Sunday, April 19, 2015

ජීවිත හයක්

සමන් ගෘහමූලික
දරුවො හතරක භාරකරු
ගෙවල් බෝකර් වත්තෙ උපන්
රේස් බුකියෙ වාසනාව
ඔට්ටු තියන
අවුරුදු දාසයෙන් පන්න ගත්
විමලා දැන් ටිකක් මහලු
බුලත් හප කරන
උන් තැන ම කෙළගහන

වැඩිමලා සරත් දවල් වැඩවරන
රෝද තුනෙන් රෑ වැඩට
ඉගිල්ලෙන
වත්තෙ ගෑනු තැන තැනට
ගිහින් අරන් ඵන
හයේ හයර් ඵක
මාළු මාර්කට් ඵකට
දිනපතා නො වරදන
පිලී ගඳ පෙරා ගෙන
පාන්දරට ගෙට ගොඩවෙන

කාන්ති දෙවෙනි පවුලෙ ඵක ම දෝණි
වත්තෙ කාගෙත් සුන්දරි
සඳේ පළුවක් හොරෙන් ගත් ගෑනි
දහයෙ පන්තියෙ දි
බෝක්කුව යට අාදරය අැහින්දි
අවුරුදු තුනක කිරි සප්පයට
දැන් ලේ පුදන මෑණි

මද්දුමයා මංජු ගමට චණ්ඩි
ගෝරි දා ගෙන ගෙට අැවිත්
මන්නෙ අැද ගෙන
කටින් අසූචි කරන
මාසෙකට වරක්
මහ උළු කැට ගැන ඵන

බාලයා සංජු හතේ පන්තියෙ
ඉස්කෝලෙන් කට්ටි පනින
කොල්ලො ඵක්ක
රෝන්දයට යන
ගෙට හොරෙන් දුම් අදින
වත්තෙ සුමනෙගෙ කෙළීට
අාලෙ පා ගුටි කාපු

මුඩු නො වුණු බිමක
හරි හතරැස් ලී පටි ඵලපු
මාළිගයකි ජීවිත හයක්
හුස්ම ගන්න ඵකට හැපි හැපී
බාග දා ගෙයි ඉඳන්
අහසෙ තරු ගනින
වැහි දාට බාල්දියකට
වතුර බිංදු ඵකතු කරන

Saturday, April 18, 2015

අතරමං ව

හිම කැට කෙමෙන් දිය වී
පෙණ පිරී ඉතිරෙන
බීර බඳුනක රස
තොල ගෑවෙමි
ඉනික්බිති
මත් ව ගිය මනසින්
යහනට වැදී
අඩ නින්දේ හිඳින විට දි ය
නුඹ අැවිත් නෙත් මත
අැන්දෙ ඵ සුන්දර චිත්‍රය

ඉතින් ඵ කෙසේ ද යත්
සොඳුරිය

පියාපත් විදා
නිසල දිය සසල කොට
දිය රැළිති නංවා
ඉගිලෙන්න සැරසෙන
රණහංස යුවළකි

මණිපත්‍ර ලිහා
සිනිඳු කෙමි විවර කර
මකරන්ද උතුරා
සුපිපෙන්න සැරසෙන
තාමරස කුසුමකි

කෙමෙන් මත් බව පහව යද්දී
ස්වප්නයක මා
අතරමං වුණ බව පසක් විණ

ඵක භවයකට

යුද්ධය... ඵ වචනය අැහුණ ම
අදත් මම ගැස්සිලා යනව බයට...
මට තාම මතකයි අද වගේ ම
නිවාඩුව ඉවර වෙලා නුඹ යනවා ‍
හුරුපුරුදු හාදුවක් නළලත තියා

දවසක්... යුද හමුදාවේ ජීප් ඵකක්
ගේ දොරකඩ අැවිත් නතර කළා
ඵ අැසිල්ලට
නුඹේ සුවඳ සිඹින්නට
මං පියාඹලා ගියේ
කිරිල්ලියක් වගේ

