ප්‍රේමයේ
විඩාබර තැනක
දෙතොලතර
පිනි බිඳක් වනු මැන
උණුහුම් ව
ළයෙන් මතු ව එන
නිශාන්තය පවා
ගෙවී යන තුරු
නොසැලෙන නෙතු
අසල රැඳෙන
සහන් සුවය දෙන
පහන් එළිය වනු මැන
එපමණකි අවැසි
වෙහෙස නොදැනෙයි
එවිට එපමණ
සතු ව අැති ඔය
ළය මඬල මත
අාදර දොඩමලු මැද
ඉසිඹුලනු වස් රැඳෙනු මැන
සත්තයි හදවත පුරා
වස්දඬු හඬින් මා නිවී යයි
No comments:
Post a Comment