Monday, March 14, 2016

ඵහෙම දවස් තිබ්බා

ඵහෙම දවස් තිබ්බා
ගිනිගහන මද්දහනෙත්
සීතලක් කොහෙන්දෝ
දැනුණ

කවුරුත් ම කලබල ව
ඩ්‍රයිවර්ට රැවුම් දෙද්දිත්
බස් රියේ ගමන
හෙමිහින් ය
ඵහෙම වෙද්දි ය
අපි අාස කළේ
වැඩියෙන් ම

ඵහෙම දවස් තිබ්බා
හරියට ම දොළහට
අැහැරුණ
සුබ පැතුම් අකුරු කර
තරු ඵක්ක
සිනාසුණ

නිහඬ බව අැතුළෙ
කාටත් ම නෑසෙන
ඵක ම ඵක කටහඬක්
තියෙනවා හැමදාම
කථා කරන්න ම
හිතෙන

මතක කටුක

මේ ගමන පිටුපස
රැඳී අැත මතක කටුක
රෝස මල් පවා
පිපී තිබු පරවෙන්නැති

රෝහල් වාට්ටුවල
නිදිවරපු දින අැත
පාන්දර ඵ තැන ම
අැස් පියවෙන්නැති

සේලයින් බට දිගේ
වතුර රූරන හැටි
බලා ගෙන ඉඳල ම
පිපාසය සිඳෙන්නැති

බත් කටක් උගුරට
ගිලින්නට වීසි කර
පිටට තට්ටු කරල ම
බඩගින්න නිවෙන්නැති

මේ තරම් දුර අා
හදවතක් උසුළමි
කටුවලට අැනිල ම
පෑරෙන්නේ නැති

බේරේ වැව

බේරේ වැව ළඟ අතීතෙක
කලබල නැති මුත් අද වගෙ
පාවෙමින් අැති කඩපෙළ
තැත් කරයි සඟවන්න
මතක සුල මුල

සති අන්තයේ හවස් වරුවල
දෑත් අල්ලා ගෙන අපි
අැවිදිමින් ගිය තාලයට
මතු ව ඵයි කවියක්
අෑත ක්ෂිතිජෙන්

පොහොය හඳ ඵක්ක ම
විහාරයේ උඩ මළුවට
නුඹ අැවිත් ඉන්නවා
අද‍ත් රැවටෙනවා මම
ශ්වේත පැහැයට

අමතක ව ගිය නැති
පාට දේදුන්නක් වගෙ
අතීතෙක ලැගුම් ගෙන
ඉන්න මට හිතෙනවා
හුදෙකලා වී තව

තාත්තා මුළු රෑ ම අැහැ අැරන් හිටියා

අපිට සිහින දකින්න
ඉඩ දීලා
තාත්තා මුළු රෑ ම
අැහැ අැරන්
හිටියා

සඳකිඳුරු ජාතකය

තොටළඟට ඵන කොට
රාණියේ කැන්ද ගෙන උඹ
මතක ද බං අැස් ගෙඩි අැරන්
වත්තෙ උන් බලන් හිටි හැටි
මෝරලා නෙරපු බඩ දිහා ඵබී

පුරුදු වෙසක් පෝයට
සඳකිඳුරු ජාතකය අැඳි
තොරණ ළඟ කරත්තයට වී
කඩල උර අලවන්න ඉපැදි
උඹ යි මගෙ යශෝධරා දේවී

බැකෝ ඵක පෙරළ ගෙන
මාළිගයේ බිත්ති ලී පලු
කඩා වනසන විට වියරුවෙන්
කාකි අැඳුමට ගර්ජනා කළ
උඹ යි රාණියේ කාලි මෑණි

අහිංසක උන් තලා පාගන
සතුරු බලමුළුවලට ඵරෙහි ව
ඵඩිතර ව ඉදිරියට අා හැටි
වත්තෙ උන් කථා වෙද්දි
ඉඹින්න යි හිත උඹ ව රාණි

උඩු සුළං

ඵහෙමත් දවස් තිබුණා
ගාලු මුවදොර
ප්‍රේම සෙවනැලි
උඩු සුළං රැලි අතර
අතහැර ගිය

කටුක පතොක් පඳුරු

දුක් ඉඩෝර බිම්වල
පැළ ව අැත
ළතෙත් හිත්
කටුක පතොක් පඳුරු

ප්‍රේමයට භාෂාවක්

සෙල්වම්
ප්‍රේමයට භාෂාවක්
අවැසි යැයි
ඔවුහු කියති

උඹ උමතුවෙන්
සිපගන්න කොට
දැනෙන නුපුරුදු හීතල
සිංහලෙන් කවියකට
අකුරු කළ හැකි නම්

සෙල්වම්
අත් අල්ල ගෙන
අපි තව ම
ඵහෙම නම්
ඵක තැනක

උඹ මුනිවතින්
සැලී හිඳින විට
දෙමළ පපුවක වුව හුස්ම
උණුහුමක් දෙන බවට
කියා දිය හැකි නම්

සෙල්වම්
ප්‍රේමයට භාෂාවක්
අවැසි නැති බව
සහතික වනු අැත

නත්තල් දේව මෙහෙය

මතක ද ඵදා නත්තල් දේව මෙහෙය
අප ඵකට මිමිණුව බයිබල් පාඨය
යාඥා කොට වෙන් නො වන බව
දෙදෙනාම ඵකවර දිවුරපු මොහොත

