Tuesday, November 21, 2017
ටවුන් එක
තාර පාරෙන් ටිකක් අෑත් වෙන්න
ගුරු පාරේ වංගුවෙන් හැරෙන්න
මට ඔන තනි වෙන්න
කොළ පාට ගහක් යට
සේපාලිකා මල් වැටෙන
මේ ටවුන් එක
එ්ක මහ බොරුවක්
අපි අපිව ම රවට්ටගන්න
ගමට යන ගුරු පාරට
තාර දාන එකට
පළාත් සභාවෙන්
සල්ලි පාස් වෙලා
ගිය වාරේ!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment