Thursday, June 11, 2015

නිදහසක අබිමන

පියාපත් යුග
මිටින් තද කර
රඳව ගත් මුත්
සුදු පරෙවියා

සාමයක උරුමය
දිනිය හැකිව ද
අහිමි කළ පසු
නිදහසක අබිමන

ගං ඉවුර නුඹ

උල්පතක හිඳ
ගලා යන ගඟකට
සාගරය තෙක්
මාවත කියා දෙන
ගං ඉවුර නුඹ

හිරු කිරණ නුඹ

සඳ රැසක මැද
ගෙවී යන රැයකට
ඵළිය ගොනු කර
නිහඬ ව ම හිඳින
හිරු කිරණ නුඹ

සහතිකය

ඉතින් සඳ නුඹ ද
ඉරට පෙම් බඳී නම්
රැය ලෙස ම මම
නුඹට සමු දෙමි

ඵහෙත් අහනව ද
පළමු කොට ඉරෙන්
දහවල අත්හරින
බවට සහතික ව

යටගියාව

දියලුමට හැකි ද
මොහොතකට
නවතන්න
ගලන දිය කඳ
දකින්නට ඉඩ හැර
ගල් පතුරු මැද
ප්‍රේමයක ඉපැරණි
යටගියාව

නිමිත්ත: පෙම් යුවළ දියලුමට දිවි දෙති

පෙම්වත් රහස්

අහසකට හැකි ද
උහුලන්න මේ තරම්
පෙම්වත් රහස්

ඉතින් ඉඳහිට
හඬනු අැත
මහ වැසි ලෙසින්

සැණකෙළියක් ය වෙසක්

සැණකෙළියක් ය
වෙසක්
හරි හතරැස්
අටපට්ටම් ජීවිතය
වීදියේ ඵල්ලන

මේක ගොඩ ගියොත්
තමයි බන් අපට වෙසක්
කිසිවකු කියනවා අැසිණ
කඩය අැතුළෙන්

පට්ටම් පමණක් ද
විසිතුරු කැටයම් යෙදූ
අටපට්ටම් ද
පොලිතින් උර යෙදූ
3 ක් ගත්තොත්
වට්ටමක් ද සහිත ය

බකට් අැත පැකට් කර
සෙලෝපේන් ඵක ලු
අගය වැඩි
ඉටිපන්දම් ද ඵහි ම
මිලට අැත

මාස තුනක
කරන්ට් බිල
ගෙවා ගන්නට හැකි ය
ලයිට් වැල් ටික
විකුණ ගත්තොත් අද

කුළුපඟු ව දැන් දොඩයි
කඩයෙ හිමිකරු අැවිත්
වෙස් මුහුණු වැලෙ
අඩුපාඩු පුරවමින්

සැණකෙළියක් ය
වෙසක්
වෙෙවර්ණ
වෙස් මුහුණු
වීදියේ දිස්වන

දිගැසියක

හිම මිදෙන සීත ඍතුවක
නිදි වරන නීල දිගැසියක
දුටු මසිත සුපිපි පුෂ්පයක
සුවඳ ඉතිරි ය ඵක රැයක