කැරොල් ගී අතර මං අාස කළෙ ම
නුඹ උස් හඬින් ගයනවා අහන්න
පුතු හඬන කොට මං නළවන්න
මුමුණනවා ඵ් පද මතක හැටියකට

සමිඳුන් ළඟට නුඹ නික්ම ගිය දවස
දැල් වූ පහනින් නිවිණ මා හෘදය
සිහිනයට අැවිදින් ඉන්න දෙව්දුව
බිළිඳුන් සමඟ මම තනි ව ඉකි බිඳින

සුවඳ දුම් දල්වන අම්මාවරුනේ

කොම්පැනි ටීෂර්ටය හැඳ දවස තිස්සෙ ම දුක් අහුලන අම්මාවරුනේ
නිවන් පුර වැඩි සෝපාක ලා පස්සෙ ම පියවර නංවන අම්මාවරුනේ
කුණු මලු පෙරළන බලු රංචු ඵක්ක ලා දොඩමලු වන අම්මාවරුනේ
බුදුන් වැඩ නො හිටිය ද කුටි අවට සුවඳ දුම් දල්වන අම්මාවරුනේ

අහඹුව - ඉසිඹුව

හමුවීම
කියන්නෙ
අහඹුවක්

තනිකම
කියන්නෙ
ඉසිඹුවක්

අෑ පටාචාරය

අෑ පටාචාරය
කිඹුල්වත ම හිනාවන විට
තනි ව ම කඳුළු සලන්නීය

වියෝ වූ ශෝකයෙන්
සස්වාමි ස්නේහයෙන්
වීදි පුරා අැවිද යන්නීය
කඳුළු දහඩිය ඉසින්නීය

නුවර වැසි බමුණන්ගේ
ගැරහුම් අසා සිටින්නීය
පණ රැකුණ දරු දෙපළ
දෝතින් ම බදා ගන්නීය

රජ මැදුරු පාමුල පවා
නො නැවී නැඟී සිටින්නීය
යුක්තිය පසිඳලන තෙක්
සත්‍යය ම යදින්නීය

නාට්ටාමි මුත්තුසාමි

හරස් වීදිවල දවස් දිය කර
හවස් වරුවල දණිස් වෙව්ලන
නාට්ටාමි මුත්තුසාමි

දුරබැහැර සිට පැමිණි
ලොරිවලට උදේ සිට
තොග පිටින් බඩු අදින
මලුවලට පිට නැමුණ
නාට්ටාමි මුත්තුසාමි

තැබෑරුම වෙත පැමිණ
කාලේ බෝතලේ ගෙන
පොඩි ඵවුන් දෙන්නට
වඩේ උරයක් ඉල්ලන
නාට්ටාමි මුත්තුසාමි

වෙරිමතට දෙමළෙන්
කුණුහරුප අැද දමන
බසාර් ඵකෙ චණ්ඩියා
නාට්ටාමි මුත්තුසාමි

කුලීපැලට අැවිදින්
කලුවරේ ම ළඟට විත්
බිරින්දෑ අත පත ගාන
හීනෙන් අාදරේ සිඹින
නාට්ටාමි මුත්තුසාමි

හරස් වීදිවල දවස් දිය කර
හවස් වරුවල දණිස් වෙව්ලන
නාට්ටාමි මුත්තුසාමි

මියැදුණු මෙරුන්

විදුලි බුබුළුවල කහ ඵළියට
අැදී ඵන මෙරුන්
පිළිස්සී වැටෙයි දිස්නෙ ගිය
ටයිල් කැට උඩට

නිදි කිරන පොත් මතට
අයාලේ යන මෙරුන්
තටු සිඳී වැටෙයි නො දැන
අවහිරයක් බවට

කේවල් කරන කොට
ජීවිතය අකුරකට උන්
මියැදුණු මෙරුන් ගැන
අමතක ය මට

සඳවතියේ ජීවිතයට යළි හුස්මක් දෙන්න

සරසවියේ පියමැන ගිය කාලය වෙත යන්න
බිඳී වැටුණ සමනල තටු දෝතින් රැක ගන්න
හඬා වැටෙන නෙතු අද්දර සිහිලක් වී ඉන්න
සඳවතියේ ජීවිතයට යළි හුස්මක් දෙන්න

වස්සානේ හැන්දෑවක පෙර සේ හමු වන්න
කස ගස් පෙළ බලා හිඳි සෙවනක් වී ඉන්න
අාදරයෙන් ළං වී ඔය තුරුළේ සැතපෙන්න
සඳවතියේ සුවඳක් සේ මා අැසුරෙහි ඉන්න

නුඹේ සුවඳ රැඳී තියෙන ඉසව් සොයා යන්න
අෑත ඉඳන් පවන් රොදක් ලෙසින් අැදී ඵන්න
නුඹත් ඵක්ක අායෙත් ඵහි දොඩමලු වී ඉන්න
සඳවතියේ සිහිනෙන් හෝ මල් පාරට ඵන්න

සබඳ අපි

සබඳ අපි කඳු ම වෙමු
උනුන් පරයා නැගෙන
වියරු දිය පහර වෙමු
ලෙයට ලෙය යදින

වියරු ගිනිදැල් ම වෙමු
මිනිස් සිත් අවුළා තබන
කඳුළු ලන වැස්ස වෙමු
මිරිඟු කතරට වැටෙන

