
ඔබේ මතකය පැහැරයන හැටි
පියාගමි තදින් දෙනයන
රඳවගන්නට මැකී යන ඔබ රුව
එවිට සිතුවිලි ගැටෙයි කඳුළක
අහුර ගෙන ඔබේ සිහිලස
තාත්තා ය නුඹ
ගිලන් වූ බොහෝ තැන්
සුවපත් කළ
ජීවක ය නුඹ
පහන් කර නෙත් මල්
එළිය කළ
දිසාපාමොක් ය නුඹ
සියල් දෑ දන් දුන්
කිසිත් නොඉල්ලු
වෙසතුරු ය නුඹ
පුතුන් දූවරු නමින්
සිහින හත දුටු
කෝසල ය නුඹ
නිවන් පුර යන තුරු
ජීවිතය දෙන
සුදොවුන් ය නුඹ
ඉනික්බිති ගිමන් හැර
නිවී සැනහෙන
මෙෙත්‍රී ය නුඹ
සුවපත් කළ
ජීවක ය නුඹ
පහන් කර නෙත් මල්
එළිය කළ
දිසාපාමොක් ය නුඹ
සියල් දෑ දන් දුන්
කිසිත් නොඉල්ලු
වෙසතුරු ය නුඹ
පුතුන් දූවරු නමින්
සිහින හත දුටු
කෝසල ය නුඹ
නිවන් පුර යන තුරු
ජීවිතය දෙන
සුදොවුන් ය නුඹ
ඉනික්බිති ගිමන් හැර
නිවී සැනහෙන
මෙෙත්‍රී ය නුඹ
පැතුම
කුඩා ගස් වූ අප
අතු රිකිලි මත
පූදිනා මල්
ඵල දරනු අැති
දිනක
ඉනික්බිති එ් ඵල
මහා තුරු විලස
වැඩී අප පසු කර
මහා ඵල බෙදනු අැත
ලොවට
අතු රිකිලි මත
පූදිනා මල්
ඵල දරනු අැති
දිනක
ඉනික්බිති එ් ඵල
මහා තුරු විලස
වැඩී අප පසු කර
මහා ඵල බෙදනු අැත
ලොවට
නීතියෙන් වෙන් ව ගොස් කාලයකට පසු...
මලක් වගෙ අැය ඉද්දි ඔබ ළඟ
අැහැක් යට පිපුණ කඳුළ තනි
කවුරු හරි දකී යැයි මතක් වී වගෙ
හංගගත්තෙ හරියට එදා වාගේ ය
ඔබ සිනාසුණ ලෙස
අැය සිනාසෙන බව
කියන්නට ඔබට මට
සිතුණ තැන් බොහෝ විය
අාරාධිත ව අැවිත් වුව
තෑගි උත්සවය දවසෙ ඉස්කෝලෙ
අහම්බෙන් හරි ඔබ ව මට
මුණගැහුණ එක හොඳ ද කොච්චර
මුලසුන දෙසුම අතර
මුලදි හිටියට මගහැර
බැරි ම තැන එ්ත්
බැලුවෙමි ඔබ සිටින දෙස
ඉස්සර වගේ මැ යි ඔබ තව ම
පුදුම කලබලයක් නේ තිබුණෙ
ඉවර වෙන්නට කලින් උත්සවය
දුවත් එක්ක එ්කනෙ ගිහින් තිබුණෙ
අැහැක් යට පිපුණ කඳුළ තනි
කවුරු හරි දකී යැයි මතක් වී වගෙ
හංගගත්තෙ හරියට එදා වාගේ ය
ඔබ සිනාසුණ ලෙස
අැය සිනාසෙන බව
කියන්නට ඔබට මට
සිතුණ තැන් බොහෝ විය
අාරාධිත ව අැවිත් වුව
තෑගි උත්සවය දවසෙ ඉස්කෝලෙ
අහම්බෙන් හරි ඔබ ව මට
මුණගැහුණ එක හොඳ ද කොච්චර
මුලසුන දෙසුම අතර
මුලදි හිටියට මගහැර
බැරි ම තැන එ්ත්
බැලුවෙමි ඔබ සිටින දෙස
ඉස්සර වගේ මැ යි ඔබ තව ම
පුදුම කලබලයක් නේ තිබුණෙ
ඉවර වෙන්නට කලින් උත්සවය
දුවත් එක්ක එ්කනෙ ගිහින් තිබුණෙ
Subscribe to:
Posts (Atom)