රැය පිපෙන කෞමදියක
නෙළා ගත නො හී දැක
වැළපෙන කඳුළු අහුරක
උණුහුම දැනේවිද දෑසක

පපු තොටිල්ලෙ

අම්මෙක්ට පුළුවන්
මහමෙරක් වුව
උහුලන්න
පපු තොටිල්ලෙ

කෙලෙස් සිත

හදබිම
සෙනසුනක් කොට
පහදවා ගතිමි හිත
බවුන් වඩනට

සුසුම් පා නුඹෙ
පියවර තියයි
සක්මන් මළුව මත
විටින් විට

ඉතින් සිතිවිලි
දැහැන් ගන්වනු
කෙලෙස

තවත් අැවිලෙන
ගින්දරක්
මිස

කෙලෙස් සිත

කෙහෙරැල්ල

සුළං වැද ලිහෙන
නුඹේ කෙහෙරැල්ල
වදියි මා මුහුණ
හැඟුම් කවි තවර

කහඉර මත

හදවත් දෙකක් තිබිණ
කහඉර මත වැටී
ගැහි ගැහී
විමසුවෙමි මම
පණක් තියේවි ද
ළඟට ළං වී

මිනිත්තු ගණනක්
ගත වුණත් හුරුපුරුදු
හදවත ගොළු ය
මුනිවත නො හැර

සුසුමක් දුටිමි මම
අෑතට අැවිදින
බිරිඳක දරුවකු
අතින් ගෙන

පොපි මල

පොපි මලක් වී පිපෙමි
හදතුරක නොමියෙන
කඳුළු වැසි වස්සමි
ගිම්හානයක අවසන

මවක බිරිඳක දුවකගෙ
කඳුළුලියක සුපිපෙමි
පුතකු සැමියකු පියකුගෙ
සුවඳමතක අරගෙන

උදම් ගී

උදම් ගී මැද
නුඹේ දෙණ තියා
සැමරුම් ය
සුදු හැඳ ගත් උන්
නො මද වරුණා

සුසුම් හී වැද
මගේ හද පුරා
ළතැවුල් ය
කඳුළු නෙත් විත්
ඵබෙයි පාරවා

පුත, විරුව
රණබිමක ළය පිදූ
පසට නුඹෙ ලෙය
පොහොරකි
මල් පිපෙනු අැත
ඵ පොළොව මත

ඉතින් හෙළමි
මේ කඳුළු අම්මගෙ
දියවර ලෙසින්
පසට උරා ගන්නට

විහඟ කව

විහඟ කවක සිනිඳු බව
අත්වින්ද නම් නුඹ දවසක
අඳුරු රැයට සොඳුර රැගෙන
ඵන්න ඉඩක් තිබුණා හදවතක

කඳුළු කැටිති මිදුණු නෙත
දැකගත්ත නම් නුඹ සඳවත
සිහින අහස නො ගොස් අතැර
ඉන්න ඉඩක් තිබුණා මේ මෙතැන

කිරිල්ලක්

තල් ගස් යාය බිම බලා ගත්
පාළු මූසල හැන්දෑවක් ඵදත්
අකුරු කර කැදැල්ල තෙක්
ඉගිල ඵන්ට බට කිරිල්ලක්

අැගේ පසුපස ලුහුබැඳන් අා
විෂඝෝර රුදු සර්පයින් ඵදා
මටසිලුටු වු තටු පොඩි ඉරා
ඉඳුල් ගත සුසුමන් සිර කළා

දමිළ බසින් නැගි විලාපයක්
අහස් කුස වෙත පවරා රහස්
වෙමින් අෑ සැඩ කුණාටුවක්
ගසා ගෙන යාවි හැමදෙයක්

නගරෙ

බෝඩිමෙ සිට

සෙත් වේවා!

අම්මෙ,
ඉතින් කොහොම ද
සැපදුක්
මං හොඳින්
රස්සාවක් හම්බවුණා
කන්න බොන්න
සතුටු වෙන්න
මහත්තුරු නෝනලා
නිතර යන ඵන
ලොකු තැනක
ඵච්චර අමාරු වුණෙ නැහැ
හොයාගන්න
ගම වගෙ නෙවෙ යි
නගරෙ හරි ලොකු යි

මේ වැඩ අැරී අැවිත්
ටිකක් මහන්සි යි
ඊයේ රෑ ගිය ගමන්
ගෙදර මතක් වුණා
ඵ්ක යි....

අප්පච්චි සනීපෙන් ද
නංගි මල්ලී
ඉස්කෝලෙ ගිහින් ද
අපි තුන්දෙනෙක්
ඵක බෝඩිමක
රුපියල් තුන්දාහක්
ඵක් කෙනෙක්ගෙන්
හොඳයි තැන
ගානේ හැටියට
කෑම කඩෙන්
අාව විතරනෙ තාම
ඉතින් අම්මගෙ
පොල් සම්බෝලෙ
කරවල බැදුම
මතක් වෙනව හැමදාම

අම්මෙ,
විනෝදෙට බර
නගරෙ මහත්තුරු
හරි හොඳ යි
සන්තෝසමට සල්ලි කොල
අතේ ගුලිකරල යනවා
මටත් හොඳට ම හති
නැටුම් ඉවර වෙනකොට

පෙළක් මහත්තුරු
ටිකක් අමුතු යි
අැස්වලින් මොනව දෝ
අහනවා
මං හනිකට
අහක බලාගන්නවා
සුමනෙ අයිය වත්
අාදරෙන්
මතක් කළා කියන්න
ලියුම් කඩදහියයක්
කොහොමටත්
ඵයැ යිටත් ලියනවා

මාසෙ අන්තිම නෙ
නංගිගෙ ටියුෂන්වලට
අප්පච්චිගෙ බෙහෙත්වලට
මේත් ඵක්ක
සල්ලි ඵවනවා
නවතින්නම් අදට
අම්මට, හැමෝට ම
බුදු සරණ යි

