Thursday, September 3, 2015

නො මළ ගෙපල

ඉයෝනා
අබැටයක් නැතත්
නො මළ ගෙපලක

වැළපෙන්න
නුඹට අැති තරම්
මළ පුතුන් හොවා

කිසාගෝතමී
අැය නම්
බුදුන් අබියස
නිවන් දුටුවා

විහඟ ගීය

විහඟ ගීයකි උදෑසනක කනවැකුණ
කුරුලු යුවළක පිළිසඳර දුටිමි මම
පෙර මගට ඉගිල විත් මව් කිරිල්ලිය
හිමිසඳ බදා පිළිගෙන දුක කියා හිඳියි

පෙර දිනයේ මහ රැයේ අැද වැටිණ
මහ වැස්ස පුපුර පුපුරා අකුණු සැර
කූඩුවේ අඩමාන තැන් කඩා ගෙන
ගසා ගෙන ගිය වග නපුරු සුළඟට

පුංචි උන් හංග ගත්තා තටුව යට
තෙමී තෙමී බලං හිටියා අඳුරෙ ම
දැනුයි පණ අාවෙ ඔයා දැක්ක ම
අැගේ බස් බිඳුණු හඬකින් අැසිණ

දෙන්නා බඩගින්නෙ ම නිදාගත්තා
මුකුත් නෑ තිබ්බෙ ඊයේ රෑ දෙන්න
අැහැරේවි තව ටිකකින් කෑම ඉල්ලා
අා මෙන්න ඔයා තව කටක් කන්න

දුක සැප දෙක මැදින් අැදී අැදී ගලන
ජීවිතය බෙදා ගෙන අාදරෙන් ළං ව
හැමදාම ඔයා ඵක්ක සවියක් වී ඉන්න
අෑ කියනවා කුරුලු හද උණු වෙද්දි

වීතරාගී නෙතින්

වීතරාගී නෙතින් ළං වී
ජීවිතේ පරමාදරය තවර
පියුම් වන් උතුම් පතිනි

දූලිපට නෙතු දෑල පටැලී
සාගරේ සන්තාප ළං කර
සියුම් තැන් රිදුම් දෙන්නී

හඳපාන නිවි රැයක සදිසි
අාදරේ සංකාව හිමි කර
සුසුම් දැන් අැයි ද නැවතී

උපැස් යුවළ

හතරැස් කළු රාමුවෙන්
උපැස් යුවළට යටින්
අැඳිණි හිනාවක් හීන්
පුරා අැගේ මීනනුවන්

ඵ් දෙස ම බලා උන්
මා දුටුව අෑ සැනෙන්
පියා ගත්තා දෙනුවන්
මා මගහරිනු රිසියෙන්

අැසිල්ලක් ගත වුයෙන්
නෙතු විදා අෑ රහසෙන්
මා සිටී දැයි සොයමින්
යළි බැලීය හොරැහින්

අතරමං වී අප නුවන්
ඵදා වෙලුණා අාලෙන්
උපැස් යුවළට යටින්
ජීවිතය තිබුණා ඉතිකින්

නිහඬ වෙමි මම

හැඟුම් වදනකුදු
පෙරළන්න බැරි තැන
නිහඬ වෙමි මම

නාඳුනන උන්

ඉතින් අපි හමුවෙමු
තවත් ඵක වසන්තෙක
යළිත් අපි වෙන්වෙමු
නාඳුනන උන් ලෙස

ඉතින් අපි ළංවෙමු
හැඟුම් අැහැරන වෙලාවක
දෙතොල් සිප සමුගමු
මාවතක කෙළවර

ඉතින් අපි හිනැහෙමු
සුසුම් සසලන විරාමෙක
දෙනෙ‍ත් මගහැර යමු
මාවතක හමුවන

ජීවිතේ අරමුණ

ඔබ අැවිත් ඉන්න
වසත් කල හැන්දෑවක
කවක් තියෙනවා ඔබට කියන්නට
වචනවලින් ගලපනු නො හැකි ව

හෙමින් සැරේ පියවර තබමින්
අෑතක හිඳ ඔබ ඵනවා
මනසින් හෝ අදහමි තවමත්
හැබැහින් අප ඵක්වන දිනයක්

නුවන් පියේ නිදිමත සොයමින්
හීනෙක මැද ඔබ දුටුවා
අාදරය මෙය නම් සොඳුරිය
ජීවිතේ අරමුණ ද ඵය ම ද