නපුරු සිහිනය ම වෙමු
ළමුන් යුද්දෙට යවන
රුදුරු ගිනි අවිය දෙමු
උන් ම උන් නසන

කාල වර්ණය

හි‍තවත

සුදු පැහැය වුව
අන්ධකාරයේ දී
කාල වර්ණයට
හැරෙනු අැත

ඉක්බිති

ජාත්‍යාලයේ
අසිපත්වලින්
මිනිස් හදවත්
සිඳෙනු අැත

පුරුදු තනිකම

මේ අහස පවා ඵක තැනක
පොළොව හා යා වේ සොඳුර
කෙතරම් සැහැසි වුව හිරු
සමුදුරේ ගිලී යයි හවස් ඉම
මකා දැම්මත් ගනඳුර සඳ
අමාවකේ මියෙයි අහස හැර
ඉතින් මේ පුරුදු තනිකම
දරා ගන්නට හැකි ය තනියම

අම්මාගේ අාදරය

අම්මාගේ අාදරය
ඉසියුම් ම තැනකින්
පැන නගිනවා විය යුතු ය
කඳු මුදුනක අැති
උල්පතක් වාගේ ම

සාරවත් පසක් කොට
තුරුලියට ඉපදෙන්න
පණ ඉසිනවා විය යුතු ය
සීත දියවර පිරුණ
ගඟක් වාගේ ම

මුතු මැණික් කැටවල
දීප්තිය නො සිඳෙන්න
රැක ගන්නවා විය යුතු ය
දරා ගෙන පතුළත
සමුදුරක් වාගේ ම

සිනාසෙන අැස්

නුඹට තිබුණෙ
සිනාසෙන අැස්

කඳුළකට
කිසි දිනක
ළං විය
නො හැකි සේ

පසක් කොට අැත

සමු ගැනීමකින් පසු ව යළි
ප්‍රේමය ම මුණගැහෙන බව
නුඹ මට පසක් කොට අැත

ප්‍රාණයක් නැති නමුත් ඊට
මරණයක් ද අයිති ව නැත
ඵය ම මෙනෙහි කර හිඳිමි

අප්පච්චි

ගිනියම් තාර පොළොවේ ගැටී
දෙපා ඉරිතැලුණු තැන් නො පෙන්වා
සියුමැලි දෙපා දසැඟිලි ඔසවා
අැවිදින්න හුරුව දුන්නේ නුඹ යි
අප්පච්චි

දුක්බර ම ඉසව්වල ගොස්
රසබර ම දෑ සොයා ගෙන විත්
මුව තියා සිනා මල් පිපෙන තෙක්
කුසගින්නෙ ම උන්නේ නුඹ යි
අප්පච්චි

සෙනඟ ගැවසෙන තැන්වල
ඉවෙන් මෙන් පසුපස අැවිත්
මඟ හැරුණු දැයි සැකෙන් ඉද්දි
ළඟට විත් බදා ගත්තේ නුඹ යි
අප්පච්චි

කර්කෂ කොළොම් තොට
දහක් ගැරහුම් රැවුම් අබියස
කිසවකුට අත නො පා ඉන්නට
හිතට වාරුව දුන්නේ නුඹ යි
අප්පච්චි

නිවන් පුර යන්නට මත්තෙන්
ඉපැදෙනා බවයක් අැතොත්
රාහුල ම වී සිදුහත්ට දාව
අතැගිල්ලක ඵල්ලී ඵන්න අවසර
අප්පච්චි

කළල් දිය යට

නෙළුම් යායක් දරා ගත්
කළල් ගොහොරුවක්
ගැරහුම් අසා ගෙන
ඉන්නවා නිහඬ ව ම

නෙළුම් පත් අතුරපු
නෙළුම් දඬු ගිල්ලපු
නිවහනකි ඵහි
මැඬියන්ට
උන්ගෙ දරුවන්ට

ඉතින් හි‍තවත
කළල් දිය යට වුව
සොඳුරු දෑ අැත
අපට නො පෙනෙන

ඉපැරණි පෙම් පුවත

සැවො ම
විමසන'මුත්
නො කියා ම
හිඳිමි මම

නුඹෙ යි මගෙ යි
ඉපැරණි පෙම් පුවත

නො සිටියොත්
සඟව ගෙන
මතකයෙන්
ගිලිහිලා නුඹ
යාවි දුරකට

අනෝරා වැස්ස

මේ අනෝරා වැස්ස අැවිත්
මතකයට වස්සවයි ඉස්සර
වැහි දාට කන් රිදුම් දෙමින්
ටකරන් වහලය මත වැටුණ
වැහි ගල් කැට මහ නපුරු

බාග දා මල කෑ සිදුරුවලින්
වැක්කෙරෙයි ගේ තුළට
වැහි බිංදු ගසා කරනම්
විනෝදෙකි බාල කල ඵය
අත් පොඩි බැඳන් අහුලන

වැස්ස වැඩි වෙන කොට
අැල පිටාර ගලා ගෙන
ගෙබිම වසා ගන්නා අපූරුව
පාව යයි ඵහි කොළ කැබලි
පා පොඩිවලින් ගමන අහුරන

