Tuesday, November 21, 2017

අාව ගිය හැටි

පාළු සිහිනවල වුව
පාට තැවරුණ මතක
තාම ඉතිරි වී අැත

අෑත මීදුම් සළුවක
හීන නැවතුණ රැයක
අාව ගිය හැටි අැත

අතරමැද නිහඬ බව හුස්මකින් බිඳලන්න

මං කැමති අඳුරට
විදුලි පහන් නිවී ගිය
කණාමැදිරි ඵළි දැල්වෙන

මං කැමති රහසෙ ම
රැහැයියන්ගෙ දොඩමලු
අහගෙන ඉන්න
අතරමැද නිහඬ බව
හුස්මකින් බිඳලන්න

මං කැමති තරුවල
නිවෙන දැල්වෙන මොහොත
අැස්වලින් අල්ලන්න
ඵ් නිමේෂයේ
සිහිනයක ඵල්බෙන්න

ඵනවා ද නුඹ සොඳුර

රොබරෝසියා මල් වැටුණ
තුරු පෙතට අද හෙට ම
රතු රෝස මල් රැගෙන
ඵනවා ද නුඹ සොඳුර

අාදරේ සැමරුම් රැදුණ
මතකයක් උරුම අැති
හදවතක් වුව ඵහෙම
පිළිගන්නවා ද මිහිර

විලාසිනියක

විඩාබර අහස් කුස
විලාසිනියක වෙස් ගෙන
බලා හිඳියි හිරු දෙස
අවදි වී යන හැටි උදෑසන

සිනාසෙන කඳුළුවල
වටිනකම උකස් කොට
පරාජිත ලිහිණියක ලෙස
සැඟව යයි අෑ වැහිවලාවක

මහවැසි

නියඟයට පසු ව ඉඳුරා ම
මහවැසි අැද වැටෙන බව
කීවා මතක ය ඵදත් නුඹ

බිදුණු මව් ළතෙත් පඳුරක්

දිය සිඳී ගොස් පිපාසෙන්
ඉරී තැලුණු තැන් පෙන්වමින්
බිදුණු මව් ළතෙත් පඳුරක්
තුරුපතක් අමතා කී කවක්:

''පුතුනි අප වැනි ම මිනිසුන්
හෙළු දහඩිය කඳුළු හුස්මන්
රැඳී ඇති බැවිනි මෙතරම්
සුළං රැළි වුව ද උණුසුම්

වැසි ළඟ ම ඇත ඉවසපන්
සතුටුමල් සිපගන්න දෑසින්
මියුරු ඵල එක්ක සැනසුම්
අප්පච්චි අත අරන් එනකම්

දුක සතුට දෙක නිති මැදින්
ජීවිතය ඇත පෙරළෙමින්
පුතුනි එ‍ බැව් නුඹ දනී නම්
වැහි ඉඩෝර වුව නැත කම්"

යළි මුණගැසෙන්න

ප්‍රේමයට පුළුවනි
යළි මුණගැසෙන්නට

මතක මාවතක
තනි ව අැවිදින
හැම වෙලාවක

ගමනාන්තය

මෙහි ගමනාන්තයක් වෙතොත්
යළි අප හමු නො වනු අැත
සියල්ල කෙමෙන් කෙම අතැර
ඵහි අප ගමන් ගන්නේ නම්

සෙල්වා දන්නව ද

ප්‍රේමය පටන් ගන්නේ ඵ තැනින්
දුම්රිය පාපුවරුවක යන්න අාස
ඵ්ත් බයට ගැහෙද්දි ළං ව මාව
නුඹට වාරු කරගත්ත වෙලාවක

ගිනි තියන කොට ඵක ම ඉර
හැංගෙන්න තැන් හොයන මට
නුඹේ සෙවනැල්ල සෙවනකි
මියෙන තෙක් සමීපයේ ඉන්න

උකස් කඩවල තියෙන රන්බඩු
අපිට අයිති නැති වෙන කොට
නුඹ නළල මත අඳින මොට්ටුව
කෙතරම් අපුරු ද ඵහි උණුසුම

ඉස්තරම් සළුපිළිවලින් ගැවසුණ
නගරයේ විසල් කඩවල නො ව
නුඹත් ඵක්ක ල පමුණුවෙන් ගත්
රටා දැමු සල්වාරිය ය ලස්සන