හදවතත් අද සුසානෙකි

සොහොන් පළ තනි වෙමි
කවුරුත් ම ගිය පසු
නුඹ සමග මම

තැනින් තැන ඉදිමුණු පස් කඳු ය
පෙළක් තැන් කුරුස ඔසව ගෙන
සුවිසල් කොත් මත
ග්රැනයිට් නාම පුවරු ය

පරවෙලා හැලුණ අරලියා මල් ය
මදක් දැල්වී නිවුණු ඉටිපන්දම් ය
හුදෙකලා සුසානෙක
තනිවීම නම් බියකරු ය

ඉතින් නුඹ දමා යන්නට බැරි ය
අඳුරට ඉස්සරත් නුඹ හරි බය ය
නිදන්න මෙහි අැවිත්
හදවතත් අද සුසානෙකි

නිමිත්ත

සඳ තරම් නිමිත්තක්
කවියකුට නැති තරම්

කවි පොතක් ඵළිදැක්ක දවසක

කොළඹ සිමෙන්ති බංකුවක් උඩ
යකඩ කළු ලාම්පු කණුවක් යට
ඉර බහින කලබල හැන්දෑ වරුවක
මතක ද බන් අපි ගිමන් හැරියා
කවි පොතක් ඵළිදැක්ක දවසක

මහපොළොව බෙදන උන් ගැන
උතුර දකුණ යා කරන හැටි
කවියො සහ උන්ගෙ කවි ගැන
අන්තිමට අපේ ජීවිතය ගැන
මතක ද දොඩමලුව ඉවර වෙන කොට
අන්තිම බස් ඵකත් මිස් වුණා උඹට

කලිසම් සාක්කුවෙ අහුමුලුවල තිබ්බ
අන්තිම සතේට අැදලත් යන්තමට
සෑහුණේ බීර ටින් දෙකක ගාණ ය

ඉතින් ඉන්පසු උඹේ හදවත
කඩා වැටුණා මගේ ළය පාමුලට
මතක ද අැය ගැන අාදරෙන් උඹ කියද්දි
මගේ දෑසක මෝදු වුණ කඳුළු බින්ද
ඵහෙම්ම ම මට නින්ද ගිහින් තිබුණා

ඵදා මට අහන්නට බැරි වුණ
අායේ අපි මුණගැහෙන දිනය කවද ද
පිළිතුරක් පුළුවන් වෙලාවක ලියාපන් මට
තවත් හවසක හම්බ වෙමු අපි
බීර බඳුනක් හිස් කරන්නට

නුගිනුරා හැඟුම

හුදකලා සිහිනෙක
අතරමං වී මං ඉද්දි ම
නුඹ අැවිත් හෙමිහිට
හාදුවක් තිබ්බා කොපුලක

නුගිනුරා හැඟුමක
සන්තක ව තිබු හදවත
යළි ලැගුම් ලන්නට
ඕනෙමය කිව්වා රහසෙ ම

පුදසුන හැඩි වෙලා

ග්රැනයිට් පුවරු
අල්තාරයේ
අපේ පියසටහන්
මැකී ගොස් අැත
බැතිමතුන් නිතර
ඵහි යනෙන බැවින්

වැලිකැට විසිරි
බෝ මළුවේ
අපේ පියසටහන්
වැසී ගොස් අැත
බැතිමතුන් නිතර
ඵහි වඳින බැවින්

