අඳුර හා බැඳුණ රාත්‍රියක
සීතලට ගුලි වෙන හැටි තරම්
සොඳුරු සිතුවමක් තව
අැඳී නැති ව අැති
සිත්තරකු අතින් වෙන
අඳුර තුළ ගිලෙන තනිකම
අැසට අැති තරම් කඳුළු එන එක
දැනුණ තව අැසක් අැත් නම්
අඳුර මැද එය ය මේ ලොව
දීප්තිමත් ම තරු අැස
අඳුර ළඟ හෙමින් මුමුණන
නිහඬ සුසුමක හඬ ය මිහිරි ම
එවිට සිත එළි කදම්බයකි
කනාමැදිරියකුට පාර පෙන්නන
නොරැවටී යන්නට
අඳුර තරම් හිත පිරිමදින
වෙනත් පැහැයක් නැත මෙහි
එය ම පමණ ය එළිය අපමණ
හිතක් තව හිතක් ළඟ හෙමින්
නතර කළ හැකි
No comments:
Post a Comment