බහක් නො හඳුනන නිහඬ තැන්
කොතෙක් අැත කථා දෙන අැස්
නාඳුනන මේ කොළොම් තොට
නුඹ ම පමණ ය සීත රාත්‍රිය මට

ඵදත් මතක ද සඳ ඵළිය හිටියා තනියට

තුරු මුදුන් අතරින් ලිහී විත් හෙමිහිට
හැමදාම සඳ ඵළිය වැටුණෙ මෙතැනට
මතක ද කවුරුවත් ළඟ නැති අැසිල්ලට
සේපාලිකා මලක් හැරවුණා හාද්දකට

අාලින්දයේ ප්‍රේම අාලිංගන මැද ඉඳහිට
තනි වෙන්න නුඹ ඵක්ක පෙරුම් පිරුවට
අම්මා අප්පච්චි වලව්වෙන් යන හැමවිට
රියසක භාර වුණෙ නුඹේ අත්තටු දෙකට

පොරොන්දම් පත් ගැලපුණා නැකතට
මනාලයෙක් අැවිත් පොහොසත් උඩරට
අැඹුල් කර ගෙන හිටි නුඹෙ මුහුණ යට
කඳුළු මල් අැහින්දා මං හැඬුම් දී අහසට

නෑසිය හිතවතුන් හැර යළි නො ඵන්නට
නුඹත් ඵක්ක ලා අත්තටු පටලවා සදහට
පියාඹා ගෙන අාවා අපේ ම කැදැල්ලට
ඵදත් මතක ද සඳ ඵළිය හිටියා තනියට

වෙල් ඉපනැල්ල

වෙල් ඉපනැල්ලක දුව යන්න තිබ්බ නම්
තාර අැතිරිල්ලක දෙපා නොගැටී අද මෙන්
පැල්පතක ඉදෙන බතක් මාලුවක් නැවුම්
තලු මරන්නට බලන් ඉන්නේ දොළදුකින්

ඉස්සර හැම අවුරුද්දකට ම වගෙ නෑගම්
යන්නෙ ගමේ මහගෙදර බලා ඉපිලෙමින්
දඟකාර වයසෙ හුන් ඵදා කළ කෙළිකම්
මතකෙට නැගේ ඔන්චිල්ලාව පැද්දෙමින්

බැද්දෙ ගොස් කිරල කන විට පා කවටකම්
සුන්දර ම කාලෙකි ගත වූ නොදැනෙමින්
අතු දරා නිබඳ මල් දැරූ මහ ගහක් උතුම්
අදත් ඉන්නවා අැති ඵන තෙක් මග බලන්

මුහුණු පොත මුහුණ කලු කර ගත්

කලු හමක් අැති උන් ද
මේ මහපොළොව මත
මියැදෙමින් අැත

පෙළක් උන් සා ගින්නේ
‍තවත් උන් වැටී යුදබිමේ
නැතිනම්
සාහසික උන් අතින්

ඵහෙත් කිසිවකුත් නැත
උන් නමින්
මුහුණු පොත මුහුණ
කලු කර ගත්

අතහැරිය යුතු නැවත අාගමනයක් ඵහි නැත

වන ළැහැබක අෑත
පෙනෙන
කාටත් ම නො පෙනෙන
තැනක
කවියක් වගෙ ඉසියුම්
හඳ ඵළිය වගෙ නැවුම්
ප්‍රේමය වගෙ
පාරිශුද්ධ තැනක් අැත
මනසින් ම
ගොඩ විය යුතු
සපුරා ම
අතහැරිය යුතු
නැවත
අාගමනයක් ඵහි නැත

හිස දිනූ තැන

උන්වහන්සේ පා තැබූ තැන
ඔවුහු හිස ගලෙහි ගැසූහ

උන්වහන්සේ හිස දිනූ තැන
ඔවුහු පා තියා නැත තාම

තරමක් අවිචාර ය

උන්වහන්සේගෙ ශ්‍රාවකයන්
ඉතා පැහැපත් ය ඵහෙත්
තරමක් තරබාරු ය

ඔවුහු
ඉස්තරම් ම
කසාවත් පොරවති
කිසිත් පීඩා නැති
සුවපහසු රථවලින් ම
දනට වඩි‍ති
උස් අසුන්වල ම පිළිගනිති
මැනවින් සාදා අැත්නම්
නොවළහා තව වරක් අයදිති
කුස තර කර ගනිති
දහම් පද කියා දී
උවැසියන් සිත තුටු කරති
අැතැම් සාමණේර පොඩිහූ
නින්දෙන් ම
පින් අනුමෝදන් කරති

