මතක ද ඉස්සර දවස්
ඔය ඔතැන
ඉස්සරහ තිබුණ
පරණ දියකඩිත්ත
මතක ද
එක පේළියට සීරුවට
දිය බොන්න ඉගිල එන
සුදු කොක්කු රෑන
අනේ උන්
කොහේ යන්න අැද්ද
අැයි මාළුවෙක් ඩැහැගත්ත
තනි කොකෙක් මතක ද
උජාරුවෙන් පියාඹපු හැටි
උෟත් දැන් වයසට
ගිහිල්ල අැති මං වගෙ ම
ඉතින් ඔයා
කොහොම ද
ඔච්චර ම තරුණ තාම
තනියෙන් ම ඉඳල
නියඟයට වැස්සට පෙළෙන
මහලු ව රැළි වැටුණ
කොච්චර දියකඩිති අැද්ද
මේ පොළොවෙ
ඔයා වගෙ ම
ඉතින් එ්ක ද
අැත්තට
තරුණ වෙන රහස
No comments:
Post a Comment