රාග ගිනි නිවා ගන්නට ගොදුරු ඩැහැගන්න තෙක් දඩයමේ
අදත් සිංහයා පෙර මඟට විත් බලන් ඉන්නවා බන් හන්දියේ
පිරුණු පියොවුරු හංස පැටවුන් රකුසා දැකල යි සැඟවුණේ
පවුර මත කැටපත් නොලියු කවියක් ඉකිගසයි හද කොනේ
ගමේ මෙම්බර් හින්දා කවුරුත් උගෙ වචනෙටත් බය වුණේ
තරුණ කෙල්ලන් රවට ගෙන පව් උන්ගෙ ජීවිත වැනසුවේ
සිදාදිය වෙත ඉගෙනගන්නට ගිය උඹ නිවාඩුවට අා වෙලේ
නපුරු අැස් තුළ බොඳ වෙලා උඹේ රූපෙ තිබුණා නංගියේ
දවස් දෙක තුනක් අාරංචිය උෟ අැවිත් ගිය වග ගේ මායිමේ
මෙම්බර් ඵක්ක ලා උඹෙ පලහිලව්වක් පැතිරුණා ගම වටේ
ඵදා කරුමෙට අප්පච්චි කුඹුරට ගිහින් මමත් කඩයට ගියේ
ඉගෙන ගත්තට හිතට වහල් වුණෙ අැයි කියාපන් පැංචියේ
කොතෙක් කීවත් සිංහයාටම අැයි කෙල්ලේ උඹ රැවටුණේ
අහිමි කර උඹෙ නෑඹුල් බව බලාපන් පැන යන හැටි අාදරේ
නාඬ ඉඳපන් උන්ගෙ බලයට යටයි බං දුප්පත් අපේ ජීවිතේ
ගලක් කොට හිත අැඳ තියමු අපෙ රුව චිත්‍රයක සීගිරි ගලේ
No comments:
Post a Comment