Friday, June 6, 2014

සරා සඳ

සරා සඳ අද
නෑවිදින් අහසට
නුරා නෙතු යුග
අවදියෙන් හිටියට

පෙරා සඳ දිය
උණුහුමින් සුසුමට
ගෙවී ගිය යුග
නංවමින් සිහියට

දරා ගෙන දුක
තනිකමින් හෙමිහිට
පියා ගමි නෙතු
ඉඩදෙමින් කඳුළට

2 comments:

  1. ලස්සනයි.. :)

    නිවා දොම්නස
    ඉඩනොදී කදුලට..
    බලන් නෙතු හැර
    යලි නැගෙයි සදවත ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා, අගය කිරීමට වගෙ ම පිළිතුරු කවියට. ඔව්... තවමත් මම අවදියෙන්...

      Delete