අනෝරා වැහි මැද
අසාධාරණ ලෙස
පිටමං කළේ අැයි
අයියණ්ඩි නුඹ මා
කලුවර අහස ම
සරදම් කළා මට
තරු පවා ඵදවස
ඔච්චමකි රිද්දන
ගිනි තියූ පැල්පත් ය
දුමාරයකි පපුව නවතන
මියගිය හිතවතුන් ය
විලාපයකි හද ගැස්සුන
මෙහි අාවෙමි
නවාතැන් ගතිමි
රටක් රාජ්‍යයක්
ලැබු කලෙක මෙන්
සැහැල්ලුවක් ලදිමි
අැත්ත අවි දරා ගත්
මුරණ්ඩු උන් පෙරළා
ගිනිබත් කළා කලක්
ගම්බිම් ද නගර ද
ලේ විලක් ය ඵකල
මේ මහපොළොව
ඵ්ත් දැන් අලුත් දවසකි
වසත් කාලය මැද
අාදරණීය ලෙස
වැළඳ ගන්නව ද
අයියණ්ඩි නුඹ මා
No comments:
Post a Comment