සොඳුරු මතකෙකි ඵදවස
වැසි තුරුල් වෙන්න ඉඩ හැර
කොටු යකඩ දැල් ජනේලෙන්
අහස දෙස බලන් දුකින්
මඩ බැඳුණු ගෙබිම අමදින

රැහැයියන්ට පවා ලෝකයක් අැත රාත්‍රියට

රැහැයියන්ට පවා
ලෝකයක් අැත
රාත්‍රියට

ගල්

ගල් ගසා
මිනිසුන්
මරන්නට
මිනිසුන්ට
නියම කළ
දෙවියන්ට
ගල් ගසමි

ළා දුඹුරු මඩකඩිති

අැවිද යන්න පුළුවන් නම්
වස්සාන ඍතුවක අායෙත්
රතු පාට මැයි මල් ගැවසි
මාවත්වල පෙර සේ ම
අත් අල්ලන්

ළා දුඹුරු මඩකඩිතිවල
දියපාසි බැඳී තිබ්බ තැන්
පයට මිරිකී සුනුවිසුණු වී
තියෙනවා තාම මග දෙපස

ඵක තැනක හෙමී හෙමීට
අැඟිලි තුඩුවවලින් ඵසැවී
උරහිසට බර වී හොඳට
මඩකඩිති මගහැරලා
කොහොම හරි
පැනගත්ත මතක ද
ඔයා මන් කොනිත්තලා

අදත් මහ වැස්ස හොඳට
පාරේ අයිනට වෙලා ඉද්දි
ඉස්සර අපි දෙන්න වගෙ
වෙන දෙන්නෙක්
මඩකඩිති උඩින් පනිනවා
ඵයත් ඵහෙම ම කෙනිත්තුවා
අර අහිංසක කොල්ල ව

අපට තිබුණේ හමු නො වන්නට ය

අපට තිබුණේ වෙරළ ඉම
හමු නො වන්නට ය

වැටකෙයියා පඳුරක් ළඟ
මතක අසිපත් ඔසව ගෙන
සතුරු සේනා ඵ සේ වී නම්
මඟහැර යන්න තිබුණා අද

අපට තිබුණේ රඟහලක
හමු නො වන්නට ය

වේදිකා රංගනයක මැද
විසල් අත්පුඩි නිහඬ කළ
සිනා හඬ නුඹට ළෙන්ගතු
නො අසා ම ඉන්න තිබුණා

අපට තිබුණේ උයන් කොන
හමු නො වන්නට ය

රෝස මල් පඳුරක් උඩ
වැටුණ ඵක කවියක් ගැන
කිසි ම දවසක කිසිවකු
හෝඩුවාවක් නො අසන්න

වෙන්වීම

වෙන්වීම දුකක් කරගත් මිනිසුන් ද
වෙන්වීම තෙක් හමුවන මිනිසුන් ද
වෙන් ව යළි මුණගැසෙන මිනිසුන් ද
වෙන් ව නො ගොස් රැඳෙන මිනිසුන් ද
මැද තනි ව
නුඹ නැති ව
හමුවීම් වෙන්වීම් දෙස
මැදහත් ව බලා ඉමි මම

වේදිකාව

වේදිකාව ම
මතක පොදියකි
නුඹේ පියසටහන්
තව ම ඵහි හැම තැන

ඉතින් අැවිද යනු
කොහොම අද ඵහි

හිස් අහස් ගැබ මන්

ගැඹුරු අහස ද සයුර ද
උනුන් පරයා නැගෙයි
රළ ගෙඩි බිඳිමින් තරු
ගන අඳුර නිවමින් සඳ

සයුරු තෙර අැය වැනි
හිස් අහස් ගැබ මන් ය

ක්ෂිතිජ ඉම

අහසත් පොළොවත්
ඵකතු කරනවා
මහා මුහුද
හරියට ම ක්ෂිතිජ ඉම

හාදු තියු යුවතිය

හෙමි හෙමින් විත් කම්මුලක් මත
හාදු තියු යුවතියක්
හිටිහැටියේ මුණගැහුණා වීදියක මට
මතකයට ගොඩ වුණ වෙලාවක

රෑ දිවා අෑ සොයා
අා වගක් කීවත් මෙමා
නෑ ඵයා පිළිගත්තේ නෑ ඵදා
කිව්වෙ මං කිව්වෙ බොරුවක් බවක්

ඉඟි මරා අැස් කොනින්
අෑ හෙළු බැල්මක් නුරා
ඵබී ඵබී වද කරයි මට තවත්
ලුහුබැඳන් ඵන්න අෑ කරා අායෙත්

අලුයමකි අභිනිෂ්ක්‍රමණය

දූවිලි වැදී අවපැහැ ව ගිය
විදුලි බුබුළෙන් පෙරී ඵන
මන්ද අාලෝක ධාරාවෝ
අඳිති නෙක රූ සිතුවිලි රෑ

නිරුවතින් පියවර නංවන
ගැහැනු පුරුෂ සෙවණැලි
වීදි දිග සළු ලිහා ගොසිනි
ඵ සලකුණු නංවති රූබලි

වෘකයෝ උඩු බුරති මූසල
කන් දී සරතැසින් වල්මත්
අැස් කොන්වලින් වගුරති
රැයේ රතියක හතිය ඔවුහු

අලුයමේ පාත්‍රය අරගෙන
වඩිති නිසරු කය රැකගනු
මහණ බමුණෝ පිඬු සිඟා
උවැසියන් වෙත විරාගී ව

