මලක් වගෙ අැය ඉද්දි ඔබ ළඟ
අැහැක් යට පිපුණ කඳුළ තනි
කවුරු හරි දකී යැයි මතක් වී වගෙ
හංගගත්තෙ හරියට එදා වාගේ ය
ඔබ සිනාසුණ ලෙස
අැය සිනාසෙන බව
කියන්නට ඔබට මට
සිතුණ තැන් බොහෝ විය
අාරාධිත ව අැවිත් වුව
තෑගි උත්සවය දවසෙ ඉස්කෝලෙ
අහම්බෙන් හරි ඔබ ව මට
මුණගැහුණ එක හොඳ ද කොච්චර
මුලසුන දෙසුම අතර
මුලදි හිටියට මගහැර
බැරි ම තැන එ්ත්
බැලුවෙමි ඔබ සිටින දෙස
ඉස්සර වගේ මැ යි ඔබ තව ම
පුදුම කලබලයක් නේ තිබුණෙ
ඉවර වෙන්නට කලින් උත්සවය
දුවත් එක්ක එ්කනෙ ගිහින් තිබුණෙ
No comments:
Post a Comment