වෙන්දේසි වත්තක උපන්
මහ ඵවුන් අතැර පළා විත්
නුඹ ඵක්ක පැලක් අටව ගත්
නූගත් ගෑනි මම
සර්වපිත්තල ලෝක ධාතුව
රතු තීන්ත පෑනකින් හැමදාම
අාරෝවට කුරුටු ගාමින්
කථා අැන්ද සිත්තරා නුඹ
වැහි බිංදු වහලෙන්
හීනියට රූරලා වැටෙන
හීතලම මොහොතෙත්
නිමා නූන සිත්තම ඵය
කටකාර දෙතොල් උඩ
හීන නින්දට යන තෙක්
හූමිටි දෙමින් දවසෙ ම
ළඟ උන්න ඵදත් මම
වටල ලා ගේ වට
පැන යන්න බැරි තැන
ගෙට විත් තුවක්කුවෙ
කොකා ගස්සපු හදිස්සිය
No comments:
Post a Comment