Monday, October 7, 2013

අබිසරු අඟන

කම්තුරු පහසෙන්
නිරුවත් කල්බඳ
රිද්මෙන් සැලෙනු පෙනේ
උඩුකුරු කළ වත
දාහෙන් පෙඟෙනු පෙනේ

නිසසුරු දෙතොලෙන්
පියොවුරු තිසරුන්
පින්නෙන් තෙමෙනු පෙනේ
අබිසරු අඟනුන්
රාගෙන් රඟනු පෙනේ

පිවිතුරු ලිහමින්
විසිතුරු රුසිරුන්
තැල්ලෙන් මිදෙනු පෙනේ
නිසයුරු රහසින්
අහසෙන් බසිනු පෙනේ

6 comments:

  1. ලස්සනයි. සමාජයේ තවත් උප සංසකෘතියක්.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔව් එක්තරා දුරකට උප සංස්කෘතියක් කියන්න පුළුවන්. හැබැයි අපි ජීවත් වෙන සංස්කෘතියට ම අයිති.

      Delete
  2. සුලභ මාතෘකාවක් වෙනස් ශෛලීයකින් ලියැවුනු අපූරු නිර්මාණයක් !

    ReplyDelete
    Replies
    1. ‍බොහො ම ස්තුතියි කමෙන්ටුවට. ඔව් පළවෙනි කවියේ රිද්මයට ම වචන පෙළගස්වන්න උත්සාහ කරපු නිසා වෙන්න ඇති අපූර්වත්වයක් එකතු වුනේ.

      Delete
  3. ///නිසසුරු දෙතොලෙන්
    පියොවුරු තිසරුන්
    පින්නෙන් තෙමෙනු පෙනේ
    අබිසරු අඟනුන්
    රාගෙන් රඟනු පෙනේ/////

    මෙතන රාගෙන් "රඟනු" පෙනේ කියන එකේ "රඟනු" හොඳ අර්ථයක් ගේනවා ඔබේ නිර්මාණයට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කිරීමට

      Delete