Wednesday, February 25, 2015

කැටපත් පවුරෙ නොලියු කව

රාග ගිනි නිවා ගන්නට ගොදුරු ඩැහැගන්න තෙක් දඩයමේ
අදත් සිංහයා පෙර මඟට විත් බලන් ඉන්නවා බන් හන්දියේ
පිරුණු පියොවුරු හංස පැටවුන් රකුසා දැකල යි සැඟවුණේ
පවුර මත කැටපත් නොලියු කවියක් ඉකිගසයි හද කොනේ

ගමේ මෙම්බර් හින්දා කවුරුත් උගෙ වචනෙටත් බය වුණේ
තරුණ කෙල්ලන් රවට ගෙන පව් උන්ගෙ ජීවිත වැනසුවේ
සිදාදිය වෙත ඉගෙනගන්නට ගිය උඹ නිවාඩුවට අා වෙලේ
නපුරු අැස් තුළ බොඳ වෙලා උඹේ රූපෙ තිබුණා නංගියේ

දවස් දෙක තුනක් අාරංචිය උෟ අැවිත් ගිය වග ගේ මායිමේ
මෙම්බර් ඵක්ක ලා උඹෙ පලහිලව්වක් පැතිරුණා ගම වටේ
ඵදා කරුමෙට අප්පච්චි කුඹුරට ගිහින් මමත් කඩයට ගියේ
ඉගෙන ගත්තට හිතට වහල් වුණෙ අැයි කියාපන් පැංචියේ

කොතෙක් කීවත් සිංහයාටම අැයි කෙල්ලේ උඹ රැවටුණේ
අහිමි කර උඹෙ නෑඹුල් බව බලාපන් පැන යන හැටි අාදරේ
නාඬ ඉඳපන් උන්ගෙ බලයට යටයි බං දුප්පත් අපේ ජීවිතේ
ගලක් කොට හිත අැඳ තියමු අපෙ රුව චිත්‍රයක සීගිරි ගලේ

පැරණි මතකය

සොහොන් කොත මත තව ම අැත
අරලියා මල් පෙති දෙකක් පරවුණ
අැවිත් ඉඳ හිට ඉටි පන්දමක් ගෙන
මෙනෙහි කරමි මම නුඹේ මතකය

තුන්මසක් ගත වුණත් නොදැනි ම
නිහඬ ව සැතපෙන නුඹේ ළය මත
පණ නලක් තියේවි ද කොහේ හරි
තව ම සොයනවා බාෙළඳ මා සිත

සසරේ යළි මුණ ගැහෙන දිනයක
හුරුපුරුදු සිනහව රැගෙන ඵනව ද
හඳුන ගත්තොත් නිසැක ව ම මම
පැරණි මතකය සිහිකරමි නුඹ හට

මොහොතක්

නුඹ ඵනවා නම්
වස්සානය නික්මෙන්න
මොහොතකට හරි කලින්
මම බලන් ඉන්නම්
සමු අරන් නො ගොස්
මේ කටුක ජීවිතෙන්

අවනත බව

සඳත් දැන් ඉස්සර වගේ නැහැ
හිරු උදා වන්නටත් පළමු ව
සමු අරන් යන්න අහයි මගෙන්

සඳ නුඹටත් හිරු ඔහුටත්
අහස ම අයිති බැවින්
කැමති විටක
නික්ම යන්න ද
නුඹට හැකිය

සස්වාමික සඳ

නුඹ අයිති වන තෙක් ඔහුට
අපමණව පෙම් කරමි සඳට
කළුවර නිවී යනකම් රැයක
නොනිදාම සැනහෙමු මිහිර

දහවල නික්ම රෑ උදාවූ විට
යළි ඵන පොරොන්දුව පිට
ඉ‍තින් නුඹ යන්න මා හැර
රැඳෙන්නම් මං නොයා දුර

පමාවී අා වස්සාන ඍතුවෙ
සීතලෙන් ගැහෙන මා ළය
අහසින් විත් සස්වාමික සඳ
රහසින් තවරන්න උණුහුම