මේ අපි අත් අල්ලන්
හිටපු තැන්
සුදු මල් පර වෙලා
පුදසුන හැඩි වෙලා

අල්තාරයේ මහ සෙනග
බෝමළුවේ මහ සෙනග
අපට ඉඩ නැති ය අද
අාදරෙන් ළං වෙන්න

අල්තිනායි ඵනකන්

වසන්තය නෑවිදින්
ඉන්නෙ මග බලන්
අල්තිනායි ඵනකන්
අයිලමට අායෙදින්

කඩුපුල්

රාත්‍රියට
බඹරු අැවිදින්
තුඩින් මත්
රොන් උරති
පුදසුනක වුව
පිදිය හැකි
කඩුපුල්

උදෑසන
බඹරු මිනිසුන්
වෙසින් විත්
විසි කරති
කසල බඳුනට
පර ව ගිය
කඩුපුල්

ජීවිතය අරුමයක් ද

ජීවිතය අරුමයක් ද
මට කියන්න මිහිර

සරත් කල මුණගැහෙන
සරා සඳ වුව නුඹ
සදාකාලික නැති ද
අපේ මේ හමුවීම

ළපල් තුරු අගිස්සක
ලිහී යන මලකට
ප්‍රේමය කැප නැත්තේ
වරදක් ද එය එ තරම් ම

ඉතින් දැන් බිඳලන්න
නු‍ඹේ ඔය මුනිවත
අලුයමට කිට්ටු ව
වෙන් ව යා යුතු ය අපි

ජීවිතය අරුමයක් ද
මට කියන්න මිහිර

තාවකාලික නවාතැනක්

ඵක අතකට
ජීවිතය
තාවකාලික
නවාතැනක් යැයි
කියන බැවින්
අපි අද වෙන්වෙමු
තවත් දවසක
හමුවන්න පුළුවනි
අපට ඵතකොට

කුරුලු පිහාටුව

පාවෙන්න ඔබමොබ
මගේ හිත අරගෙන
කුරුලු පිහාටුවකට
ඉඩ දෙමි

උහුලන්න බැරි කල
වියරු වූ සීත ඍතුව
සඳ කිරණ කුටියට
කැඳවමි

සතපන්න නෙතු යුග
සොඳුරු රූ දැහැනක
මකරන්ද මල් ගොමු
පීරමි

තෙලිතුඩ

සිහින සිත්තර
නුඹේ තෙලිතුඩ
මතක නංවයි
රැයේ මඟ හිඳ

දුර යන්න

නෙතු අල්ලන හීන
හිත ඉල්ලන රෑක
නුඹ ඵක්ක ම තාම
දුර යන්න ය අාස

හිත අවදියෙන්

සඳ අවදියෙන්
‍තරු අවදියෙන්
ගනඳුර මැදින්
නුඹ ඵනු රිසින්
හිත අවදියෙන්

මුදු කුමුදු මල්
රතු සිනිදු තොල්
බිඳ සිතක සිල්
නුඹ ඵනු රිසින්
නෙතු අවදියෙන්

අාදරය හඳුනන දෙබස

සියොත් කැල ඉගිල අහසට
සිඳී ගිය තටු කැබැලි අැහිද ගෙන
අායෙමත් තුරු වියන් මත
අාදරෙන් ගී ගයනු අැත දිනයක

තවත් ඵක සොඳුරු හවසක
මල් දෙවැට මැද අැවිද යන්නට
අහිමි සිහිනය අෑතකට විසි කර
ඉඩ යදී කඳුළු බිඳ සිරගත කොට

සිරිත් ලෙස පහන් පැල යට
අාදරය හඳුනන දෙබසකට
කථා නො කර ම වුණත් තව
ඉන්න ඉඩ අැති ද මේ අහස යට

අමාවක අහස

දවසක් ඵ්වි සහතික ව ම
වලා පටල යට සැඟ ව උන්
සරා සඳ සේ නැගී අැවිත්
අමාවක අහස සුවපත් කරන

ඵ තෙක් මේ ගන අඳුර
නපුරු සීතල සුළඟ කැටි වූ
දරා ඉන්නම් නිදා නොනිදා
නෙතු දල්වනා තෙක් ඵළිය

