සුළං පොදකට
අාදරය කළ
රැගෙන යන්නට
වෙළී ඉඩ හළ
වරා කුසුමකි නුඹ
නටු අගින් මිදී
එන දවසෙ හරියට
මල හැඬුව ඉකි බිඳ
හැර යන්න බැරි බව
කියා අත්තක් බදා ගෙන
මහා තුරු හිස් යුවළ
කුඩා කල සිට ළඟ හිඳ
දමා යන දවසට
මලක් වුව ලස්සන
කැත ම වෙන හැටි
සුළං පොද නවතින
ගිමන් පළ නතර ව
සදාකල් රැඳෙනු අැත
වරා මල එහි පතිනි ව
එතැන් සිට තව ගසකි
මලක් තව මලකට
උපත දෙන
No comments:
Post a Comment