Friday, May 30, 2014

මගියකු

මම
ගැඹුරු කල්පනාවකට
වැටී සිටියෙමි
බස්රියේ කවුළුවෙන් එපිට
දෑස තියා ගෙන
එක්වන ම
ගොරහැඬි කටහඬක්
සවන්පත් මත වැටිණ
දෑස කවුළුවෙන්
මෙපිටට ගෙන

ඔහු ගයයි
ඔහුගේ ජීවන ගීතය
ළයේ ගැස්ම
බෙර හම මත
පතිත කොට
ඔහු සිටියි
ඔහුගේ ජීවන අසුනෙ
බස්රියේ
එන්ජිමට බර වී
ඔහු නිමා කරයි
ඔහුගේ ජීවන ගීතය
කාසි කොළවල
හඬට කන් දී

මම නැවතත්
බස්රියෙන් එපිටට
දෑස විසි කළෙමි

2 comments:

  1. සල්ලි දෙන්න වෙනවට...

    ReplyDelete
    Replies
    1. නැහැ. සල්ලි නැති නිසා.

      Delete