නිහඬ ව ම විමසිය යුතු

ඉදිරියට යන්නට
මාවතක් නො වූයෙන්
සලකුණක් හෝ ඉතිරි වී
නැත ඔවුන් ගිය මග

අා මඟ ද අාපසු
හැරී යන්නට බැරි ය
සහතික ව පවසමි
ඵ් තරම් ඵය දුෂ්කර ය

මිත්‍රය අා ගමන ගැන
යන්න තව අැති දුර
නිනව්වක් තියෙනව ද
නුඹට පොඩියට හරි

දන්නා කිසිවකු හෝ
මේ දිහාවට ඵන තෙක්
ඵන්න අෑඳි ගෙන
කථා කරමු මුල සිට

කථා කොට පල නැති
නිහඬ ව ම විමසිය යුතු
මාවතක් නම් නුඹ කියන
මමත් ඵකඟ ය ඊට

සදාකාලික නො වූයෙන්

පැමිණි මග
වෙහෙසකර බව
දනිමි මම
හොඳාකාර ව
ඵහෙත් බෝ දුර
ඉදිරියට
යන්න තව අැත

කලක් නතර ව
හිටපු තැන
සදාකාලික
නො වූයෙන් යළි
ඵ වන් තැන්වල
නවාතැන් ගෙන
පළක් නැත

සරදම්

ප්‍රේමයේ
සොඳුරු සැමරුම්
නුඹ ගන්න

වියෝවේ
රුදුරු සරදම්
මට දෙන්න

සමුදුරක ගැඹුර

කිමිදෙන්න බැරි කල
සමුදුරක ගැඹුර ගැන
අදහසක් තියෙනව ද
සසර සැරිසරන තුරු

වෙරළ

ක්ෂිතිජයේ
හිරු ගිලෙන කල
ප්‍රේමයේ මුවදොරට
නුඹ ඵන්න

ගඟක් සේ අැවිත්
මේ වෙරළ
සිපගන්න

තනිකමට ඔසුව

සඳක සීතල
කඳුළු මීවිත
ඵකට කලැතුණ
රැයකි මේ ගනඳුරු

ඵන්න අවදි ව
සිහින අතහැර
මධුසඳේ මධුවිත
තනිකමට ඔසුවකි

අහිමි පෙමක මතක

අහිමි පෙමක මතක පවන හමා යනෙන
නගර කොනක පවා රුදුරු හැඟුම් රඳන
සිහින පෙළක තනිවු රැයක ගෙවා දමන
කඳුළු වැලක ලිහා නුහුරු පෙමක් පතන

නොනිමි රැයක සඳක සදිසි කලා පිරුන
මවෙත පැමිණ නුරා තැවරි බසින් අහන
මිතුරු කමක ළබැඳි අැසුර ඵහා යනෙන
විහඟ කවිය ලියා ගන්න ඉඩක් සොයන

බදුලු දුම්රියේ

සීත මීදුම් දුමාරයෙන් මිදී
අෑත සිට අැදෙන බදුලු දුම්රියේ
ශ්වේත දූල් සළුවෙන් වැසී
අෑ හිඳිනු දුටිමි මම පාපුවරුවේ

සෑම හවසකම අෑ ඵනු රිසි
වේලපහ කොටුව ස්ටේෂමේ
බාග දා කෝච්චිය පමා වී
නේවි යැයි හිත දෙගිඩියාවේ

පාළු සති මැද ජීවිතෙන් ගිලී
හීන මාළිගය යට සතිඅන්තයේ
ගිමන් හැර යන්නට ඉගිල්ලී
කිරිල්ලී ඵ්විය දුෂ්කර සේවයේ

නැවතුම් පළ

ජීවිතයේ එක නැවතුම් පළක
පහන් කන්දක් සේ නැගී
නුඹ ය කීවේ ළඟට වී දැවටී
ප්‍රේමය මුණගැහෙන බව

ඉතින් ඇදහුවෙමි නුඹේ බස
ජීවිතේ මාවත කියා දෙන
නැවතුම් පළක් පමණක් බව
දැනෙද්දි අතරමං විය මම

ඉතින් අතහැර යන්න නුඹ
අවසර ද සොඳුරිය මට
පහන් තරුවක් නිවෙස තුළ
නිදා නොනිදා හිඳි තව

හිත්කවුළුව

හිත්කවුළුව
හැර තියන්නම්
නුඹවත්
මේ ඉසව්වට
අැවිත් යනව නම්

කියාදෙනව ද මාවතක්

මගේ සිහිනෙත් ඔයා අරගෙන ගියා ම
රැයක් ඉතිරි ව තියේවි ද තව කියන්න
නෙතේ මතු වන කඳුළු බිඳුවක විඩාව
නිවා ගන්නට අලුයමක් මුණ ගැහේ ද

බලා ඉමි මම අැහැ අැරන් හෙට උදාව
හිතක් දල්වන නැවුම් ඵළියක් තියේ ද
අදහගන්නට බැරි ව ජීවිතේ මංමුලාව
කියාදෙනව ද මාවතක් මින් මිදෙන්න

කවිය වළලමි

උදේ මහ පාර අතුගාන පිරිමින් ගැන
රෑට මහ පාරේ විකිණෙන ගෑනු ගැන
මහන මැෂිමට ගෙවෙන කකුල් ගැන
ගල් කොරියෙ තැලෙන දෙඅත් ගැන

කවියෝ කවි ලියා අැති මුත් අපමණ
සසල වීමක් නැත මිනිස් හද ඵපමණ
ගොළුවෙමි පන්හිඳක් සේ තුඩ බිදුණ
ගිනි තබා කෑගසන කවිපොත පරණ

ලේ පිපාසිත උන් වෙසෙන මේ රට
තැත්කරන කල හැම බෙදී යන්නට
කවිය වළලමි මිනිස් මළකඳන් යට
නොදුටු ඉර නැගෙන තෙක් අහසට

