අන් සතු සිතක දැවටෙන විට
දැනේ නම් නුඹ නිවැරදි වග
නුඹ ම නුඹට රැවටුණු බව
පමා වී හෝ දැනෙනු අැත
මනමාල කම් කෝලකම් මැද
එපා අනුරාග හැඟුම් දෙන්න
මියෙන්නෙ නුඹ වැනි ම කතක්
තව ද අැගෙ අහිංසක අාදරය
පිරිමියකු වෙත අැළලීම
වරදක් නොවේ ළබැඳිය
එහෙත් ඔහු නමින් වූ සඳ
කළුවර වනවා දුටුවා ද එවිට
දුරක සිට බලන උන්
නොකියා ම ඉදිරියට විත්
පව්කාර යැයි ඔබ දෙපළ
මල් නොපළඳා ගල් ගසනු අැත
අැත්ත සමහරක් තැන්වල
අප පමා වන්නට අැත
රිදුණ හදවත පිරිමදිනු රිසි
අවැසි අැත කෙනෙකු ඔහු වැනි
එහෙත් ඔහු නොවේ ඔහු
එවිට ඔබ නොවේ ඔබ
ගැහැනියක පරසතු මලකි
අැයට හිමි පුදසුනක පිදෙනු නිසි
No comments:
Post a Comment