වෙන්වීම

සරෝජා
මං නුඹේ සිරී
අපි වෙන්වෙමු බං
මේ මහපොළොවෙ
අපිට අායේ
ඵක්වෙන්න බැහැ

ඵක දෙබසක්

මග තොට හමුවන
නාඳුනන ජීවිත අතරේ
ඵක වස්සානෙක
අෑ ව මට හමු වූවා

සඳ බලා හිඳී
ඔහු ඵන තෙක්
අාකාසෙට වී...
අෑ රහසෙන් කීවා

ඵක දෙබසකින්
දහසක් දේ ගොළු වූවා
ඔහු අෑතින් ඵනවා දැක
මම අෑතට අැවිද යමි

උයන්පල්ලා සහ ර‍ෝස මල

මම කැමති ‍රෝස මල නුඹ
පිපී ති‍බුණ‍ෙ වෙනෙකුගෙ උයනක ය
උයන්පල්ලා ලෙසින් මම
විටින් විට රොන් සිඹ ගනිමි රහසෙ ම

අවනත ව දැන් මලේ නුඹ
නෙළා ගෙන යන්නට කීවත් නිතර ම
ගියොත් අතැර මේ උයන
පවතින්න බෑ අප දෙන්නට ම සොඳුර

පරව යාවි ලස්සන නුඹේ
නෙළා ගත්තොත් දුප්පත් කමින් මගේ
පුදමි අපමණ ව සෙනේ
හිමි නැතත් උයන නුඹ හිමි නම් මලේ

Sunday, February 15, 2015

අම්මාවරු

මුළුතැන්ගේ ලිප අවුළන්න දරකෝටු අැහිඳමින්
කටු කැලෑවල අැවිද ගොස් පැලී ගිය දෙපතුලින්
නිවන් පුර පියමනින්නට නැතත් පුරා පෙරුමන්
නිවී සැනහෙනවා දවසක දුක්විඳින අම්මාවරුන්

අැස් ඉස් මස් නැතත් දන් දී කිරට හැරවූ ලෙයින්
දනන් මුව හිරුට සදිසිව ජීවිතය තැවරූ පිනෙන්
මෙතේ බුදු හිමියන් දෙසන පළමු බණ පදයෙන්
ඵතෙර වෙන්නට ඕනෑ අම්මාවරු මේ සසරෙන්

පුතුන් දුවරු ගැන මිස අත්හැරීමක් නොවූයෙන්
බවුන් සිත පමා වූ මුත් සසර බැඳි සෙනෙහෙන්
දැහැන් වැද හිත රැඳෙන කල පළමු කමටහෙන්
නිවන් දකිත්වා අම්මා වරුනේ විශාඛාවන් වන්

ලස්සන ම රෝස මල

හැමදාම පිපෙන මුත් රෝස මල් අගේ නෑ මේ තරම් වෙනදාට
වෙළඳාම සරු බැවින් හිනා මල් මූහුණකි මල් කඩේ විමලෙට
අඩුවක් නෑ කිසි ම අද පෙම්වතුන් එනවා උදේ ඉඳලම කඩේට
ඇවිත් ආදරෙන් සොයයි ලස්සනම මල ඔහුට නැත්තම් ඇයට

විමලෙ උඹට වැලන්ටයින් නැතිව ද ඇරන් ඉන්නේ මල් කඩය
දන්න අඳුනන අය ඇවිත් කඩයට විහිළුවට අහන්නෙ එහෙම ය
සත්තකින් මිලක් නෑ ආදරේට නමුත් අපේ ජීවිතයට මිලක් විය
ඉතින් විකිණෙන මලක් ගානේ හමා එන්නේ කාසිවල සුවඳ ය

පෙම්වතුන් පමණක් ගැවසෙන උයනක තනි වෙමින් අද සවස
සමරන්න තිබ්බ නම් මටත් බිරිඳටත් එක්ව මේ ආදරණීය දවස
ඵ්ත් ඉතින් දවසකට පසු ව පෙති හැළී පර ව යන බැවින් රෝස
කඩයට වෙලා ඉමි සිත සිතා විඳගන්න උදා වන සඳ අැති අහස

අඳුර පැතිරෙයි ටික ටික සෙනඟද අඩුවිය නිහඬවම මඟතොට
පෙම්වතුන් බොහෝ දෙන අහවර ය දැන් මල් අරගෙන මිලට
ඉතින් සුන්දර දවසක අවසන් මොහොතේ ගෙන යමි ගෙදරට
කාටත්ම කලියෙන් මං අරන් තියු ලස්සනම රෝස මල අැයට