ඵබඳු දිනවල
නිවෙස් සැණකෙළි බඳු ය
තොරන් අරුමැසි හැඩ ය
සුදුවතින් සැරසුණ
නෑසියන් හමුවුණ
පුයර ගෑ මුහුණු ය
රටාවට ඵලූ නේක පැහැ
විදුලි බුබුළු ය

දාන මාන කොට හවසට
මධුපානෝත්සව ය
උවැසි දන දන ගැන
පසුවිපරම් කරති
ගේහිමි තැන ශේෂ පත
හඬනඟා පවසති
අඩුවක් වෙතොත්
බිරින්දෑ ඵය පුරවති

උන්වහන්සේගෙ අනුගාමිකයන්
ඉතා සැදැහත් ය ඵහෙත්
තරමක් අවිචාර ය

අාදරණීය රොබරෝසියා

අාදරණීය
රොබරෝසියා
නුඹ සෙවන දෙන
මේ සරසවි පාර
දැනහඳුන ගත් අය
ම'වෙත කැඳවන
වාර අනේක ය

වෙන්දේසි වත්ත

වෙන්දේසි වත්තක උපන්
මහ ඵවුන් අතැර පළා විත්
නුඹ ඵක්ක පැලක් අටව ගත්
නූගත් ගෑනි මම

සර්වපිත්තල ලෝක ධාතුව
රතු තීන්ත පෑනකින් හැමදාම
අාරෝවට කුරුටු ගාමින්
කථා අැන්ද සිත්තරා නුඹ

වැහි බිංදු වහලෙන්
හීනියට රූරලා වැටෙන
හීතලම මොහොතෙත්
නිමා නූන සිත්තම ඵය

කටකාර දෙතොල් උඩ
හීන නින්දට යන තෙක්
හූමිටි දෙමින් දවසෙ ම
ළඟ උන්න ඵද‍ත් මම

වටල ලා ගේ වට
පැන යන්න බැරි තැන
ගෙට විත් තුවක්කුවෙ
කොකා ගස්සපු හදිස්සිය

නුගේගොඩ නුඹ ඉතිහාස පොත

නුගේගොඩ නුඹ
ඉතිහාස පොතකි
පෙළක් පිටු ඵහි
ඉරී අැති මුත්
පුරුදු තැන්
තව ම
බොහො ම ය

හයිලෙවල් පාර දිග
ඵකට අැවිදි ගිය අය
අද ද මග තොට
සිනාබස් දී හමුවෙති

පුරුදු නැති තැන්වල
මඟ හැරුණු අැස්
හෙටත් හමු නො වී
වෙන් ව යනු අැති

හුස්ම ගන්න ඵක අමතක කරන ඵක

මතකය කියන්නෙ ම
මොහොතකට
හුස්ම ගන්න ඵක
අමතක කරන ඵකට

සඳට රැය

සිහින අතහැර
ඔබේ අසල ම
නතර වෙමි මම

අඳුර වෙනුවෙන්
තනි රකින
සඳට රැය ලෙස

සලකුණු

හැම ඉසව්වක ම
සලකුණු අැත
අා ගිය වග මෙහි
පෙර අප

සබඳකම්

උනුන් ගැටෙන තැන්
සමබිමක් කොට
පසකට වුණිමි මම

ඉතින් දැන් සබඳකම්
පල දරා අැත
සිනාසෙමි මම තනි ව

නුපුරුදු ය කාලෙකට පසු

අායෙමත් අපි ඵහි ඵන කොට
වසන්තය හිටියෙ කරබා ගෙන
හුරුපුරුදු මල්වතු මැදින් වුණත්
අැවිද යන ඵක නුපුරුදු ය
කාලෙකට පසු

