Tuesday, August 19, 2014

ආදර දෙවොන්දොරා

හ්ම්...
මටත් දැනෙනවා
මළවුන් අතරේ වුණත්
අපි තව ම හුස්ම ගන්නවා

ඒත්
වසන්තය අරන්
නුඹ ආවේ නැහැ තවත්
කමක් නැහැ
මං බලං ඉන්නං හෙටත්

හැම සීත කාලෙක ම
සකුරා මල් පිපෙනවා
හැම තැන
ඒත් එක්ක ම
ටික දොහකින්
පරවෙලා යනවා
සුවඳ පමණක් ශේෂ කර

මතක ද නුඹ
එක ම එක දවසක්
මගේ අතින් බදා ගත්තා
එ වෙලාවෙ ඝන වුණ
ලේ කැටියක් තවමත්
පපුවේ එක කොනක
ඇදුම් දෙමින් තියෙනවා

මේ...
ඇහෙනව ද
දෙවොන්දොරා
නුඹට නො දැනෙන්න
මළවුනුත් හුස්ම ගන්නවා

2 comments:

  1. මලවුන් හුස්ම ගන්නවා නම් ඇයි වල දමන්නෙ පුච්චලාම දමන එක තමයි හොද..නැත්තං අපිට පවු සිද්ද වෙනවා ...

    ReplyDelete
    Replies
    1. හැමෝ ම මළ එවුන් කොට කවු ද පුච්චන්නෙ...

      Delete