අන්ධකාරය

අන්ධකාරය
ඵහි අැතැ යි
නුඹ කිව්වත්
සඳ පායන්න
නියමිත ව
තිබු බැවින්
මම රාත්‍රිය
තෝරා ගතිමි

Wednesday, February 11, 2015

සරසවියට සඳ අැවිදින්

සරසවියට සඳ අැවිදින් නුඹ නැතිවාට
වස්සානෙට ඉඩ දෙන්නම් හිතට වඩින්න
අාදරයට යළි කැන්දන් අැය අාවාට
අැහිපිය යට කඳුළක් අැත නුඹට කියන්න

‍තුරු හිස් මත පිපි කුසුමක සුවඳ සිඹින්න
සමනල තටු රිදුණත් මම ඉගිලෙම් අායේ
අතීතයට වඩා සොඳුරු සුපෙම් ඉසව්වේ
අැයත් ඵක්ක අැවිදන් යමි පෙර අපි වාගේ

තරු අැස් යට පිනි පොකුරක සිහිල විඳින්න
ම‍තකය මුණ ගැහුණත් නුඹ ගැන තුන් යාමේ
අතී‍තයට පවා නුහුරු හැඟුම් අනන්තේ
අැයත් ඵක්ක අැවිදන් යමි කොඳ මල් යායේ

කාර්තික්

කාර්තික්
බාල සන්ධියේ අපි
ඔට්ටු අල්ලද්දි
උඹ
හොරා වුණෙ
කැමැත්තෙන්
මං පාෙලිස් වෙලා
පන්නද්දි
උඹෙ පස්සෙන්
දවසක්
වත්ත පහළ
කටු කම්බි වැටේ
උඹ පටැලිලා ඉද්දි
මං හනික පැන
අල්ල ගත්තා

අඩා ඵ්ක හරි අසාධාරණ යි බං

උඹ කිව්වෙ ඵච්චර යි
මං තරගෙ දිනද්දි

අමාවක සඳ

අමාවක රැයක කළුවර
වලාවකට වහං වී රහසෙ ම
සඳේ සීතල පහසට
නුරාවෙන් තුරුළු වුණෙමි මම
ඵ තෙක් බියපත් ව උදාහිරට
මලානික ව තිබු නුඹේ වත
ඵ රැයෙ සොඳුරු ව
පිපී ඵන හැටි දුටිමි මම
අලුයම පමා වෙන්න ඉඩ හැර
අනන්තෙක හිත යොමා
සඳේ තෙතමනයට
දෙ තොල පා කළෙමි මම
අමාවක රැය සොඳුරු වග
ලොවට රහසකි තව ම
ඉතින් ඵ දවස ඵන ‍තෙක්
කඳුළකට ඉඩ තියමි මම

මල්මාලය

වැහි වැටෙන හැටියට
තෙතමනය ලැබුණි නම්
මහ පොළොව මේ තරම්
උණුසුම් ඇයි ද තව

වැට මායිමක දෙපස
තැති ගත් හිතින්
උනුන් දෙස ඇස් යොමා
කොතෙක් තව හිඳිමු අපි

මායිමේ උසට වැඩුණු
තුරු හිස් මුදුන්
පිපෙන වන මල් නෙළා
දවසක එකට අමුණමු අපි

කුමුදු මල් යාය

ගිම්හාන ඍතුවක
සන්ධ්‍යා වලාවක යට
සැඟවී හිඳිමි මම
හිරු අවරගිර දෙස
හැරෙන තෙක්
සඳ වෙතට අැවිදින්න

ඵ තෙක් කුමුදු මල් යාය
ඵපා සුපිපෙන්න
අඳුරට යි ඵහි
සොඳුරු බව වැඩිවෙන්නෙ

පාලම

නිමිත්ත : උසස් පෙළ ගණිත අංශයෙන් ප්‍රථමයා යාපනය හින්දු විදුහලේ පාක්‍යරාජා...