ප්‍රේමයේ සටහන

අාදරේ සොඳුරු සැමරුම් රැගෙන නුඹ
අායෙමත් අැවිත් හිත අද්දරට
සිහිනයන් හැම අහුර ගෙන රැය පුරාවට
දඟ කරන හැටි බලා ඉමි මම

අතීතේ ඵක ඵකට පියමං කළ සැඳෑවක
කොපුල් තලයක තියූ හාදුව
කඳුළකින් වත් නො දී ඉඩ දී මැකෙන්නට
සදා රැක ගමි ප්‍රේමයේ සටහන

මීවිතේ දැවී දැවටී දෙතොල් මත සසලන
සුළං පහසක පවා නො අැලෙමි
වෙනෙකුගේ උණුහුමක් නොයැද කිසිදින
තියා ගමි නුඹේ සුවඳ මතකය

හමුවෙලා කුමට

අප
අපට අයිති
නැති කොට
ඔබ හමුවෙලා
කුමට
මට

අැසළ කළුවර

ලෙයින් තෙත් වී අැසළ කළුවරක
බෙදී ගිය වග ය මහ පොළොව
ඉතින් ඵක් වී අප සහෝදර වරුනි
හදා ගත යුතු ය සමගියෙ බලය

දමිළ සිංහළ මෙහි වෙසෙන හැම
සැබෑ මුස්ලිම් වරු ද අැතුළු ව
ඵකාවන් ඵක් ව ඉන්න බැරි කල
තුටු වෙති සතුරු අදිරද සියලු

අතීතයේ ඉඳන් අප හැමට උරුම
බස රැස සිරිත් ගුණ දම් සුරැක
අබිමන් ගෙන ඵන ඵකමුතු රටක
වෙසෙනු හැකි නම් සුන්දර ය

අම්මා

මුළු ලොවට ම ඵළිය දෙන්න
හිරු මඬලට දුක කියමින් අම්මා
නහර දිගට පණනල පිඹින්න
කුස ගින්නෙ ම ලේ කිරි නිව්වා

කලු අහස ම නපුරු වෙද්දී
තරු දෑසින් කඳුළු අරන් අම්මා
අවර ගිරට ඉරගල හැරෙද්දි
අඳුර මැදින් ගෙට පියමැන්නා

මත්වුණ ඉර කරකැවෙන්න
රෑ යනකම් අැස් අඩවන් අම්මා
සෙවනැලි යට හඳ බලන්න
හඳසාවි ද නිදි කුටියට ඵබුණා

කවියක්

අාදරේ ගැන සොඳුරු කවියක්
නුඹේ නෙතු තුළ තිබී දවසක්
හමු වුණා මුසු ව තව රහසක්
රැඳී අැති බව සංසාර හුරුවක්

සසර සැරිසරන මිනිසෙක්

දවසකට හරි මම සමනලකු වුණි නම්
මලක කෙමි සිඹ ඉගිල ඵන්නට තිබුණා
තටු දෙකක් අැති හෙයින් නො කිය ම

දවසකට හරි මම බඹර භව ලද නම්
සිනිදු තුඩ අැන ඉගිල ඵන්නට තිබුණා
රොන් ගුලක් අැති මලක් සොය සොය

ඵ්ත් සසර සැරිසරන මිනිසෙක් ම බැව්
සොඳුරු කුසුමක් මත්තේ මියැදෙනවා
අයිතියක් කිසි නැති බවත් දැන දැන

ගිමන් ඉම

ගිමන් ඉම නැවතුම ය
වසත් සඳ දල්වන්න
පෙළක් තැන් රිදුමින් ය
පුළුවන් ද සනසන්න

නිහඬ බුදු නෙත්

වැලි මළුව මත
වැටී තිබු බෝපත්
සාමනේර නමක
අමදිනා කල

බලාගෙන අැත
නිහඬ බුදු නෙත්
වීසි වන වැලිකැට
රටා මවන හැටි

යුවතිය

බස් රියට ඵපිටින්
බස් රියක් ඵන තෙක්
හිඳියි මඟ බලන්
යුවතියක් ම'සිත ගත්

නුහුරු සිනහව

බොහො ම ඉස්සර
පුරුදු මුහුණක්
මගහැරලා යන්නට
බැරි ම මොහොතක
නුහුරු සිනහවක්
මවාගෙන දෙන්න ම
කොහොම දැ යි අැහුවෙ
මම යි පළමු ව

