Monday, March 14, 2016

අළුගෝසුවන්

අළුගෝසුවන් දෙදෙනකු වෙත
අැබෑර්තු අැත අයදුම් කළ හැකි
කඹයක් ද අලුතින් ම අර ගෙන
පෝරකය මග බලා ගෙන අැත

විද්‍යා ද සේයා ද නික්ම ගිය පසු
මහමඟට අාවේ ය මහ ජන ගඟ
පාපතර කාමාතුර නො මිනිසුන්
පෝරකයේ ඵල්ලන්න බල කර

වරද කළ උන් ම සිර ගත කරන
යුක්තිගරුක රටකි අප වෙසෙන
පෝරකය නියම උන් බඩයන්න
ඵල්ලුම් ගහට දැන් පණ දෙන්න

බලවතුන් වෙති කරපටි පැළැදි
ගැන ගැන යකඩ පොලු ගණන
සුළු වැරදි කළ උන් බැණ හදති
කාරණික පින්වත්තු වැඩඉන්න

සැකකරුවන්ට දස වධ නො දී
දක්ෂයි ලු සියලු තතු අහගන්න
කොච්චර හිතවත් ද කියතොත්
අායුධ පෙන්නන්ට ද ගෙනයති

විනිසුරු මඩුලු නිවැරදි හැමවිට
වැරදිකරුවන්ට බෑ පැන යන්න
මහබලවතුන්ටත් දඬුවම් දෙද්දි
කුමට බයවෙන්නෙ ඵල්ලන්න

පෝරකය පරණ යි හැඟේ නම්
විදුලි පුටුව ද මෙහි ගෙන හැකි
රිසානාගේ ද ගෙල සිඳි මුවහත්
කඩුව වුව ඉල්ල ගන්නට හැකි

ඵදා අප මහ තෙද රජවරු පවා
වධකයින්‍ ලවා ගෙල සිඳ අැත
ඉතින් මේ අපේ සිංහල ද්වීපය
මිනීමරුවන් දූෂකයින් ඵල්ලන

No comments:

Post a Comment