මම කැමති රෝස මල නුඹ
පිපී තිබුණෙ වෙනෙකුගෙ උයනක ය
උයන්පල්ලා ලෙසින් මම
විටින් විට රොන් සිඹ ගනිමි රහසෙ ම
අවනත ව දැන් මලේ නුඹ
නෙළා ගෙන යන්නට කීවත් නිතර ම
ගියොත් අතැර මේ උයන
පවතින්න බෑ අප දෙන්නට ම සොඳුර
පරව යාවි ලස්සන නුඹේ
නෙළා ගත්තොත් දුප්පත් කමින් මගේ
පුදමි අපමණ ව සෙනේ
හිමි නැතත් උයන නුඹ හිමි නම් මලේ
No comments:
Post a Comment