මහලු දොරටුව බලන් අැති
හැර ගියවුන් යළි එන තුරු
දෑස් දෙක විවර කර ගෙන
ගල්පවුරු බඳු වුව තෙල්බැමි
මතු දවස අහන්නට නැති
පුරුදු හඬවල් සොයාවි අවට
කහපාට මේසය වට කර
වාඩි වී ගත් අසුන් හතර එකවර
අසාවි කොහේ දැයි 'අද බත් මුල'
කසගස් සෙවන යට තණපලස
බලා හිඳිනු අැත සිපගන්න
පාදූවිල්ල අප එක් ව අවුස්සන
එක පෙළට හිටගත් ගස් පෙළ
මල් වඩාගෙන කැමැත්තෙන් අැති
හෙටත් පින්තූරයක පසුබිමට ඉන්න
අැය නම් මැදහත් ව හැමදාම
බලා වැළපී සැනසෙනු අැත
සිව්වස් පිරී නික්මෙන දරුකැල දෙස
No comments:
Post a Comment