ඵ්ත්...
බිඳුණු හඬකින් අැහුණා
හතරැස් පෙට්ටිය තුළ
නිසල නුඹෙ සිරුර
තැන්පත් ව අැති බව

ඵ් නුඹ ම බව
අනේ රත්තරනේ මට
අදහන්න බැරි වුණා
දැනුත් දැනෙන්නේ
නුඹ මා ළඟ ම බව

ඵදා ඉඳල ම
නුඹේ රූපය
කඳුළුවලට බොඳ කරන්
අැහිපිල්ලමක් යට තියා ගෙන
ඉකිබිඳිනවා මං

අම්මා හැමදාම කියනව
අලුතෙන් ජීවිතය පටන් ගන්න ලු
ඉතින් හෙට මං
අම්මගෙ අාසාව ඉටු කරනව

මැකී ගිය මගේ සඳ
වළලමි නුඹේ ම‍තකය
තවකෙකුගේ සෙනෙහස
ගරහන්න බැරි තැන
මේ භවයේ විතරක්
ඉඩදෙන්න මට
වෙනෙකුට අයිති වන්නට
මතු භවයෙ හමු වෙනකම්

උඹ කියන ප්‍රේමය

උඹ නම් හිතවත
මෙලෝ රහක් නැත
තව ම මලක කෙමි
සිඹ නැති ද

සිදුරු කර හද
රාගයේ මන්ථයෙන්
කලතවා
සිතුවිලි සයුර
අමෘතය කළ හැකි ය

පෙති හැළුණු මලක
මිලට ගෙන දවසක
අැන බලනු තුඩගින්
මිහිරක් වේ නම්
අමතනු මා නැවත
සමනලියක අල්ලා දෙමි
ඵවිට තටු නාෙ සිඳි

ඵහෙත් නො කියනු
අැය සමඟ
රාගයෙන් තොර
ප්‍රේමයක් ගැන

සිහින හසුන

නිහඬ රැයක ශ්වේත සළුව ලිහා දමමි
පිරුණු හඳක සදිසි මුහුණ මවා ගනිමි
සිහින අතර සුමුදු කොපුල හාදු තියමි
සකුණ තුඩග පළැඳ හසුන ලියා ඵවමි

පසුපස අසුන

පුරුද්දට වගේ
තාමත් මං ඉඳගන්නේ
බස් රියේ පසුපස ම අසුනේ
මට ටිකක් ඉස්සරහින්
දකුණු පස අසුනක
නුඹ උන්නේ
නාඳුනන අයෙකුගේ
උරහිසට වාරු වී
ඵක අතක් ඔහුගේ
පිරිමදිමින් තිබුණා
වම්පසින් නුඹේ කම්මුලක්

මොහොතකට දැනුනේ
සියුමැලි බවක්
මගේ අතැඟිලි අතර
ගැහෙමින් තිබුණ
ඵ අැසිල්ලට
මතක පෙළක්
අැස් අග්ගිස්සට
මෝදු වුණා

ඵහි ම තනි වෙමින්
ඉන්න අතරතුර
ගමනාන්තයක
අැය ඔහුත් ඵක්ක
බැහැගද්දි
මං උන් තැන ම
නැවතිලා හිටියා

අස්වාමික සඳ

ගැහැනියක පිනන
ආදරය පිරි මායාව
නයන යුග පිරුණ
විහ‍ඟෙකුට ඇලීමි

සල්ලාල විහඟ තුඩ
නුඹේ පෙම්බර බස
රවටතැයි නොදැන
හැමදේ ම පිදුවෙමි

වරද වූයේ මගෙනි
දඬුවම ද හිමි මටය
අස්වාමික සඳ වුව
සාපැටවි රැක ගමි

රෝස මධු යහනක
වසත් සඳ මියැදුණ
අතීතය යට කොට
මතක වත පුදදෙමි

එතෙර ගිය පුතුට

බාල කල පුයර මුසු
නුඹේ කිරි සුවඳ
තව ම තියෙනවා
පෙනහළු ගැඹුරක
විටින් විට මම
දුම් පයිප්පය
මුවට ළං කර
මතක් කරමි ඒ මතක