හොඳැ යි අෑ කියා
අැසු පැණයෙන්
නිරුත්තර වුණා මං
ඵදා වාගෙ ම
කියාගන්නට මට
තිබ්බ නම් ඉඩක්
ඔයා නැති කොට
දුකින් බව මම

අර්ථයක්

අහම්බෙන් ලියවුණු කවියට
අර්ථයක් අවැසි ම ද විඳිනට
පපුවකින් ගිලිහුණ හුස්මකට
මාවතක් තියේවි ද යන්නට

අැනුම් පද

මදුරුවන් රංචුව
දුක්මුසු ව හිඳියි
වැසි තුරල් වූ යැයි
අැනුම් පද කියමින්

කම්මලේ පිහි තලන සිරිමල්

කම්මලේ පිහි තලන සිරිමල්
දහඅටක් වයස තළෙලු සමැති
අටේ පන්තියට ඉගෙන ගත්ත

කුරු කුරු ගගා බිම පහුරමින්
තනි නො තනියට ළඟ හිඳියි
ලැසී බලු කික්කි හීලැ වෙච්චි

මහ රෑක වැහි දා මහ හයියෙන්
පුපුරා පුපරා හෙණ හඬ දෙයි
ලැසී ද ගැහී ගැහී උඩු බුරද්දී

රතුවට ගිනි බෝලයක් ලෙසින්
කම්මලට හෙණයක් වදියි
සිරිමල් බිමට අැද වැටෙද්දී

කට්ට කළුවර අැඟ පිච්චෙමින්
අන්තිම පණත් ගිහින් ඉවරයි
ලැසී දුකින් පපුව ඉව කරද්දී

උපාධි ලෝගුව

උපාධි ලෝගුව
අැඳන් ඵනකන්
අම්මා ඉන්නව
බත් තම්බමින්

ළාහිරු

ගෙවී යන කාලය ගැන
තැකීමක් කිසි නැත
උදා වන ළාහිරු දෙස
අාදරෙන් බලා ඉමි

වෙහෙසකර අැසිපිය
අවදියෙන් තියා ගෙන
දුෂ්කර ම මොහොතක
සිහිනයන් හඹා යමි

හිත හැදු අම්මා

තන උරා කිරි බොද්දී
නැළෙව්වේ අම්මා ය
දණ ගගා අැවිදිද්දී
ළඟ උන්නේ අම්මා ය
දෙපයින් ම නැගිටිද්දී
අත දුන්නේ අම්මා ය
කවුරුත් ම රිදවද්දී
හිත හැදුවේ අම්මා ය
දුක සැප සම ව දකිද්දී
ඵය හුරු කළේ අම්මා ය

රැහැයියන්

රැහැයියන් පමණක් දොඩන
නිශාන්තය මනරම්
අෑතකින් සිට ගනඳුර නිවන
සඳක් ළඟ හිඳී නම්

සඳක් නම්

සඳක් නම්
රැඳිය යුතු වෙයි
ගන අඳුර
පහව යන තුරු

කුළුදුල් ප්‍රේමය

කුළුදුල් ප්‍රේමයක නිකැළල් මතකයක් වී
ගනඳුරට අෑතකින් සඳක් සේ නුඹ ඉන්න
විහඟකු වාගේ ම වස්සාන කාලයට යළි
හමුවන්න ළත වෙමි අන්සතු හිත ඵක්ක

හේමන්ත ඍතුව හෝ අහම්බෙන් හමු වී
ජීවිතයේ අරමුණු වියපත් ව ගිය දිනෙක
දොඩමලු අායේ ම ඉස්සර තාලයට ගැයු
අහගන්න බලන් ඉමි මහලු වු හිත සමග

සිහිනෙන් වත් මෙහි නෑවිදින් ඉන්නැද්දී
පාළුවක් ගැන මායිමක් නැති වග අැත්ත
මීදුමක් සේ නමුත් බොඳ වෙලා දුර යද්දී
සැනසුමක් නම් මුලාවක් දැන් හිත දන්න

අවපැහැ

ලී කඳක මෙන්
ජීවිතෙත් අවපැහැ
පෙළක් තැන්
වැලි කොළෙන් කපා
ඔප දැමිය හැකි නම්

අපරිමිත අාදරය

කිසිවකු වේ ද
අාදරය මෙය යැයි
වදනකුදු නො දොඩා
අපරිමිත ලෙස ඵය
හදවතට දනවන
අම්මා ම මිසක

අයිලය

දුයිෂෙන්
නාව නම්
අයිලයට

අල්තිනායි
නූගත් තාම