හමා එන මද සුළඟ මත
ඔබේ සුසුවඳ දඟකරන හැටි
සිපගනිමි තදින් දෙතොලත
සමීපයට ගෙන මනෝමය රුව
එවිට සිතුවිලි අැළෙයි සුසුමක
හැඳින ගෙන ඔබේ උණුහුම
මොහොතකට පසු...
හමා යන තද සුළඟ සැඩ
ඔබේ මතකය පැහැරයන හැටි
පියාගමි තදින් දෙනයන
රඳවගන්නට මැකී යන ඔබ රුව
එවිට සිතුවිලි ගැටෙයි කඳුළක
අහුර ගෙන ඔබේ සිහිලස
No comments:
Post a Comment