කවුරුවත් නැති කොට තනි රැක්ක
කුරුලු රංචුව නුඹ දැක්ක ද
අපි නැතිවට මෙච්චර කාලයකට
උන් පවා හැරයන්න අැති මේ උයන

මතක කවියක් මුමුණ ගෙන යළි
අත් අල්ල ගෙන අැවිද ගිය දුර හැර
ඵක දවසක සත්තක යි මම
උයන හැරයනවා කොහොම හරි

මහරගම අහස

දහඩියට පෙඟුණ වැරැහැලි
වැසි දියට ඵතෙන ලෙස
සම සම ව මේ පොළොව
බෙදා ගනු අැත ය දිනක

මහරගම අහස මහැදුරෙකි
ජීවිතය මට කියා දෙන
ලංගමක් ඵන තෙක් තවම
බලා ඉන්නා අැස් ළඟ

ඉතිරි කඩමලු පුරව ගෙන
අහස වෙත දුක කියන
අම්මාවරුන් අැත ඵ තැන
කවි අංකුරකි ඵය මිතුර

නො තකමි

නිදිබර ම මොහොතෙත්
අැස්වලට අවැසි
අවදි වී ඉන්න නම්
රාත්‍රිය මැදින් ගෙවෙන
හෝරාවන් ගැන
නො තකමි මම කිසි විට

අැහිපියන් වෙත ඵන්න

උදෑසනින්
අවදි විය යුතු
බැවින්

ගන අඳුර
ඉතින්
අැහිපියන් වෙත
ඵන්න

රොන්මඩ බැඳුණ තැන්

බටහිර අහසට
ඵ සඳ ඵසේ
පෑයුවේ අැයි දැයි
හරියට ම නො දනිමි

ගන අඳුරෙ ම අැවිත්
අරගෙන ගිය සතුට
රොන්මඩ බැඳුණ
තැන්වල තව ම
මම විමසමි

ජීවිතේ අපමණ
දුක්ගැහැට උහුලන
අැස්වලින් වෑස්සෙන
කඳුළුවල බර දන්න
නුඹ ම උරණ වුණ
ඵක ය මට දුක

ඉතින් පාන්දරක්
ගැන සිහින දකින
අවතැන් සිතකි
අද උරුම මට

අදත් ඵහෙම යි අාදරෙයි ඵ් වගෙ ම

අර අතැන උයන පෙම්වතුන් ඉසිඹුලන
මතක ද ඵ තැන ඉස්සරත් ඔහොම ය
විමලෙ මාමගෙ පොඩි වඩෙ කඩය යට
අායේ දවසක යළි මුණගැහේවි ද අපි

කටගැහෙන සම්බල මැදට දාලා දෙන
මතක ද ඔයා කැමති ම උළුඳු වඩයට
දැවිල්ලෙ ම කට පිච්චෙද්දි අපි ඵකට
බෙදා ගෙන බොන කහට ප්ලේන්ටිය

බාගදා සෙනඟ ඉතිරෙන සතිඅන්තවල
මතක ද ඉඩක් නැති වෙනවා ඉන්නට
මා ව අැද ගෙන අනේ අපි යමු අෑතට
කියද්දිත් ඔයා මං අාස වුණෙ උයනට

අදත් හවසක ඔයා නැති මුත් උයනට
පාළු දවසක වුණත් තනියම ඵහි ඵමි
පුරුද්දට වගෙ වඩෙ කඩයට යන විට
විමලෙ මාමත් අහන්නෙ ම ඔයා ගැන

අම්මා අප්පච්චි මගබලන් අැති හින්දා
ඔයා යන්නට අහද්දිත් ඵක හවසක
උයන ගහකොළ හඬා ගෙන වැටුණා
අදත් ඵහෙම යි අාදරෙයි ඵ් වගෙ ම

ගාන්ධර්වයා

බටනලාවකට හැකි ය
මොහොතකට
කඳුළු කැටි දිය කරන්නට

සියුම් දසැඟිලි රටාවට තියා
ඉසියුම් විවර අවහිර කරන
දෙතොල් අතරින් පෙරී ඵන
උණුසුම් සුසුම් බර දැනිණ