පාක්‍යරාජා
මල්ලියේ
පුළුවන් නම්
හදාපන් දවසක
පාලමක්
කොළොම්පුර
යාපනය
යා වෙන්න

කින්නර පෙම්බරාට

පතා පිවිතුරු හදවතක් සසර සැරිසරා
පුදා පැහැසර සියප‍තක් සඳ කින්නරා
කළා අබිනික්මන් මහද දිනු පෙම්බරා
හැඬූ කඳුළෙන් හිඳින්නී මං යශෝදරා

උදා ළා හිරු ලෙස තිමිර පටලය පහා
දවා මා හද කිරණකින් සැතපුණු වහා
ගියා ඵ නමුත් සුපෙම්වත නැහැ තරහා
සාෙයා ඵමි නිවන්පුර සසර බැමි ලිහා

ඵදා වෙස්සන්තර සමඟ හිමයට වෙලා
සොයා ඵලවැල ළඟට වී සුව දුක් බලා
රුවා හැඩ සිරුරකින් කළ නමුත් මුලා
පබා වෙමි මම කුස නුඹට අාලය කළා

නුරා පියකරු දෙනෙත් යුග වෙහෙසවා
බලා සිටියෙමි පුතුන් අැකයෙහි හොවා
පමා වුව හිමියනි මගේ මේ හිත පහදවා
කියා දෙනු මැන නිවන් සක්මන සාදවා

හාදු කවිය

ඔය කොපුල් තල මත
ලියමි මම උණුහුමට
හාදු කවිය
කෝලකම් අතහැර
සීත සඳ රැසක
මුහු ව තවරන්න
පිළිතුරු හාදු

ගඟ කියන කථාව

සිව්දිගින් ගලා විත්
ඵක ම සයුරට වැටෙන
නදී නෙක සිහිල අැති
හඬ නඟා කියයි
හිතවත
මහපොළොව
සැමට අයිති වග

පිළිස්සුණු තරු යට

දවසක් මහ රැයක
කොළඹ වටරවුමට දිවෙන
පාළු වීදියක අෑත හිඳ
මුල් ම අැඟවුම
අැය යි සන් කළේ මවෙත

පිළිස්සුණු තරු වගේ
නිදි වරපු අැස් අැගේ
නිවී තිබුණා සදහට

ඉකුත් රැය දිගු
වෙහෙසකර වග
අැඳී තිබුණා ලකුණු
අහසෙ හැම තැන

ඵහෙත් අැයගෙන්
මා පැතූ දේ වෙනකකි
මින් ප්‍රථම කිසිවකු
ඵය පතා නැති හැඩ ය

ගිලුණු අැස් යට
තිබී හමු විය
රාග පටලයෙන්
ඵහා අෑතක
මා පැතූ ඵ්
සුපෙම්බර බව

තවත් රැය දිගු වෙන්න
නතර වීමි නිහඬ ව
ගොළු ව තිබු අැගෙ
දොඩමලුව යට

අලුයමට ළං වෙන්න
ඉඩ දුනිමි මම
උර තලය මත
සැතපෙන්න අැයට

ඵතෙර ගිය හිමිසඳට

සමුදුරෙන් අෑත කතරේ නැවතී ඉන්න
හිමියනි හිමවතට ඵ දවස පිය මැන්න
මන්ද්‍රි ලෙසට බැරි විය නුඹ හා ඵන්න
කිරිල්ලිය මං නුඹේ මෙදුක අහගන්න

නිවන් මං පතා බෝසතුන් වැඩ ඉන්න
මව්රට අතැර හීනෙන් නිවසක් ගන්න
ගිය දා පටන් අැවිළෙයි මහගේ ගින්න
හිත කියන්නෙ ම කුලියට වත් යන්න

දරු දෙ දෙනාගේ දඟ වැඩ විසඳන්න
අක්ක ලා ඵක්ක බෑ තව බැණගන්න
අම්මා අප්පච්චිද උන්දැ ලා අදහන්න
පිට ඵකියක්ද මං ඵ් ලෙස සලකන්න

දුක සැප බෙදාගෙන අාලෙන් ඉන්න
නුඹත් ඵක්ක අාවේ සිරි දුව වෙන්න
කාගෙත් අැනුම් ඉවසා ගෙන ඉන්න
මට වුණේ මහ ගෙයි දාසිය වෙන්න