ඉකුත්රැය පුරුෂ අාලිංගන
සිතින් හළු කොට පහදවා
ක්ලේෂයන් දුර්වල කොට
දන් දෙති ඔවුහු රසමසුවුළු

සංසාර අාරණ්‍ය ලුහුබඳින
කම් පහස හැර නික්මෙන
අලුයමකි අභිනිෂ්ක්‍රමණය
සිද්ධාර්ථට යශෝධරාට ද

ඉපැරණි රහස්

මේ සරසවියේ නෙක
වීදි දිග අැවිද යන්නට අැති
සියදහස් ගණන් මිනිසුන්
උන් පා දුහුවිල්ලෙන් වැසී අැති
ඉපැරණි රහස් අැති තරම්

බොහෝ පෙම්වත්තු
දැනහඳුන ගන්නට අැති
අාදර අැරඹුම් ලක්ෂ්‍යය
මේ මෙතැන මල් පිපුණු
තුරු වියන යට
විහඟ කැළ අැදෙන

ඵ පරිද්දෙන් පෙම්වතුන්
කඳුළකින් සමුගන්න අැති
අවසන් සිපගැනුම් මැද
මේ මෙතැන මල් වැටුණු
තුරු වියන යට
තුරුපත් සැලෙන

නපුරු සුළං කෝඩය

නපුරු සුළං කෝඩයක් ලෙසින්
මිතුරු වී නුඹේ මතක රැහැනින්
අඳුරු නෙතු තුළ ගිලී ඵබෙමින්
සිදුරු කර යයි සියුම් දෑ ඉරමින්

ඔබ අැදී යන්න

ඔබ අැදී යන්න
සුළං රැල්ලක් ලෙසින්
ලුහුබැඳන් ඵන්න
අායෙත් බැහැ ඉතින්

වෙහෙස යි දැන්
මේ හිතට බොහො ම
ඔත්පල තැන්
නිවා ගන්නෙ කොහොම

ඔබ අැදී යන්න...

සොඳුරු යි පෙර
ඵ් මතක බොහො ම
සංසල නෙත්
ඵදා වගෙ ම තව ම

ඔබ අැදී යන්න...

හුදෙකලාවක කෙළවර

හුදෙකලාවක කෙළවර
පෙර සේ මඟ නොහැර
නුඹ හිඳී දැයි සැක හැර
කියනවා ද මට සොඳුර

කවියක් රැගෙන සදාදර
නොනිදා ම වුව ගනඳුර
නෙත් මානයට පාන්දර
ගෙවා ඵන්නද දුරකතර

බමන මිදි බඹර කැල

රෝස මල් යාය
කඩු හිසින් කීතු කළ
රකුසු කැල වෙත
ලියමි මේ කවිය
පෙති සිඳුණු
ඵක් රෝස මලක්

අනේ රකුසනි
වනේ පිපුණෙමි
කිසිවකුට
නො දී හිංසා
සුවඳ දුන්නෙමි

පීර පීරා විත්
රුදුරු කඩු හිස්
වෙන් කළා අප හිස්
බිම වැටී මියැදිණ
ලේ ගලා ගොස්

මිලින මල් චි‍තකයේ
දැවෙනු නැති ව ද
බමන මිදි බඹර කැල

කවියකට බැරි බව වෙන්න හුස්මක්

සිව්වසක් ගත ව අැත
අෑ කෙරෙන් සමු අරන් විත්
සීතලට වේලිලා යන්නට ළඟ යි
අෑ තියූ හාදු මා නළල මත අාදරෙන්

මව්පියන් නො රිදවා
අෑ රිදුම් පිරිමදිමින් දවා ගත්
හදවතින් තව ම ඉකිබිඳින කවි
තනි මකයි මා ළඟට වී පන්හිඳෙන්

කාලය ඉගිල ගිය දා
පෙම්බසින් අපි ඵක් ව හිඳ
නො සිතුණි ද වෙන් ව යද්දිත්
කවියකට බැරි බව වෙන්න හුස්මක්

හාදු සිත්තම

මහවැලිය මෙන් මැදින්
ගලා යන ගඟක් මෙහි නැත
හන්තාන මෙන් අෑතින්
හිනා වන හඳක් මෙහි නැත

ඵ්ත් අැත සොඳුරු ඉසව්
පෙම්වත්තු මෙහි යන ඵන
සිව් වසක් අැළලෙමින්
හාදු සිත්තමකට නගා අැති

කටුඅකුළු මතින් අා ගමන

හීන ඵක ඵක අළු වෙලා වැටෙද්දී
හැබෑ කරගත් ඵක ම ඵක හීනෙකි
ජීවිතය දෙස යළි හැරී බලනා කල
පෙනේ කටුඅකුළු මතින් අා ගමන

මව්පියන් හෙළු කඳුළෙන් පෙඟුණ
අැහිපියන් යටින් ලිහී ඵන ස්නේහ
දිරිදෙයි දරන්නට දරුවන්ට විඩාව
වනේ මල්කැකුළු ලෙස පිපෙන්න

තාරකා පොරෝනය

වලාකුළු සයනයක
සරාසඳට හිස තියා
තාරකා පොරෝනයට
ගුලි වෙන්න හැකි ද
රාත්‍රියක ජීවිතයට

කස ගසක්

සිව්වසක මතක මුණගස්සවන
විජේරාම හන්දිය
සියල් සිව් දෙස නෙත් යොමන
කිසිත් කිසි කල නො දොඩන
කාක බෝ සමිඳුන් ය
හන්දිය මැද වැඩඉන්න

