Wednesday, March 20, 2013

මේඝ දූතය (දඬුවම් මාරුව)

වින්ධ්‍යා කඳු මත
රාමගිරි අසපුවට
නික්ම ආවෙමි
අලක පුරයෙන්

සන්ධ්‍යා වලා අත
ප්‍රියාදර සොඳුරියට
ලියා යැව්වෙමි
කඳුළ කවියෙන්

තවත් නැහැ පිළිතුරක් !

වැරදුණාවත් ද පාර
මතකයෙන් ගිලිහුණි ද
මං ලකුණු
හිමවතට මීදුම ද
කෛලාසයට ඝන වැසි ද

පවසන්න මා මිතුර
කොයි වෙද් ද මා සොඳුර

මගේ කුසුම
තනියෙන් ද
බිඟු සෙන්
ගැවසෙද් ද
වැළපෙමින්
සැතපෙද් ද
කුසගින්නේ
මියයද් ද

තවත් නොතකමි
කුවේර අණ
අද ම යමි
රාමගිරියෙන්
තවත් නොරැඳෙමි
සොඳුර ගෙන
පිටව යමි
අලක පුරයෙන්

සොයා යමි
පීඩිත අපට
කොහේ හෝ
ලොවක් ඇත

2 comments:

  1. මොබයිල් ෆෝන් එකක් නැතෙයි....

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ වගේ නම් අවුලක් නැහැ.

      Delete