බිත්තියට මායිම් ව ඉඩ අැහිරෙන්න
සැනසුමක් නම් නො වේ විඳගන්න
මහ මඟ වුවත් සැපතකි නුඹ ඉන්න
රත්තරනේ හැකි වේවිද යළි ඵන්න

ප්‍රභාතය තවම ප්‍රමාදය

සරාගී තෙපුල් රඳන
ලවන් යුග සුලෝහිත
පියුම් මකරන්ද සීතල
තෙමාලයි භෘංග තොල

සුරූපී දේහ රංජන
කුමරි කන්‍යා අාශ්‍රය
සඳුන් සුගන්ධ විසුළ
ගෙවී යයි ශෘංගාර රැය

බ්‍රහ්මචාරි ව ගෙවුණ
තපෝ වන සංවරය
මෙවුන්දමින් බිඳහළ
ප්‍රභාතය තවම ප්‍රමාදය

සුරංගන රංගනය

බඹසර අතැර ඵන
මෙහෙණියක වන්
සංවර පාද චලනය
බලා ඉමි අයා මුව

අංජන ලූ ලෝචන
නා දලු වන් ලවන
තිසර පුන් දෙතන
මවයි දෙව් අංගන

නුරා කඩුපුල් පූදින
නිශා යාමයක බට
සුරංගන රංගනය
බලා ඉමි මත් ව

අහස

වෙන් කරන්නට
නොහැක අැඳ මායිම්
ඉතින් අහස නුඹ
නිදහස් ද කෙතරම්

සාමයට අාස අපි

කොළඹ කොටුවෙන් අටයි විස්සට
ගමන් අරඹන යාල් දේවියේ නැගී
සති අන්තයේ මං ගමට ඵන තෙක්
නුවන් අැරගෙන මගේ දේවිය හිඳී

පිටකොටුවෙ පොඩි කඩය මා සතු
තොරොම්බල් බඩු අැති තරම් පිරී
රටේ හැමතැන ම කලබල ලු දැන්
විජය කීවේ පත්තරේ මුල් පිට තිබී

වටින් පිටින් ටවුම මැදට රැස් වුණ
දෙපිරිසක් ගැටෙති දෙපිලට බෙදී
සිහිය නැති වුණා වාගේ ඵක් වර
දෙමළ කඩ ගිනි තියන බව අැසී

මුරුගන් කෝවිලේ වැඩ සිටී තව
කන්නලව්වට මගෙ කන් නො දී
මහඵවුන් බලයට වූ කෑදර කමින්
තැලෙයි සාමයට අාස දුප්පත් අපි

අාදරෙයි මං තවම

තරු ඵක්ක තනි වෙමින් මම
මේ සීතල රාත්‍රියේ දුක් විඳිමි
නුඹ නැති ව සඳ ද විරසක ය
ගනඳුරේ ම මතකේ තැවෙමි

ජීවන මඟ මම ද අතරමං වීමි
නිවී ගිය පසු ව පහන් තරුව
දෙෙවය මෙය ම නම් සොඳුර
අාදරය කළ මම ද වැරදිකාර

නිතර හිත රිදෙන බස් කීව ද
සැනෙකින් කෝල කම් පාන
සිනහ නැති කඳුළට ම උරුම
අතීතෙට මං අාදරෙයි තව ම

පෙම්දහම

නිරුදක වාලුකාවක
ඊතණ පතක රැඳුණ
පිනි බිඳකි නුඹ මට
ඵ පරිද්දෙන් විරලය
මායා ගැවසි ලොව
සැළමුතු පෙම්දහම

ගනඳුරට රහසින්

හිරු නික්ම ගිය පසු
කඩුපුල් මලේ නුඹ
හිනැහෙනා බව
දන්නේ මම විතරක් ද

මමත් නුඹ වගේ
ගනඳුරට රහසින්
පෙම් කරන බව
දන්නේ නුඹ පමණක් ද

අබිනික්මන

සිහිනයක් නම් නොවේ මෙය
සැබෑවක් ම ය නුඹ සමුු අරන්
සුන්දර ම වසන්තය නිමා විය
සීත දෙකොපුල් මත හාදු දුන්

ගිලන් හද සුවපත් කළ හැකි
ඔසුවක් නැත නුඹට සම වුණ
නුවන් හැර බලා ඉමි අාතුරව
අැවිත් යනවද අායෙමත් නුඹ