මහගෙදර තිබු ඉඩම
කට්ටි කොට
වෙන්දේසි කළ වග
කථා වෙනවා මං අහගෙන
මහලු ගෙට ලියුම් ගෙන එන
පියුම් ධර්මෙ භාරකරු සමග

මසකට වරක් උඹ
මගේ ගිණුමට
මුදල් බැර කරනව ලු
ඊටත් මහලු ගෙයි
අලුත හදන බිල්ඩිමට
වැඩි ම මුදලක්
දුන්නෙත් උඹ ලු

උපන් රට අතහැර
දුර රටක වෙසෙන
‍උඹේ සැපදුක අසා
ලියුම් කඩදහියක් වත්
ලියාගන්නට දැන්
අත්වලට වාරු නෑ මගේ

මං බලන්නට
මෙහේ නාවට
කමක් නෑ මගෙ පුතේ
මහලු තනිකම
හොඳට පුරුදු යි දැන්
අම්මා නැතිවුණ දා ඉඳන්

හැම ඉරිදා දිනක ම
පන්සලේ පොඩි හාමුදුරු නමක්
බණට වඩිනවා මහලු ගෙට
සැඳැ කල මම
ගලා යන ජීවිතය දෙස
බලා ඉමි මැදහත් සිතින්

තව දවසක්

නුඹ ඵන්න
මේ වස්සානෙ ම
තව දවසක් මං
තියා ගන්නම්
මඟහැරුණු තැන්
කථා කරන්නට

ඵදාට අපිට අායෙමත්
පුළුවන් වේවි
ගතවුණ කාලය
මෙනෙහි කරන්නට
ඵහි රැඳුණු මතකය
අවදි කරන්නට

ඵහෙම දවසක
අපි හමුවුණොත්
කඳුළුවලට ඉඩ දෙමු
අැති තරම්
දොඩමලු වෙන්න

හෝලි

විසිරුණු ජීවිතයට
පාට වීසි කළ දවසක
දේදුන්නක් වාගේ නුඹ
නෙත් මානයට අාවේ

නාඳුනන මුත්
නුඹ වෙතට විත්
පියකරු ව පිපුණු වත
අැන්දෙමි රත් පැහැය
කෝල ලෙස සිනාසී
පිළිතුරු ලෙසට නුඹ
තැවරුවා මා වත
නිල් පැහැති සායම

පළමු වරට හෝලි දා
රත් පැහැය නිල් පැහැය
ඵක් කළ අාදර සිත්තමක්
අැඳගතිමි මම හද ‍තුළ

නැවතුමක් තෙක්

බොහෝ දුර
සංසාර සක්මනක
අැවිද අාවෙමි මම

ගගන තල විසිරුණු
සිනහ කඳුළු තරු
පාර කියා
දන්වාවි රැය අවසන
නයන යුග පැතිරුණු
සිහින පැතුම් මල්
පෙති විදා
අැහැරේවි හෙට අලුයම

බොහෝ දුර
නැවතුමක් තෙක්
අැවිද යමි මම

මේ ගමන

සිහින පොදි බැඳ
තව ම මග බලන් ඉමි
නුඹ ඵ්වි සහතික ව
නික්මෙන්න
මොහොතකට හරි පෙර

ඵක්වන යකඩ කට
හඬනගන්නට විය
අසුන් ගත් දුම්රිය
පිටත් වන්නට නියමිත බව
කවුළුවෙන් ඵපිටට
මුහුණ දා බැලිමි මම
නුඹ ඵ්වි දැ යි පමා වී හෝ

ඵහෙත් කෙමෙන් කෙම
දුම්රිය ඉදිරියට අැදිණ
අනන්තවත් හිතුණට
දුම්රියෙන් බැහ යන්න
මේ ගමන යා යුතු ය
නුඹ නැතත් සොඳුරිය