ඉතින්
විඩාබර අැසිල්ලක
හදවත් තැවුල් නිවාලන
ජීවක ඔබ ය

සිනා දෙන මුව ගෙන
මගීන් නංවා ගෙන යන
මගින් බසයට ගොඩ වුණ
මගියකු නො වන
මගියා ඔබ ය

සියුම්
ස්වර සුසර කළ
වස්දඬුව අාත්මය වුණ
ගාන්ධර්වයා ඔබ ය

සිනාසෙන අැස් ගෙන
කඳුළු නලියන අැස් යට
දස අැඟිලි දිග හැර
අාදරය පැතු
පන්සිළු ඔබ ය

නුරා බැල්ම

අඳුර පසුපස
ලුහුබඳින විට රැය
සඳට පුළුවනි
මුවා වන්නට තව

මෘදුව පිරිමැද
සිඹින කොට ළය
තරුව පිබිදිනි
නුරා බැල්මට ඔය

සරදම් නො කරමි

අායේ නො හැරෙමි
කඳු මුදුන් මත වුව
දෑස් දෙක වසා ගමි
වසන්තය ගැන
දුක් නො වෙමි
ඔබට අතීතයට
සරදම් නො කරමි
මම

ගුමු ගුමු ව

බඹර
ගුමු ගුමු ව
මැද

මල
කළෙ ම
සුවඳ
දෙන ඵක

නමක් පමණක්

ඉතා දිගු වන බැවින්
මේ කවිය නො ලියමි
අම්මා යැයි කෙටි කර
නමක් පමණක් තබමි

කඳුළු වගුරපු මදි ද

යාපනේ සුළි සුළඟ
අාදරය උදුර ගෙන
කඳුළු වගුරපු මදි ද

මද්දලය ඉකිබිඳින
දෙ පතුල් රිද්දවන
නර්තනය සුන්දරද

කෝවිලේ ඉදිරිපස
බැතිමතුන් නමදින
දෙවියන් කොහෙද

ඵක ම ඉර පුච්චද්දි
කළු පාට තවරන්න
ජූලිය ම ඕනෙ ම ද

ගඟකි මම වැවක් වුණ

රැයග විකසිත වන කඩුපුලක් සේ
සිතග ඔය වත මතු ව ඵ්
අැසග දිළිසෙන සිනා ළදැල්ලකි
ඵවිට මට නුඹ සොඳුරියේ

පවස නො නිවෙන ‍කල
සමුදුරකි නුඹ දුර 
මගක් දුර විත් හරස් කළ
ගඟකි මම වැවක් වුණ

දියවර මුදා කෙත්වතු කරා
අැදෙනු මිස
අැළෙනු නො හැකි ය
වෙරළ සේ

මතකය කථා කළ බැවින්

වදනකුදු ඔබ සමග දොඩමලු විය හැකි ව තිබුණි නම්
සමු ගන්න මොහොතකට හරි පෙරාතු ව බස් රියෙන්
කොතෙකුත් මගීන් මග තොට දී මුණගැහෙන නමුත්
මුවින් ගොළු ඔබ මතකය කථා කළ බැවින් හදවතින්