පෙරුම් පුරමින් භවෙන් භව
පතා අාවේ පෙමින් ඉන්න යි
යශෝ මං කුමක් කියන්න ද
අබිනික්මන් කළේ නුඹ නම්

හාදු සිත්තම

දන්නව ද
මං අපූරු සිත්තරෙක්
ළං කළා නම්
ඵක කම්මුලක්
අඳින්නට තිබ්බා
හාදු සිත්තමක්

පුදුම යි

නො හිතා ඉන්නට යළි නුඹ ගැනම
හිත තවත් මැලි වෙන හැටි පුදුම යි
හදවත මෙතරම් රිදවපු හිත ගැනම
අහිතක් නො හිත ඉන්නවා පුදුම යි

දැක ගන්න නුඹ පමණක් ම සදහට
අැස් පිය නො සැලෙන හැටි පුදුමයි
දෙනුවන මෙතරම් රවටපු අැස් යට
කඳුළක් නො නැගෙන හැටි පුදුමයි

සිපගන්න නුඹෙ දෙතොල් විතරක්
සිහිනෙනුත් පියමනින හැටි පුදුමයි
රිදවන්න මගේ හිතම නුඹ අැවිදින්
මතකයත් ඊට ඉඩ දෙනවා පුදුම යි

නුරා සඳ

සඳ නුරාවෙන්
මා දෙස බලා
අඩවන් වු
නෙතින් ඉඟි කළා
ශ්වේත පැහැ
දුහුල් සළු ලිහා
සල්ලාල වු
තොල මත් කළා

නාෙ ලියූ කව

නුඹ කවියක්
මා අතින්
නාෙ ලියවුණු

කුසුම් කෙමි

සිහිල් ජල
සිනා රැළි පානා
තිසර විල
කිමි දෙන්න පීනා
කුසුම් කෙමි
සුගන්ධය පාසා
තඹුරු පෙති
සිපගන්න අාසා

පෙම්බර පෙබරවාරිය

අලුත් විය යුතු ව අැත
පෙම්බර පෙබරවාරිය ද
බිමින් ළං ව මුත් අපි
හිතින් කොතෙක් නම් දුර ද

ඉතින් මේ මොහොත
සුන්දර යි සහතික ව
ළං ව අාදරය කරන්නට
පුළුවන් නම් අපි හැමට

දහවල

සඳ කියා හිඳී
රාත්‍රිය අැයට අයිති වග
ඉතින් දහවල
හොඳ ය මට හිරු දවන

නිමා වූ වසන්තය

වසන්තය ඉක්ම ගොස්
අදට සිව් වසරකි

මහවැලි ඉවුර දිග
පාසි බැඳී ගිය තැන්වල
අපේ පිය සටහන්
සැමරුම් ලෙස තවම
අැඳී තියෙනවා මිහිර

වසන්තය ඉක්ම ගොස්
අදට සිව් වසරකි

හන්තාන කන්ද උඩ
සීත මද පවන රහසෙම
අපේ දොඩමලු බස්
කඳුළු සලමින් තවම
මතක් කරනවා මිහිර

වසන්තය ඉක්ම ගොස්
අදට සිව් වසරකි

අර්ථ ශුන්‍යය

අනන්තය පාමුල
ශුන්‍යය වාගේ
අපේ ප්‍රේමය ද
අර්ථ ශුන්‍යය ය

පරතරය

සමීපව උන් හැටි සිතුවමක් වාගෙයි
කඳුළින් පාට බොඳ වුණා සේ මැ යි
හිත හදාගමු රැවටෙන්නෙ අපි මැ යි
යළි ඵන්න බැරි පරතරය බෝ මැ යි

නුඹ ඵවු පෙම්පත් තවම හරි සුවඳ යි
සමු ගත්තදා පිටමං කළේ නුඹ මැ යි
මතකෙක අෑත තනි වෙන්න අාස යි
සැණෙකින් කඳුළු විත් නෙත් පාරයි

විහඟුනි ගොළු වන්න මේ අවාරෙයි
මදු මල් ද මුකුලිත ව යන කාලෙ යි
නුඹ ගියත් මතක සුවඳ තව ශේෂ යි
තැවී ඉකිගසන හිත අයිති මට මැ යි