හිරු

නිශා කල ගෙවා
අලුත් දවසකට
අරුණලු වැඩමවා
හිරු හිඳී පිච්චෙමින්
දහවල පුරා

විහඟකුගේ පෙම්පත

හේමන්ත ඉම
දෙගිඩියාවෙනි හිත
ළතැවුල් නිවන
නැවතුමක් පතා

ලියා ඵවමි මම
අාලවන්ත කව
සිනිඳු ම අකුරින්
විහඟ පියාපතක

පරිස්සමට නො රිද
ඉල්ල ගන්නව ද
නුඹේ නමට ඵවු
ඵ සුපෙම් හසුන

අැස් දෙක ම දෙස
බලා ඉමි නො නිද
පිළිතුරු ඉඟිය
ලැබෙන තෙක් මම

හිතුමතේ මැදියමේ

ජීවිතය නම් තුරු පෙතේ
ඉගිල යන මේ මාවතේ
ගිමන් හැර යමු සොඳුරියේ
පහන් පැළ යට ළං වෙලා

මග හැරේ යන බයෙන්
පියාපතකට යදම් දා
හිතට අපි ඉඩ දෙමු
ඉගිලෙන්න රෑ මැදියමේ

ගනඳුරේ ඉඩ අරන්
තනිකමට තිත තියා
තොලට තොල ළං කරමු
දැවටෙන්න අද හිතුමතේ

වසන්තයක නිමාව

මමත් නුඹ මෙන් ම
මේ වසත් කල
උදා වන තෙක්
බලා උන් වග ඇත්ත

එහෙත් නුඹ විඳින
ඒ වසන්තෙ ම
සුවඳ දෙන අතර
පර ව යන මල්
මම දුටිමි

ගී ගයන උන් අතර
ගොළු ව ඉකි බිඳින
විහඟුන්ට
කන් දුනිමි

ඉතින් නුඹ විඳින
වසන්තය වුව දිනක
නිමා වන බව
දැන ගතිමි

දැන් මම
වසන්තය‍ට ගත වන්න
ඉඩ දෙමි
නිමාවක් ම සොයා

මහමායා ව කලුරිය කළ දා

ලෝකය ම ජය අරන්
කිරුළ හිස පළන්
රජකු ලෙස
ගමට ඵන දා
නුඹ හිටිය නම්
මා ළඟින්
හිස මත සිනිඳුවට
අතැඟිලි අැවිදවා
උණුහුම් ම හාදුවක්
නළලත තියාවි

ඵ්ත් නුඹ
පියා ගත් දා
දෙනෙත් සදහට
කොහේ සැඟෙව්ව ද
සිනහවක කඳුළු
අහිමි කර මට
සෙනෙහසක මහිම

මහමායාවණි
බුදු වන්න නො පැතු
සිදුහත් කෙනෙක්
වෙමි මම
දෙව්ලොවෙන්
සිහිනයට විත්
නැළවිලි ගීයක්
කියනව ද
ඉස්සර වගෙ ම
නින්ද ඵන තෙක්
මා ළඟට

පැරණි ප්‍රේමය

මීට ශත වර්ෂ
ගණනකට පෙර
මියැදුණ නමුත්
අඳුරු අහසට
ඵළිය දෙයි තව
තරුවක් වෙලා

ඵ වන් දුර නැතත්
පැරණි ප්‍රේමය
මතකෙට අැවිත්
වියළි දෑසට
හුස්ම දෙයි සිඹ
සිහිලක් වෙලා

බොල් හඬ

රළු ගලක වුව
අැතැම් විට
තිබිය හැකි ය
බාෙල් හඬ
නංවන තැනක්

මතක කවියක්

වෙරළ යාබද
වැටකෙයියා පඳුර යට
වැටී තිබුණා
මතක කවියක් පරණ

ඵදා මෙහි අා ගිය
අැතැම් අය අද නැත
මෙදා මෙහි අාවෙමි
වෙනත් අය නැතිවට

නවාතැන් පළ හැර
දිනක් ඵ්වි ය යා යුතු
සදාකල් හිමි වුණ
යමක් වේවි ද ලෝදම

නගරයට ගිය දා

විදුලි වේගෙන් අැදී ගිය
සැප රියක ඉදිරිපස අසුනක
නුඹ අසුන් ගෙන උන් හැටි
සිහිනයක් වගේ තව