තරගයට ඉගිල්ලෙන රිය පෙළ
තදබදය මැද හතිලන මිනිස් කැළ
තැන තැන ගොම ලන ගොන් රැළ
නවකයින් විය තුරුණු විය කැප කළ

පුරුදු නෙක වීදි දිග අැවිද යන
හැරී හැරී බලා හිඳ ඉවත යන
හුරුපුරුදු නැති මුහුණු අැත
මීට ටික කාලයකට ඉහත
ළඟින් දැන හැඳින හිටි

පෙළක් උන් කොකු ඵල්ලන
වැලක් නැති උන් ඵල්ලෙන
විසල් දොරටුව අද්දර
කුඩා මිනිසෙකි
මමත් තව ඵක

මඳක් දුර යන කල
අහස් කුස් හිස් අැස් දැල්වුව
විදුලි පන්දමකි
වම් පසට වන්නට
වියත් සත් සිත් මත් ගන්වන
පොත් ගුලකි

සුමංගල නම් යතිවර
පිළිමයකට සමවැද
දෙනෙත් අඩවන් කර
බලා අැත පෙරමග
ඵදා මෙන් අදත් නිහඬ ව

සියල් අැඟ හිරි වට්ටන
සිනහා කෙළි කවට මැද
පුරුදු නුපුරුදු කටහඬින්
මා ද අමතනු අැසේ දැන්

ඵක්වන
මතක කවියක් අහුල ගෙන
මුහුණට ම වීසි කළ
කස ගසක් විය කෙළවර
බංකුවට තවමත් සෙවන දෙන

තනිකමේ තැනිතලාව

ප්‍රේමයේ ගිරිහිසින් බැස
තනිකමේ තැනිතලාවට
අා දිනේ අහස මා දෙස
බලා සිටියේම ඔච්චමට

සීතලේ ගැහෙද්දිම හද
තුරුළු වී පොරෝනයට
උණුසුමක් නැති රැයක
පිනි බිඳක් හඬා වැටිණ

අැරයුම ම රිදවුමක්

හන්තාන හඳ ලස්සන ද කියා නුඹ
අැසූ පැණය ම ඔච්චමකි පෙම්වත
කටු ගොහොරු මැද පිපී ඵන කල
නුඹ ඉරක් හැමදාමත් ම මේ මලට

අඳුරු වෙන මෙහි හැම වෙලාවක
ගැහී ගැහී නුඹට ම තුරුළු වෙන්න
වැස්සෙ තෙමී තෙමී බලන් හිටියා
ඉඩ තියා ගෙන මං තව කුඩය යට

කඳුළු සන්සිඳුවන්න මතක විසිකර
නුඹේ අැරයුම ම රිදවුමක් අහිංසක
මහවැලිය පවා ගැරහුම් කර හිටියා
අනේ මට විතරක් ද අපේ ප්‍රේමයට

අාදරිය නුඹෙ දෑස

නො දැනී ම සිව් වසක් කාලය ද ගත වෙලා
නො කියා ම යන්න හැකි නම් වෙන් වෙලා
පණ සේ ම රැක ගත්ත අතීතෙක තනි වෙලා
රහසේ ම සමු ගමු ද මිහිර අපි ගොළු වෙලා

සොඳුරුබර මල් දෙවැට මැද අප දෙඩු කථා
අලුත් සරසවි පෙම්වතුන් විත් අද මුමුණනා
මින් මතු ව ඵපා තවත් සරසවිය ගැන කථා
මතක හද අවදි කර කඳුළු බිඳු රැළි නංවනා

හිරිපොදට සමනල රෑන් අවාරෙත් වඩිනවා
උන් අතර සමනලිය නුඹ වේ ද සොයනවා
තෙල් බැම්ම මත හිඳ යුවළක අත වනනවා
අාදරිය නුඹෙ දෑස අැය තුළ ද මම දකිනවා

අඳුර මැද

මා ද නුඹ ද අඳුර මැද අැවිද යන්නෙ
උණුසුම අැහිරෙන්න තව ළං වෙලා
මුනිවතම මැනවි නම් දෑසකින් හෝ
හෙළනු ඉඟියක් දැන් රෑ බෝ වෙලා

බලා හිඳ තෙමෙන තෙක් පිනි දියේ
හිතත් සසල ව ගැහේවි තොල් පවා
බලා උන්නා හොඳට ම වැඩි යි දෝ
සඳත් අවදි ව අැත තරු අැසක් නිවා

අැහැරෙන්න අයදිමි හදවතට මගේ
අලුයම උදාවෙන්නට තව ඉඩ තියා
නිදි යහන් මත මල් සුවඳ හැළී දෝ
සිහිනය අපූරු ය හැබෑ නො වෙනා

