ඉස්සර දවස් එහෙම ම යි
අැත්තට ම මගහැරෙන එක
මතකයෙ දි මුණගැහෙන එක
දැන් හුරුපුරුදු වෙමු
කාලය වෙනස් ගොඩක් ම
ළඟින් හිටියදි වගෙ නෙවෙ
දුරින් ඉද්දි අපි ව දැනෙන එක
ඉතින් දුක් නොවෙමු
ජීවිතය හිස් බව ඉඳුරා ම
පසක් වන දින කවදාක හෝ
අපට අප මුණගැසෙනු අැත
එතැන මම නොවෙමි
No comments:
Post a Comment