බටනලාවකට හැකි ය
මොහොතකට
කඳුළු කැටි දිය කරන්නට
සියුම් දසැඟිලි රටාවට තියා
ඉසියුම් විවර අවහිර කරන
දෙතොල් අතරින් පෙරී ඵන
උණුසුම් සුසුම් බර දැනිණ
ඉතින්
විඩාබර අැසිල්ලක
හදවත් තැවුල් නිවාලන
ජීවක ඔබ ය
සිනා දෙන මුව ගෙන
මගීන් නංවා ගෙන යන
මගින් බසයට ගොඩ වුණ
මගියකු නො වන
මගියා ඔබ ය
සියුම්
ස්වර සුසර කළ
වස්දඬුව අාත්මය වුණ
ගාන්ධර්වයා ඔබ ය
සිනාසෙන අැස් ගෙන
කඳුළු නලියන අැස් යට
දස අැඟිලි දිග හැර
අාදරය පැතු
පන්සිළු ඔබ ය
No comments:
Post a Comment