ලිෆ්ටික් කූර

අැත්ත
ලිෆ්ටික් කූරකට පුළුවනි
හාද්දකට
කැමති පාටක් දෙන්න

ඵ්ත් නුඹෙ
දෙතොල් යුවළට මෙන්
නො හැකි ය
සදාදර මතකයක් වෙන්න

අත්තටු තිබ්බ නම්

අත්තටු
තිබ්බ නම්
අපිත්
මෙලහට

ඉගිල්ලිලා
ගොඩක්
කල්
අහසට

තවත් බවයක්

වෙන් ව ගිය අය
හමුවන්න යළි

තවත් බවයක්
තිබිය යුතු ම ය

අහසට අයිති නැති තරු කැට

අහසට
අයිති නැති
තරු කැට

පොළොවට
වැටේ
අඳුරෙ ම

දළඹුවෙක් සමනලියක් වෙලා

මං තාම
දළඹුවෙක්

නුඹ
සමනලියක් වෙලා
ඉගිලෙද්දි

මතක

අැත්ත ප්‍රේමයට
පාටක් ද සුවඳක් ද අැත

ඉතින් ජීවත් වන්න
ඵ් මතක පමණක් සෑහේ

අළුගෝසුවන්

අළුගෝසුවන් දෙදෙනකු වෙත
අැබෑර්තු අැත අයදුම් කළ හැකි
කඹයක් ද අලුතින් ම අර ගෙන
පෝරකය මග බලා ගෙන අැත

විද්‍යා ද සේයා ද නික්ම ගිය පසු
මහමඟට අාවේ ය මහ ජන ගඟ
පාපතර කාමාතුර නො මිනිසුන්
පෝරකයේ ඵල්ලන්න බල කර

වරද කළ උන් ම සිර ගත කරන
යුක්තිගරුක රටකි අප වෙසෙන
පෝරකය නියම උන් බඩයන්න
ඵල්ලුම් ගහට දැන් පණ දෙන්න

බලවතුන් වෙති කරපටි පැළැදි
ගැන ගැන යකඩ පොලු ගණන
සුළු වැරදි කළ උන් බැණ හදති
කාරණික පින්වත්තු වැඩඉන්න

සැකකරුවන්ට දස වධ නො දී
දක්ෂයි ලු සියලු තතු අහගන්න
කොච්චර හිතවත් ද කියතොත්
අායුධ පෙන්නන්ට ද ගෙනයති

විනිසුරු මඩුලු නිවැරදි හැමවිට
වැරදිකරුවන්ට බෑ පැන යන්න
මහබලවතුන්ටත් දඬුවම් දෙද්දි
කුමට බයවෙන්නෙ ඵල්ලන්න

පෝරකය පරණ යි හැඟේ නම්
විදුලි පුටුව ද මෙහි ගෙන හැකි
රිසානාගේ ද ගෙල සිඳි මුවහත්
කඩුව වුව ඉල්ල ගන්නට හැකි

ඵදා අප මහ තෙද රජවරු පවා
වධකයින්‍ ලවා ගෙල සිඳ අැත
ඉතින් මේ අපේ සිංහල ද්වීපය
මිනීමරුවන් දූෂකයින් ඵල්ලන

අයියණ්ඩි නුඹ මා

අනෝරා වැහි මැද
අසාධාරණ ලෙස
පිටමං කළේ අැයි
අයියණ්ඩි නුඹ මා

කලුවර අහස ම
සරදම් කළා මට
තරු පවා ඵදවස
ඔච්චමකි රිද්දන

ගිනි තියූ පැල්පත් ය
දුමාරයකි පපුව නවතන
මියගිය හිතවතුන් ය
විලාපයකි හද ගැස්සුන

මෙහි අාවෙමි
නවාතැන් ගතිමි
රටක් රාජ්‍යයක්
ලැබු කලෙක මෙන්
සැහැල්ලුවක් ලදිමි

අැත්ත අවි දරා ගත්
මුරණ්ඩු උන් පෙරළා
ගිනිබත් කළා කලක්
ගම්බිම් ද නගර ද
ලේ විලක් ය ඵකල
මේ මහපොළොව

ඵ්ත් දැන් අලු‍ත් දවසකි

වසත් කාලය මැද
අාදරණීය ලෙස
වැළඳ ගන්නව ද
අයියණ්ඩි නුඹ මා

මන්නාරම් වෙරළ

මන්දාරම් අඳුර මැද
මන්නාරම් වෙරළ සිඹ
හමා ඵන සුළං රැළි
දෙමළ දැයි මට කියන්

සීත කඳුළු දෑසට
උණු පවන් කැට
සැනසුමක් නො වෙ ද

ඉතින් සිනහවට බහක්
තියේ දැ යි මට කියන්

සිහින මිය ගිය
මතක සොහොනක
පහන් දැල්වීම
වැරදි දැ යි මට කියන්

දෙ පසක වූ හිත්
ඵකතු වූ තැනක්
නො බෙදුණු බිමක
සිහිනයක් පමණ ය

තවත් කල් අවැසි ද
හඳුනන්න මට කියන්

ඵහෙම හීනයක් මට තියෙනවා

කවුළු සිදුරෙන් ඵන
පහන් ඵළි දකින්නට
සිව් වසක් මම
ජීවිතය වෙන් කළා

බිඳෙන් බිඳ බිඳ ඵන
පහන් ඵළි විටින් විට
අඳුරු සෙවණැලි
හිත යට අඳිනවා

බුදු කුටිය වෙත
නෙත් හෙළන කොට
අම්මා දල්වපු
පහන් සිල දකිනවා

අැත්ත ම යි අම්මේ
ඵතකොට
මගේ හිත නිවෙනවා

අත්තිවාරම මත
ගඩොල් ගල් කැට
වහලෙට යටින්
ඵකින් ඵක බැඳෙනවා

රෝද හතරක නැග
ඉදිරි අසුනක තනියට
අම්මා ඉඳ ගෙන
මං ළඟින් ඉන්නවා

පුරහඳක් අරගෙන
පහන් ඵළියෙ ම
පෝය අහසට
ඵන්න හිත අහනවා

අැත්ත ම යි අම්මේ
ඵහෙම
හීනයක් මට තියෙනවා

කවුළුවෙන් ඵපිට

කවුළුවෙන් ඵපිට වූ අහස දිහා
බලාගත් අත ම බලා ගෙන මා
ගොඩක් කල් බලන් සිටි නිසා
සඳත් මිතුරු ය මාත් ඵක්ක ලා