අහම්බෙන් හෝ

ඉකුත් රැය සඳ වෙත
තිළිණ කළ සෙනෙහස
යළිත් මතු දින පුදනු
හැකි වෙ ද පුරුදු ලෙස

පෙළක් විට හවසක
අවන්හලක දී අායෙ ම
අහම්බෙන් හෝ අපි
මුණ ගැහේවි ද මිහිරිය

එ වන් මොහොතක
වදන් නො දොඩා වුව
සඳ දිහා එබෙන්නට
ඉඩක් දෙනව ද අහස

රැයක් විය ඉතා දිගු
මතකයෙන් අැවිද යන
නුඹත් එක්ක ම සඳ
හදක් වුව ද මිලින විය

ඉතින් කලුවර හැර
වෙනත් පැහැයක් නැත
දෑස් දෙක හඳුනන
දන්නවද අමාවක ගැන

මැණික්

මැණික් වටී
නිතර
හමු නො වන
බැවින්

ලයිට් කණුවක්

නාඳුනන මාවතක
අඳුරෙ අැවිදින
දනන් අැස්
එළිය කර
නිහඬ ව සිටියා

හිතක් නැති
ලයිට් කණුවක්

සිරියාව කොහි ද පුතුනි

රණබිමක් වෙත
සිය පිරිස් යවන
පුළිඟුවක් අැත
ලොව පුරා පැසෙන

ධර්මයක් ගොත
මරණයක් පතන
ක්ෂමාවක් නැත
ස්මරණයක් පමණ

රතු පළස් මත
ජය ධජ බඳින
නො මිනිස් සත
රුධිරය ම යදින

සිරියාව නැත
උණු කඳුළු උනන
මවක උසුළත
පයෝධර යුග හඬන

ක්ෂේම භූමිය

මතකයෙන් යන
නවාතැනක් අැත
ක්ෂේම භූමියක් බඳු

අතීත සුන්දරත්වයන් ද
අනාගත අාරම්මණය ද
මේ දැන් වර්තමානය ද

එකවර එක් ව හුස්ම උපදන
ප්‍රාණවායුව අැත්තේ එතැන

කාන්තාරයක වුව
මිරිඟුවක් යනු
විසල් ප්‍රේමය ම ය

නිදිකුම්භ

අතු හැකිළෙද්දිත්
නිදිකුම්භ මල හිටියෙ
හිටි ලෙස ය

ළපටි ගොයම් පැළ

මේ ඍතුවට පසු
ගිම්හානයට අවැසි ලෙස
වැසි නො එන්නේ දැ යි
ළපටි ගොයම් පැළයක්
අහනවා අහගෙන මම
මව්පැළය වෙත නැවී
කිරිසුවඳ කට අැද කොට

මව්පැළය මදක් නිහඬ ව සිට
සිය පුතුට අාදරෙන්
කියා දෙනවා එතකොට
වැසි නැති කාලෙදිත්
ඉන්න හැටි ඉවසිලි ව
ගිමන නිවනට හැකි
ගිම්හානය නිමා වන තුරු

මලක් වුව ලස්සන කැත ම වෙන හැටි

සුළං පොදකට
අාදරය කළ
රැගෙන යන්නට
වෙළී ඉඩ හළ
වරා කුසුමකි නුඹ

නටු අගින් මිදී
එන දවසෙ හරියට
මල හැඬුව ඉකි බිඳ
හැර යන්න බැරි බව
කියා අත්තක් බදා ගෙන

මහා තුරු හිස් යුවළ
කුඩා කල සිට ළඟ හිඳ
දමා යන දවසට
මලක් වුව ලස්සන
කැත ම වෙන හැටි

සුළං පොද නවතින
ගිමන් පළ නතර ව
සදාකල් රැඳෙනු අැත
වරා මල එහි පතිනි ව
එතැන් සිට තව ගසකි
මලක් තව මලකට
උපත දෙන

රාක්කය

පොත් තියෙන්නෙ
සල්පිල්වල
විකිණෙන්න
අන්තිමට
රාක්කයක
ගාල් වෙන්න

මඟහැරෙන්නට ඉඩ තිබුණා

තරු පුංචියට
නො පෙනෙන්න
සඳ පවා
මඟහැරෙන්නට
ඉඩ තිබුණා

ඔරලෝසු කටු

මට කියන්න සොඳුරිය
ප්‍රේමයේ සිහිවටන ගැන
පුංචි හෝ ඉඟියක්
නුඹට නො දැනේ ද
ඉඳහිට හරි

මතක විදිහට
පිළිවෙළක් නැතුවට
පැරණි අා ගිය තැන්
අමතක ව ගිය
නතර වුණ ‍තැන්
ඔරලෝසු කටු එක්ක
පැටලෙනවා දැන් දැන්

කාලය එතරම් ම
වේගෙන්
ගත වෙනවා
ඉපැරණි තැන් පවා
දුහුවිල්ලකින් වසා

දුකඳුළු හෝදා යන්න

වැහි වලාවකට
අත වනමි
අදත් මේ දුකඳුළු
හෝදා යන්න

කුමුදු මල

කවි අතර තරු අකුරු පටැලී
අද අමුතු රැයකි අහසේ
සඳ මඬල ළඟ සුවඳ තැවරූ
නුඹ කුමුදු මලකි මිහිරේ

