ගඟත් ගුරු පාරත් බොහෝ දුර එක් ව අා බව දැන සිට, අතරමග ගඟ ගුරු පාර අතහැර වැවක් ළඟ නතර වූ බව දැන ගත් මීන රැළ ගඟ අමතා කී කවක්:
ගඟ ගලන්නේ හැමදාමත්
ගුරු පාරට සමාන්තර ව ය
නුඹ කියනවා දැඩි ලෙස
ඉස්සර අපි අහද්දිත්
ගඟට ගුරු පාර මගහැරෙන
ඉසව්වක් ගැන
පෙළක් විට මෙහෙම දෙයක්
ගුරු පාර එකවර හැරෙනවා
වෙන දිහාවක ගඟ තනිකර
මෙතැන එහෙම නෙවෙයි
ඉතින් ගුරු පාර වැරදි නැහැ
ගුරු පාර හා ගලා යන බව
වදන් දුන් ගඟක් නො නැවතී
වැවක් ළඟ නතර වන විට
එය නොවරදින බව හිතන එක
මං මුලාවක් මග හැරීමක්
ගඟ ගුරු පාර වැව
ඉතින් දුක්බර කථාවක්
No comments:
Post a Comment