මීට,
අාදර ලොක්කි

තටු

තටු ලද විගස
අහස් කුස වෙත
ඉගිල යමි මම
සමනලකු ලෙස

ඵහෙත් මතකයෙ
තබා ගනිමි තව
කලක් දළඹුවකු ව
සිටිය වග මම

නික්ම යන වසන්තය

හුස්ම පිඹ අනන්තය වෙත
පාළුවෙන් දරා ගෙන හිත
නික්ම යන වසන්තය දෙස
අාදරෙන් බලා ඉමි මම

රහස්

ඔබට නො කියපු
අහසකට පවරපු
රහස් අැත අැති තරම්
හිතට වද දෙන
මතක පොත හැර
ඉතින් ගලපමි කවක්

සරදම්

නිල් නුවන් නුඹේ දැක
තාරකාවන් සරදම් ලද
හඬා වැටෙනවා රැයක
නිවා දැමී යැයි කළුවර

බෝඩිමේ ජීවිතය

සති අන්තියේ නිවාඩු ලද විගස
කැදැල්ලට නික්මෙමි
අලුතෙන් තටු ලද මෙන්
නැවත ඉපදෙමි ඵදින
බෝඩිමේ ගෙවී යන ජීවිතය
කොළඹ පාළු අහසට විසි කර
නික්ම යමි මම ගමට

බොරළු පාර ද
දෙපස ලදු කැලෑව ද
බලා අැති පිළිසඳරට
ලැහැස්ති ව මා සමග
වෑකන්දට උඩින්
හඳත් හනිකට
ඵ්වි අඳුරටත් කලියෙන්
වැළඳගන්නට

ඉතින් මම නික්මෙමි
කොළඹ පාළු අහසට වීසි කර
බෝඩිමේ ගෙවී යන ජීවිතය

අාල හුස්ම

හීන අත් අල්ලන්
දුර අෑතකට යන්
අාල හුස්මක තරම්
සීතලක් නැහැ කොහෙවත්

හැඩ

සඳ
වැඩියෙන් ම
හැඩ

තරු පිරුණු
රැයට නො ව
ගන අඳුරු
අහසට ය

අකීකරු සිත

මේ සිතත් නුඹ වගේ අකීකරු වුණා නම්
සමු අරන් යන්නැති මේ තරම් දුක් නොදී

අාදරෙන් ළං වෙලා නුඹ දුන්න හාදුවත්
කඳුළකින් සේදිලා යන්න අවසර පතයි

අායෙමත් හීනයෙන් මා සොයා නෑවිදින්
මතකයෙන් ගිලිහිලා යන්න දැන් ඉතින්

රූස්ස ගහ

තාත්තා ලෙඩ අැඳට වැටුණ දවසෙ
ගෙදර උළු වහලෙ ඉඩැති තැන්වලින්
වතුර බිංදු ඵක දෙක වැස්ස දවසට
ගේ අැතුළට ඵබිකම් කරයි දැන්

හුණු ගාපු බිත්තිවල පතුරු ගැලවෙයි
සායම් පාට මැකිලා දුහුඹුල් බැඳෙමින්
අම්මා දෑවැද්දට ගෙනා තේක්ක ලී
මහ විසල් අල්මාරිය පහුරයි වේයන්

වත්තෙ තිබ්බ රෝස මල් පාත්තිය
මැලවිලා කුරුලු රංචුත් කොහෙද ගිහින්
වල් පැලෑටි පොඩි කර ගෙන ඵ්ත්
අම්මා නැගෙයි රූස්ස ගහක් වෙමින්

කඳුළක් වෙමි

කඳුළක් වෙමි හඬන දෑසක වෙහෙස දරන
කොපුලක් වෙමි ගලන කඳුළක සිහිල රඳන
දෙතොලක් වෙමි රතැති කොපුලක හාදු තියන
පවසක් වෙමි විඩා දෙතොලක ගිමන් නිවන

ගඟුලක් වෙමි දහක් දෙන පවස සන්හිඳන
කන්දක් වෙමි ගලා යන ගඟුලක පණ පිඹින
අහසක් වෙමි උස් වු කන්දක සෙවන සදන
තරුවක් වෙමි උදා අහසක සදා ඵළිය දෙන

සයුරක් වෙමි දිලෙන තරුවක කැලුම් පතන
පවනක් වෙමි නිහඬ සයුරක තරඟ පිසින
හවසක් වෙමි හමන පවනක සුවඳ සොයන
කවියක් වෙමි තනි වු හවසක හිතට ඵබෙන

හීන

නුඹ දුන්න හීන
අතවනයි තාම
දුරකට වෙලා අෑත
ඉන්නව ද කෝම

නෙත රැන්දු පාට
දේදුන්න වාගේ
වැහි දාට අැඳෙන
හැමදාම නේන

සීත රැයක පාළු
ඉන්න හිත ගාව
නුඹ නැති ව තාම
කඳුළු නෙත යාලු