දෙෙවය

මම ද නුඹ මෙන්
මේ ප්‍රේම අසපුවේ
විරහා දැහැන් මැද
සිත යොමා උන්නෙමි

ඉනික්බිති නො සිතූ දිනක
අපේ අැස් හතර නතර විය
ඵක ම ඵක තිරස් ඉරක
නතර විය යුතු ම තැන

ඔව් නුඹ කීවත් වගේ
දැන් දෙෙවය මම අදහමි

තොටියාණෙනි

ගඟේ ගැඹුර මායිම් නො කොට
ඉන් ඵගාෙඩ වන්නට මඟකියන
තොටියාණෙනි

නුඹ විඩාපත් ය හොඳටෝ ම දැන්
ඉදින් ගඟ අත්හැර ඵගොඩ වෙන්

විහඟ කව

විහඟුන්ට
ලියා දෙමි
කවියක්

මුමුණන්න මිහිරට
නුඹට අැහෙන්නට

හන්තාන අඩවිය

යුග යුග බැඳී
අතිනත වෙළී
නුඹ මා මෙසේ
සංසාර සක්මනේ

හසරැලි මුවේ
කඳුළැලි මැකී
පෙම් ගී ගැයේ
වස්සාන ඍතුවේ

සනහස දිදී
ඉර හඳ වගේ
දෙහදක් බැඳේ
හන්තාන අඩවියේ

තරු ඵළිය

පහන් කණුව මුදුන වූ
විදුලි බුබුළ ද
නුඹ නිවා දැමු පසු
තරු ඵළිය පමණි
පාර කීවේ මට
තොටුපළට ළඟා වන්න

අඩ නින්ද

ඉකුත් රැය
මා පසු වූයේ
අඩ නින්දේ ය
ඵ අලුයම
උදා වෙත් ම
සඳ හැංගෙන්නෙ
කොහෙදැ යි
දැක ගනු රිසියෙනි

පටාචාරා

නුඹ
පටාචාරා මුත්
මම නො වෙමි
ගෞතම

රූ නාරි

දෙවියනි
නුඹ නම්
අදහන්න වටිනවා
අැය මවා අැති අපුරුව
ඵහෙත් මිනිසුන්
වසා අැති හැටි
අැගේ මුළු සිරුර ම

සුන්දර ම සිහිනයක්

ජීවිතේ
ඵක සොඳුරු
වසන්තෙක
අපට අප
මුණගැහුණු අපූරුව
අාදරේ
මේ තරම්
සුන්දර ද වග
හිතට තව
සිහිනයකි සොඳුරිය

දෙගංමැද

නුඹ
මහවැලියට
වීසි කළා සේ
අප ගැන මතකය
වීසි කළෙමි
දියවන්නාවට
මම

රැය අහිමි හිරු

තරු ද
අෑ සන්තකයේ
රඳවා ගෙන
කළුවර වීසි කළා
මා නෙත මතට

හිරුට
රැය අහිමි වග
සැබෑවක් බැවින්
සමු ගත යුතු ය
තවත් නො සිට

වෙරළු

නුඹ
වෙරළු අච්චාරුවට
ඔය තරම්
අාස නම්
ඉතින්
මම
වෙරළු මල්
කඩා
නො දමන්නම්
තවත්

පයෝධර යට

රාගයේ
කඳුපෙතට
දයාවේ
උල්පතට
යටින් හිඳ
ගැහේ හදවතක්
මිනිසුන්ට
නෑසෙන්න

පියවරු

සඳක්
කෙලෙස නම්
ඵළිය දෙන්න ද
තරුවක්
නො වන්නට

අැය සහ නුඹ

අැගෙන් මා නො ලද
නුඹෙන් මා ලබන
සැනසුම නම් අරුම ය
ඉතින් මේ දොඩමලුව
අදට අපි නවතමු
රැය අහවර ය සොඳුර

මුල් වදන

අම්මා විය මුල් වදන
ජීවිතය නම් කවියක
ඵහි ම යටි පෙළ විය
අප්පච්චි යන අර්ථය

අවසන් හෝරාව

සොඳුර
තව තියේ
හරියට ම
හෝරාවක්

ඉතින් ඔය
හැඬුම්
නවතන්න
කාලයට ඉඩ දී