වැහි කුමරු විත් ළඟදි සැරසී
අපමණ සරතැසකි නිව්වේ
හිරු එක්ක අමනාප නො වී
තුටු ගීත කොඳුරමු රහසේ

දුර යද්දි නුඹ මෙන් ම හැරදා
අාදරය වැඩි වුණා පමණි
ළං වෙද්දි සිහිනයකින් පවා
නෙතු පවා අැහැරිලා සැලුණා

රැයඅඳුර පෙම්කතාව

මන් කැමති අකැමති කතාවට
අැරඹුමක් පිළිවෙළක් නැතුවට
එය ගැටගසා කියන්නට නම්
මේ අකුරු හොඳටෝ ම මදි ය

මතකයේ අඩුවැඩිය පුරවන්න
විතරක් අැවිත් යන එන තරමට
අැය ගැන සඳහනක් වුව යම්
බිදුණු සිතකට දුරාවබෝධ ය

මළ දවසකට මල් පෙති පහ
සුවඳ විතරක් ශේෂපත කොට
එවන් වු නටුවකට තව නම්
හිතක් නැති බවයක් ඉතිරි ය

තරු පිරෙන හැටියට රැයට
හිත නිවන කවියක් හැරුණ ම
සඳ කිරණ මිස සසැඳිය හැකි
ගනඳුර මුදන කිසිවක් නැති ය

පුරුදු වුණු පසු තනිකමට
රැයඅඳුර පෙම්කතාවකි එවිට
කණාමැදිරියකුගෙ එළිය වුව
තැවුල් දෙන නිමිත්තක් ම ය

සිසිලස

සඳ නම් දැන්
මහා වදයකි
ඔබේ සිසිලස
සොරා ගත් පසු

හුරුපුරුදු සිනහව

ඔබ එනව නම්
හුරුපුරුදු සිනහව
රැගෙන එන්න

නැතිනම්
නෑවිත් ඉන්න

විඛණ්ඩනය

විඛණ්ඩනය වනු නියා විකර්ණය වූ නිසා
අවසන ඛණ්ඩනය විය අපූරුවට හෘදය ම

අම්මා කෙනෙකු හැර යාම

කට්ට කළුවර අහසක සිට
පහන් එළි ඉල්ල ගෙන අා දා
නුඹ යි නෙත්මල පිබිදුවේ
පෙර දින
අනේ!
අම්මා කෙනෙකු හැර යාම
දරුවෙකුට කළ හැකි ද කොහොම

වසත් ඍතුවක යළි නේන
හැඟුම් විරහි‍ත විලස
දැන දැන ම
සමු දිය යුතු බව දිනක
අම්මේ, අැයි ද බිහි කළේ
එක ම කුසයක් පළා ගත්
සහෝදර හදවත් මේ සා

බත් මුල් එකින් එක ලිහපු
බත් ගුලි මුවින් මුව තබමු
එකට කලියෙන් එක ම මේසෙක
වාඩි වුණ හැටි තරගයට
මතක් වී නො කාවී
බත් කට හෙට
කොහේ හෝ හිර වී අැත
නුඹලා

වරින්වර ගිය ගමන් කොහේ හෝ
යළිත් යන වරක වෙන උන් හා
පටැලිලා දෙපා අැද වැටේවි මතුදා
මතක් වී දොඩමලුව පෙර මා හා

හවස් වරුවල තේ බඳුන් හිස් කර
නවාතැන වෙත යන්න අදිමදි කළ
දවස් ගැන හිතන එක නම් හෙට
පුරුද්දක් වනු අැත සහතික ව මට

නොහොබිනා තෙපුල් මැද රතු වු
කොපුල් තල අැඳුණු ඉරි රැළි කළ
පෙළක් කවටකම් මතක් වූ විට
හෙටත් මට සිනහ යනු අැත

අවසන ඉතුරු කර ගත් අාදරබර
මහ හුඟක් රිදුම් දෙන තැන්වල
පරිස්සමට ගෙන පින්තූර ටික
එකින් එක අලවමි ලස්සනට