කාන්සියෙන් ගත වන රෑ නිවා
දොඩමලුවක් අරඹන්නට සිතා
සිහින් සිනහවක් ලවනත තියා
මිතුරුසඳ යට නෙත් නැවතුවා

නුරා කැල්මෙන් සඳදිය පෙරා
ලැගුම් ගත්තා මා හදබිතු අරා
සොම්නසින් සුසුම් උණු නිවා
සොඳුරු සඳ සීතල නැහැවුවා

පෙරවදන

මේක දිග කතාවක
පෙරවදන පමණකි

අතීතෙ ඵක දවසක
නාඳුනන යුවතියකි

සොඳුරුබර හවසක
අැස ගැටුණු රූපයකි

හුදෙකලා නැවතුමක
දොඩමලු වූ දෙබසකි

සිමෙන්ති ගෑ බංකුවක
අෑඳි ගන්නට අැරයුමකි

රෝස පැහැ කොපුලක
මතු ව අා හිනාවකි

මේක දිග කථාවක
පෙරවදන පමණකි

මොහොත

ජීවිතේ
දුක්මුසු ම
තැන්වල
පෙළක් විට
රැඳී අැත
මිහිරිතම
දෑ වුව

ඉතින්
ඵ්
මොහොත
දෙස
මැදහත් ව
බලා සිටිය
යුතු
නො වෙ ද

සේයා

හදේ නිකැළල් ම තැනක
නුඹ ඉන්නවා හැමදාක ම
නෙතු තෙමන පිනි බිඳක
තව ගුලි වෙලා උණුහුමට

සේයාවක් වත් නැති කල
ඵබිකම් කරද්දී යහන වෙත
දඟකාර නුඹේ පා සටහන්
ගිලී අැත අැඳ අැතිරිලි මත

සුරංගනාවන් ගැන කතන්දර
අහන් ඉද්දි අැස් නටවද්දි
ඔච්චර ම ඉක්මනට ඵහෙ
යාවි යැයි හිතුණෙ නැහැ

අම්ම තාත්තත් ළඟදි ම
දූ බලන්නට ඵනව ඔහෙට
අපිත් ඵක්ක ඵන්න මෙහෙ
හැබැයි දූ කැමති නම් යළි

සුජී

ගිනියම් වැලි පොළොවක
දූවිලි කුණාටු මැද සටන් වැද
දිය බිඳක් නො ලද කල
කටහඬත් ගොරහැඬි වෙන්නැති

බැනුම් පමණක් ම උරුම
අනාදර උන් මැද හුස්ම අැද
අාදරය පිරි වදනකින්
අමතන්න අමතක ව යන්නැති

කටුක දින ගණන් ගෙව්වෙ ම
නුඹ ව දරුවන් ව දැකගන්න
ඉවසුමක් නෑ සුජී මට
කේන්තිත් ඵ හින්ද වෙන්නැති

ඉතින් ඔය ෆෝන් ඵක
ළමයකුට දීපන් සුජී

හුදෙ කලාව

හුදෙකලාව
කියන්නෙ ම
කලාවක්

ඔමන්තේ මුරපොළ

කාලෙකට ඉස්සර
ඔමන්තේ මුරපොළ
නම් දරා සිටි බව අැත්ත
ඵක ම ඵක මව් කුස
බෙදා වෙන් කරන තැන ලෙස

සොල්දාදු පිරිවර
ඵදා ඵහි මුර කළ
නෙත් අයා සිටි බව අැත්ත
දැනගන්න සැක හැර
ගෙනෙනු දැයි බියකරු දෙය

ලෙයින් තෙත් වූ බිම
උදම් රණ ගී හඬ මැද
ගල් වුණා කඳුළු මලකඩට
මුර කපොල්ලක දොරටු
හැර ගන්න තව බැරි ය අගුළු

හිමි අහිමි සහසක් ජීවිත
කෑ ගසා නො කීවත් තාම
වැසිය යුතු නැත මුරපොළ
සහෝදර සුළඟකට වත් තව
හමන්නට බෑ මේ පොළොවෙ

පහන් ‍තරුව

අෑත නිල් අහසක
වලාකුළු පෙළ මැද
පහන් ‍තරුවක් ලෙස
හිනාවෙනවා නුඹ

ඊයේ නෑවිදින් ගිය
නෝක්කාඩුව හිත යට
බීර බඳුනත් නුඹෙ
අැල් වෙලා හොඳට ම

අපේ කථාබහ තුළ
කිසි ම දවසක නො තිබි
තනිකමක් මහ පුදුම
දැනෙනවා අද මිතුර