ගමෙන් නගරයට ගිය දා
කොන්ඩ කරල් දෙක බැන්ද
නංගියේ කොහෙ හැංගුව ද
උඹෙ ඵ් අහංසක කම

තටු කැපුව දා අැඟ පේන්න
උකුසු අැස් කෑදරයි වනයේ
පරිස්සමින් පියාඹන් බන්
හිත බය යි උඹ දැකලා

දුර බැහැර ගෙවා
නුඹ බලන්නට අාවේ
පරණ තැන අත්හැර
ගියා කියල යි කීවේ

සැප රියේ උඹ මේ
කොහේ යනව ද නංගි
ගමට යන්නට අායේ
මුණගැහේවි ද කෙල්ලේ

මල් වගෙ ජීවිත

නෙළා ගත් මල්
නුඹේ පාමුල තියා
පර ව යන හැටි බලා
හිතා ගන්නට
ජීවිතේ අනියත ස්වභා
මදි ය අප පින් වඩා

ඉතින් ඵ් මල්
පන්සලේ පාමුලට වී
විකුණ ගත්තොතින්
වේල් තුන හෙට
පිරිමසා ගන්නට
හැකි ය බුදු හිමියනේ

වැහි බින්දුව

දන්නව ද
වැහි බින්දුවකට
වුණත් පුළුවන්
ඉඩෝරයකට
බලාපොරොත්තුවක්
වෙන්න

අරණක් තරම්

අරණක් තරම් පියකරු ය අම්මාගේ රූපය
පිරිතක් තරම් පින්බර ය අම්මාගේ ස්වරය
පියුමක් තරම් පිවිතුරු ය අම්මාගේ සුවඳ
කවියක් තරම් නිර්මල ය අම්මාගේ රසය
පවනක් තරම් සිහිලැල් ය අම්මාගේ පහස

ගඟක් වගේ

මට ඕන
ගලා යන්න
ගඟක් වගෙ
නිදහස් ව
අතරමග
මුණගැහෙන
ගල් වැටි මැදින්
හැඩ වෙමින්

කඳුළු විරාමය

ඵන්න යමු
ගිහින් අෑඳි ගමු
අන්න අතැන
ඔව්
අන්න අර අතැන
ඉස්සර වගෙ ම
අැහැල මල් වැටෙන

ගිහින් ඉඩ දෙමු
අැස්වලට
කඳුළු විරාමෙක
දොඩමලු වෙන්න
අාගිය තොරතුරු

හුස්ම කවිය

කවියක් කියන්නෙ
හුස්මක් වගෙ

පපුවෙ
හිරකරන් ඉඳල
පිටකරන

ගඟකට වුව

ගඟකට වුව
ගලන්නට හැකි
සයුර තෙක් පමණි

අලුත් සුළඟක්

අලුත් සුළඟක් නමුත්
පරණ දූවිලි සුවඳ අතරින්
අැවිත් නංවයි තවත්
මතකයට හුරුපුරුදු තැන්

ඉතින් කඳුළක් දෙකක්
අැද වැටෙයි අැස් අද්දරින්
ඵහෙත් හුස්මක් දරන්
සුළං කැඳවමි කවුළුවෙන්

සිහිල් පහසක් වෙමින්
හමා විත් ගත දැවටෙමින්
සුළං පොද අාදරෙන්
පිස දමයි දුහුවිලි කැළැල්

සඳට වුව

සඳට වුව
තියෙන්නෙ
රැයක් පමණි

සඳ අයිති

සඳ අයිති
රැයට මිස
රැය
අයිති නැත
සඳට

ගහක් යට

වස්සාන සුළඟට
ගසා ගෙන යන
අරමුණක් නැති
තුරු පතක් වෙමි මම

නුඹත් ඵහෙම නම්
දිරාපත් වන තුරු
රැඳෙන්නට හැකි
ගහක් යට නතර වෙමු

කොවුලකුට වුව

කොවුලකුට වුව
ගී ගයන්නට
වසත් කල
පැමිණිය
යුතු ය