වයලීනය

සියුම් ලෙස පිරිමැදිය හැකි
උරහිසට තදින් බර වුණ
වයලීනය නුඹ ය

නිසසල සිත

කින්නර කතාවක
නුඹ ය කිඳුරිය
මම ය කිඳුරා

සිහසුනක මැද රජබිසවක ලෙස
නොදුටුවෙමි ඔබ කිසි කල

පුදසුනක පර වන මලක් ම ය
දුටුවෙ ඔබ තුළ හැම විට

පුදසුනක් යනු
පරිසමාප්ත අර්ථයෙන් ම
නිසසල සිතකි

මහලු දොරටුව

මහලු දොරටුව බලන් අැති
හැර ගියවුන් යළි එන තුරු
දෑස් දෙක විවර කර ගෙන

ගල්පවුරු බඳු වුව තෙල්බැමි
මතු දවස අහන්නට නැති
පුරුදු හඬවල් සොයාවි අවට

කහපාට මේසය වට කර
වාඩි වී ගත් අසුන් හතර එකවර
අසාවි කොහේ දැයි 'අද බත් මුල'

කසගස්‍ සෙවන යට තණපලස
බලා හිඳිනු අැත සිපගන්න
පාදූවිල්ල අප එක් ව අවුස්සන

එක පෙළට හිටගත් ගස් පෙළ
මල් වඩාගෙන කැමැත්තෙන් අැති
හෙටත් පින්තූරයක පසුබිමට ඉන්න

අැය නම් මැදහත් ව හැමදාම
බලා වැළපී සැනසෙනු අැත
සිව්වස් පිරී නික්මෙන දරුකැල දෙස

ඉරුණු එක තැන

වැසි දිනක ගෙනයන්න
නුඹ තෑගි කළ කුඩයෙ
ඉරුණු එක තැනකි

අහස කලු වන හැටි
පෙනුණෙ එතැනනි

පහන් දැල්ල

හැකි තරම්
අාලෝකය ලබා දී
පහන් දැල්ලකට
පුළුවනි
නිවී යන්නට

ව්‍යාජ අැතු

දළදාව රඳවා
මාළිගයේ සුරැකි ව
කරඬුව ගත් අැතු
ව්‍යාජ ව වඩී
සැදැහැතුන් මැද

ටවුන් එක

තාර පාරෙන් ටිකක් අෑත් වෙන්න
ගුරු පාරේ වංගුවෙන් හැරෙන්න
මට ඔන තනි වෙන්න
කොළ පාට ගහක් යට
සේපාලිකා මල් වැටෙන

මේ ටවුන් එක
එ්ක මහ බොරුවක්
අපි අපිව ම රවට්ටගන්න

ගමට යන ගුරු පාරට
තාර දාන එකට
පළාත් සභාවෙන්
සල්ලි පාස් වෙලා
ගිය වාරේ!

ඉටි බින්දු

පස් ගොඩක් මැද
දැල්වෙන ඉටිපන්දමකි
එය නිවී යන තෙක්
අැදහැළෙන
ඉටි බින්දු

සොඳුරු

වසන්තය කෙතරම් සොඳුරු ද
ඔබ අැවිත් නවාතැන් ගත් කල

ගඟේ අැරඹුම

ඉවුරු යා කළ
පාලම නිසා
ගඟ
දෙකඩ වන බව
දැන නො සිටියෙමි

එහෙත් පැවසිය
යුතු ය
ගඟේ අැරඹුම
එක ම
උල්පතක් බව

සඳතරු දොඩමලු

රාත්‍රිය පවා
විරාමයක්
නො ඉල්ලයි
සඳතරු දොඩමලු
නවතනු නො රිසින්

බිඳුණු පාලම

මේ රැය
ඉතා දිගු බව
දනිමි

බිඳුණු පාලම
යටින් අද
එ් සොඳුරු ගඟ
ගලා බසී...

දෙපස වූ ඉවුරු
බදා වැළපෙමින්

එක මලක්

දම් රළ
රුදු වෙසින් විත්
ගසා ගිය
අතීතය මතක ද
එවන් දින
දස අතින් විත්
හමා අාවා
සුළං අහුරක් ලෙස
මිනිස්කම යැයි
නම් වූ දෙය

සුසුම් ලන
දනන් මැද අද
ගැටි ගැටී
වැළපෙමි මම
සහස් පත්
මිතු දමින් ලත්
සකස් කර
එක මලක් ලෙස
අාදරය නම් වු
නටුව මැදි කර